Quantcast
Channel: සිංහල – Colombo Telegraph
Viewing all 2981 articles
Browse latest View live

කකුලෙන් ඇදීම  හා වෙට්ටු දැමීමේ ක්‍රීඩාව

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ සමාජයට අලුත් තත්වයන් හෝ අලුත් දේ දැරීමට හා ඉවසීමට ඇති හැකියාව අවමය. එය ආර්ථික සමාජ හා දේශපාලන අංශ වලට මෙන්ම ක්‍රීඩාව  කලාව වැනි දෑටද ඉතා අදාලය. විශේෂයෙන් පසු ගිය දින යොවුන් ඔලිම්පික් තරගයේදී රන් පදක්කම දිනු පාරමී ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හිටපු ප්‍රවීණ ක්‍රීඩිකා සුසන්තිකා ජයසින්හගේ හැගීම් ප්‍රකාශනය එයට හොදම උදාහරණයකි. එය  ඇයට පමණක් උරුම වූ ලක්ෂණයක් නොව සමාජයක් හැටියට අප මුහුණ දෙමින් සිටින සහජ ලක්ෂණ වල පිලිඹිබුවකි. ආණ්ඩුව යනු සියල්ලට ඉහලින් ඇති බල අධිකාරියයි. ජනතාවගේ  හා රාජ්‍යයේ සවාධිපත්‍ය හිමි ආයතනය ආණ්ඩුව වේ. නමුත් ලංකාව වැනි රටක ආණ්ඩුකරණය ඉතා අපහසු කටයුත්තක් බවට පත්ව ඇත්තේ සමාජය සතු මෙම සහජ ආකල්පමය ලක්ෂණ නිසාවෙනි.

උදාහරණ ඕනෑ තරම් දිය හැකි වුවත් හොදම උදාහරණය වන්නේ ලංකාවේ උසස් අධ්‍යාපනයයි. අපේ විශ්ව විද්‍යාල පද්ධතිය​ ලෝකයේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනා හා ගත් කල ඇත්තේ ඉතාම පහල තත්වයකය. මිට  දසක කීපයකට පෙර ඉතා පහල තිබු ඉන්දියාවේ මෙන්ම අග්නිදිග ආසියානු රටවල බොහෝ විශ්ව විද්‍යාල අප පසු කොට බොහෝ දුර ගොස් බොහෝ කලයයක් ගත වී තිබේ. නමුත් අප එකම තැන පල් වෙමින් තිබේ. මුදල් ගෙවා හෝ ඉහල ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබීමට මේ රටේ ජනතාවටා ඇති අයිතිය හා හැකියාව අහිමි ව ගොස් තිබේ. එයට බලපාන හේතු රාශියක් තිබුනද ප්‍රමුඛතම හේතුව වන්නේ මෙරට උසස් අධ්‍යාපනයට විරෝධකල්පික දේශපාලන ව්‍යාපාර වල මැදිහත් වීමය. ඒවා බොහොමයක් එන්නේ ශිෂ්‍ය සටන් හා නිදහස් අධ්‍යාපන ආරක්ෂා කරන මුවාවෙනි. සමහරක් ජාතික දේශපාලන වැඩසටහන් ලෙසය.

සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණ හා වර්තමානයේ පෙරටුගාමී පක්ෂය මේ රටට හා අධ්‍යාපනයට සිදු කොට ඇති හානිය අති විශාලය. මෙම දේශාපාලන ව්‍යාපාර දෙකෙහි පැවැත්මට මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය විශාල සේවයක් සපයන අතර එය ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ කැඩපතයි. සැබවින්ම එම දේශපාලන ව්‍යාපාර දෙකට මෙම ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතියේ දේශපාලනය උත්තේජනයක් සපයන අතරම අනිත් අතින් මෙරට මධ්‍යම පන්තිය එම පක්ෂ දෙකෙන් බියෙන් යුතුව ඉවත් වීමටද හේතුවක් වේ. ලංකාවේ ඉතා පැරණි අකර්ශණීය දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ බහුතර පහල හා ඉහල මධ්‍යම පංතියේ බහුතරය දිනා ගැනිමට ඇති නොහැකියාවේ කැඩපත මෙරට විශ්ව විද්‍යාල තුල වන ඔවුන්ගේ දේශපාලන අපරනිත බවයි.

නවක වදයෙන් අරඹා සියලුම නේවාසිකාගාර වල බලය අත් පත් කොට ගෙන අරඹන එම දේශපාලන සටන් එම පක්ෂ වලට පුර්නකාලීකව සපයන තිබිරි ගෙවල්ය. මෙරට අධ්‍යාපනයේ  හැඩ තල වලට බලපෑම් කරනු ලබන බොහෝ ශිෂ්‍ය නායකයින් බොහෝ දෙනෙකුට ප්‍රථම උපාධියත් නැති මානසික සංකුලතා වලින් පෙලෙන දරුවෝය. ඔවුන් වසර කීපයකට පසු සිය දිවි නසා ගැනීම් හෝ එම පක්ෂවල පහල මට්ටමේ ක්‍රියාකාරීන් හෝ බවට හෝ පත්ව අවසන් වෙයි. බොහෝ දෙනෙකු තැබිලි කඩයක්, මාළු කඩයක් හෝ මැද පෙරදිග රැකියාවකට යොමුව සැගවුණු ජීවිතයක් ගෙවයි. නැතිනම් සුළු වැරදි වලට සිරගත වෙයි. නමුත් ඔවුන් විසින් අධ්‍යාපනයට සිදුකරන හානිය එලෙසින්ම රටට උරුමව රටේ සමාජ දශක ගණනාවකින් පසු පසට ඇද තබා තිබේ.

මාටින් වික්‍රමසිංහ ගම් පෙරලියේදී සමාජයට නිරාවරණය කිරීමට අදහස් කලේ වැඩවසම් යුගය අවසන්ව ධනේෂ්වරය ගොඩනැගෙමින් තිබෙන බවයි, එයට අවනත නොවන අය සමාජයෙන් ඉවත් වන බවයි. ඒ කොමියුනිස්ට් දර්ශනයට අනුව සම්පුර්ණයෙන්ම සමාජ පරිවර්තනයක් සිදු වෙනම් ය. නමුත් ලංකාවේ එය වෙනස්ය. අපි තාමත් ඉන්නේ වැඩවසම් ඒ මලගෙදරය. එය ලෙනින්ගේ මිනිය වගේය. ලෙනින් මැරිලා ගොඩක් කාලය ගත වී තිබේ. සෝවියට් රුසියාවද ජන මනසින් අමතකය. නමුත් තාමත් ලෙනින්ගේ මළගෙදර තිබේ. ඒ වගේ ලංකාව  නිදහසින් පසුත් තාමත් ගත කරනුයේ වැඩවසම් මල ගෙදරය. ඒ වෙනුවෙන් දිය හැකි හොදම උදහරණය අපි රටක් ලෙස තාමත් කල්පනා කරනුයේ ඉංග්‍රීසි යනු බුද්ධිය බවයි. මටනම් ලංකාවේ ඉංගිසි කතා කරන මෝඩ ගොබිලන් ඕනෑ තරම් ඉහළ තනතුරු වල හමු වී ඇත. 

එම නිසා රට තුල විශාල බුද්ධි ගලනයක් සිදු වේ. ලංකාවේ සිටිය යුතු බොහෝ බුද්ධිමතුන් සේවය කරනුයේ, දියුනු සමාජ වලටය. මෙරට තිබෙන මෙම අදුරදර්ශී ක්‍රම වේදය මත පැවතීමට තීන්දු කල බොහෝ දෙනා තුල දැකිය හැකි පොදු ලක්‍ෂණය​ නම් කකුලෙන් ඇදීම වෙට්ටු දැමීමයි. එය ජාතික ක්‍රීඩාවක් තරමට වර්ධනය වී ඇත. ඒ වෙනුවෙන් විශාල කාලයක් ශ්‍රමයක් දමමින් මිනිසා මල මිනි මෙන් ජීවිතය ගෙවති. ඔවුන්ට ඇති එකම නොදැනුවත් කම විශ්වය මෙතරම් විශාල බව නොදැන සිටීමයි .

අප මෙම ආකල්පමය විනාශයෙන් හැකි ඉක්මනින් මිදී වෙන් නොවුනොත් අපේ රටේ අනාගතය සුසන්තිකාගේ ජීවිතය මෙන් වනු ඇත.

Print Friendly, PDF & Email

රාජිත, ඔබේ බල්ලව ගැටගහන්න ! – ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජ’පුර වෛද්‍යවරු කියති 

$
0
0

චින්තිකා ද සිල්වා

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂකගේ ව්‍යාජ පත්වීමට දිගින් දිගටම අහියෝග කරන රෝහල් මණ්ඩලයේ සාමාජිකයන් වන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා නීති විරෝධී ලෙස පලවා හැරීමට සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ සහ ව්‍යාජ අධ්‍යක්ෂ සුසිත සේනාරත්න ගත් තැත ව්‍යර්ථ වීම පිළිබඳව කලම්බු ටෙලිග්‍රාෆ් වාර්තා කරන ලදී. උක්ත රැස්වීමෙන් සභාපති, ව්‍යාජ අධ්‍යක්ෂක සහ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂකව විශේෂඥ වෛද්‍යවරුන් බහුතරය විසින් ලජ්ජා සහගත ලෙස පලවා හැරීමෙන් පසු ප්‍රකෝපයට පත් සුසිත සේනාරත්න සිහි විකල් වූ ලෙස හැසිරෙන බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙත​ වාර්තා වෙයි. 

සුසිත සේනාරත්න හා ඔහුගේ බිරිඳ ඇමති රාජිත සේනාරත්න සමඟ​

මෙම ලජ්ජා සහගත සිදු වීමෙන් පසු දෙදිනක් යන තුරු රාජකාරී වෙලාවේදී සුසිත සේනාරත්න පෙනෙන්නට නොසිටි අතර ඔහු සහ කහඳලියනගේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතනගේ කාර්යාලය අසල පුරා දෙදිනක් ගැවසෙමින් ඉහත අවංක විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා වන කණිෂ්ක ඉන්ද්‍රරාත්න, මාධව කරුණාරත්න සහ ප්‍රභාත් අඹවත්තව රෝහල් මණ්ඩලයෙන් පලවා හරින බව කියවෙන ලිපියක් නිකුත් කරන ලෙසට රාජිත සේනාරත්නට ඇවටිලි කරමින් සිටි බව වාර්තා වෙයි. 

සුසිත සේනාරත්න යනු රජයේ මහා රෝහලක් සහ පශ්චාත් උපාධි පුහුණු ආයතනයක අධ්‍යක්ෂක ධූරය දැරීමට කිසිදු පශ්චාත් උපාධි පුහුණුවක් හෝ වෘත්තීය සුදුසුකමක් නැති රාජිත සේනාරත්නගේ දේශපාලන ගැත්තෙකි. පත් වීමේ ලිපියකුදු නොමැතිව නීති විරෝධී ලෙස ජ’පුර අධ්‍යක්ෂක කාර්යාලය 2015 වසරේ සිට දාමරිකත්වයෙන් අත් පත් කර ගෙන සිටින මොහු ගේ පැවැත්ම ආරක්ෂා කරනුයේ කහඳලියනගේ විසිනි. මීට පෙර සුසිත සේනාරත්න රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාමාන්‍ය වෛද්‍ය නිලධාරියකු ලෙස කයුතු කළ අතර මාලඹේ ප්‍රදේශයේ පෞද්ගලික චැනල් සේවයක් පවත්වා ගෙන ගිය අයෙකි. 

ව්‍යාජ අධක්ෂක ගේ විකල් වුනු සිහිය 

නීති විරෝධී ලෙස විශේෂඥ වෛද්‍ය වරුන් තිදෙනා පලවා හැරීමේ අවසාන උත්සාහය අසාර්ථක වීමෙන් පසුව ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්න සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ “ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දරුවන්ගේ ජීවිත අනතුරෙහි” බවය. තවද සේනාරත්නේ නීති විරෝධී පත් වීමට සහ කහඳලියන්ගේ යටතේ රෝහලේ සිදු වන මූල්‍ය වංචා වලට දිගින් දිගටම අභියෝග කරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය රොහාන් ඇලෝෂියස් පිළිබඳව​ සුසිත සේනාරත්න ෆේස්බුක් ගිනුමෙහි සටහන තබා ඇත. 

සුසිත සේනාරත්න තමා (ව්‍යාජ) අධ්‍යක්ෂක ධූරය දරන රෝහලම රෝගීන් සඳහා සුරක්ෂිත තැනක් නොවන බව පැවසීමෙන් සහ භාෂාව භාවිත කර ඇති පීඩාකාරී සහ නිතී විරෝධී ආකාරය රටෙහි නීතිය, වෛද්‍ය සදාචාරය සහ රෝහල් පනත උල්ලංඝනය කිරීමකි. 

විශේෂඥ වෛද්‍යවරයෙකුට අනියම් මරණ තර්ජන එල්ල කිරීම 

ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්න විසින් ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ජීවිත අනතුරේ බවට කියවෙන ෆේස්බුක් සටහනෙහි වෛද්‍ය ඇලෝෂියස් ඌරෙකු ලෙසට හඳුන්වා දෙයි. මනුෂ්‍යයෙකුට හා වෘත්තිකයකුට නිගරු කරන පොදු අපහාසයකි. තවද මෙවැනි ක්‍රියාවන් රජයේ මහ රෝග්‍යශාලාවක අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයාගේ මානසික සමබරතාවය සහ පරිණතභාවය ප්‍රශ්නයට ලක් කරයි. සෞඛය  අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලකයකු මේ පිළිබඳව කලම්බු ටෙලිග්‍රාෆ් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ “තනතුරක් දැරීමට සුදුසුකමක් හෝ පරිණත බවක් නැති අය තනතුරු වල පිහිටුවීමේ භයානක කම මෙයින් පෙනෙනවා. රජයේ මහා රෝහලක සහ පශ්චාත් උපාධි පුහුණු ආයතනයක අධ්‍යක්ෂක වීමට සුසිත සේනාරත්නට මානසික ශක්‍යතාවයක් නැහැ. පීඩනය හමුවේ මොහු සිහි විකල් ආකාරයට හැසිරෙනවා. ඊට හේතුව ලෙස මා දකින්නේ මොහුට එල්ලී බේරෙන්නට කිසිදු සුදුසුකමක් නැති වීමයි”. 

පහත උපුටා දැක්වෙන සුසිත සේනාරත්නගේ ෆේස්බුක් පිටුවේ අදහස් තුල අනියම් මරණ තර්ජන, ශරීර අවයව කපා දැමීම, මනුෂ්‍ය අභිමානයට නිග්‍රහ කිරීම වැනි විවිධ අදහස් සටහන් වී ඇත.

පුර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධය 

ඉහත ෆේස්බුක් සටහන සුසිත සේනාරත්න විසින් පල කිරීමත් සමගම ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් සිය දැඩි විරෝධය කහඳලියන්ගේ වෙත පල කර ඇති අතර මෙම ක්‍රියාව රටෙහි පොදු නීතිය, වෛද්‍ය ප්‍රඥප්තිය සහ රෝහල් පනත උල්ලංඝනයක් බව මොවුන් විසින් දැඩිව පෙන්වා දී ඇත. ඒ කෙසේ වුවද මෙම කාලය පුරාවටම කහඳලියනගේගේ දුරකතන ඇමතුම්වලට​ සුසිත සේනාරත්න ප්‍රතිචාර දක්වා නැත. තවද මෙම කාලය පුරාවටම සිය රාජකාරියට සේනාරත්න වාර්තා කර ද නැත. තවද රෝහලේ සියලුම ශ්‍රේණිවල​ කාර්ය මණ්ඩලය මෙම ක්‍රියාව හෙලා දකිමින් වහාම විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා විනය බලධරයා වන සභාපති වෙත ලිපියක් නිකුත් කර ඇත. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිචාරය 

රාජිත සේනාරත්න අමාත්‍ය වරයාගේ කාර්යාලය ඉහත ෆේස්බුක් සටහන් නිරීක්ෂණය කර ඇති අතර එය ඉවත් කරවා ගැනීමට සුසිත සේනාරත්නව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වී ඇත. කලම්බු ටෙලිග්‍රාෆ් වෙත විශ්වාසනීය ලෙස වාර්තා වන අන්දමට රාජිත සේනාරත්නගේ මහජන සම්බන්ධතා නිලධාරියා වන වෛද්‍ය උපුල් ගුණසේකර මෙය කිරීමට උත්සාහ ගත්තද සුසිත සේනාරත්න ඔහුගේ ඇමතුමටද ප්‍රතිචාර දක්වා නැත. උපුල් ගුණසේකර සුසිත සේනාරත්නගේ සමීපතමකි. සුසිත සේනාරත්න සිය රථය “සිහිමද” ගතියෙන් පදවා යමින් රෝහලේ තාප්පයක් කඩාගෙන ගිය අවස්ථාවේ එය රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදු වූ බවට සනාත කිරීමට රාජිත සේනාරත්න විසින් සුසිත සේනාරත්නව සිංගප්පූරුවට “වෛද්‍ය පරීක්ෂණ” සඳහා යැවූ විට ඔහු සමග සහයට විදේශ ගත වුයේ උපුල් ගුණසේකරය.

නුසුදුස්සෙකුගේ හීනමානය 

රෝහල තුල බල පැවැත්වෙන දැඩි දේශපාලනීකරණය හේතුවෙන් නිර්නාමිකව අදහස් දැකවූ ජ’පුර විශේෂඥ වෛද්‍ය වරයකු පැවසුවේ “ජ’පුර රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට තමා එහි අධක්ෂක යයි කියා ගන්නා පුද්ගලයෙක් තමාගේම රෝහල එහි ප්‍රතිකාර ලබන දරුවන්ට අනාරක්ෂිත බව ප්‍රසිද්ධියේ පවසනවා. මෙසේ කීමට සුසිත සේනාරත්නට ඇති සුදුසුකම හෝ දත්ත මොනවාද? තවද රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට සභාපතිවරයාට දුරකතනයෙන් හෝ සම්බන්ධ කර ගත නොහැකි අධ්‍යක්ෂක වරයෙක් සිටිනවා. සුසිත සේනාරත්න කොහෙවත් සොයාගන්නට නැහැ. ෆේස්බුක් එකේ නම් ඉන්නවා. 2015 සිට සිටි සහ සිටින  සියලුම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වරුන්, අතුල කහඳලියනගේ නමැති දූෂිත රෝහල් සභාපති ඇතුළු දූෂිත අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සහ රාජිත සේනාරත්න මෙවැනි වටිනා ආයතනයක් එක දේශපාලන ගැත්තෙකු වෙනුවෙන් විනාශ කර දැමීමට වග කිව යුතුයි. සුසිත සේනාරත්න වැනි ගැත්තෙකුට වෛද්‍යවරයෙකු තම වෘත්තීය ජීවිත අධ්‍යාපනය තුළින් ගොඩනගා ගැනීම තේරුම් ගන්නට බැහැ. ඔහු රාජිත සේනාරත්නගේ මෙහෙකරුවකු පමණයි. ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ට මෙසේ අපහාස කරන්නේ ඔහුගේ නූගත් කම සහ හීනමානය නිසයි “

ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ දැඩි විරෝධය 

විශේෂඥ වෛද්‍ය වරයකුට පශ්චාත් උපාධි පුහුණු ආයතනයක් තුළ සිදු කරන ලද මෙම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාව පිළිබඳව විරෝධය එහි සභාපති විශේෂඥ වෛද්‍ය සුනිල් විජයසිංහ විසින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යැවූ බව එම සංගමය විසින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙත දැනුම් දී ඇත.

මේ අතර අද දින (22.10.2018) ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් බහුතරය විසින් රෝහල් සභාපති අතුල කහඳලියනගේ කෙරෙහි විශ්වාස භංගය පල කරන ලිපියක් අමාත්‍යවරයා වෙත භාර දී ඇත. වසර තුනකට අධික කාලයක් රටේ පොදු නීතිය, වෛද්‍ය සදාචාරය, පරිපාලන නීති රීති, රෝහල් පනත සහ සාමාන්‍ය සදාචාරය උල්ලංඝනය කරමින් ඇමතිවරයාගේ ගැත්තෙකු රැකීම තුලින් රෝහලට සිදු කල හානිය හේතුවෙන් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත. මෙහි පිටපත් සෞඛ්‍ය අමාත්‍යාශ ලේකම්වරියට සහ ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරියට පිටපත් සහිතව යොමු කර ඇත. 

Print Friendly, PDF & Email

බණ්ඩාරනායකලා නැති ශ්‍රීලනිප නායකයා යූඑන්පියේ ඩී ඇස්ලා සෙවීම

$
0
0

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් – ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුනේ පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,සේනානායකවරුන් සැමරීම සඳහා සංවිධානය කර තිබූ සමරු උත්සවයක් අමතමින් ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂයත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් සමග බරපතල ගැටුම් ඇතිකරගෙන තිබෙන වාතාවරණයක දී ය. එසේම විදේශ ප්‍රතිපත්තිය තුළ සමබරතාව කඩා දමමින් ජනාධිපතිවරයා විසින් ඉන්දියාව සමග ද බරපතල ගැටුමකට යමින් සිටිය දී ය.

ඔහු වරෙක එක්සත් ජාතික පක්ෂයට පදනම් විරහිතව පහර දේ. තවත් වරෙක අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවට පහර දේ.  තවත් වරෙක රජයේ නිලධාරීන්ට පහර දේ. ඔහු තම ධූරයේ කාලය ගත කරන්නේ කිසියම්ම හෝ කෙනෙකුට සංයමකින් තොර භාෂා ස්වරූපයකින් පහර එල්ල කිරීමෙන් බව දකින්නට ලැබේ. මෙය රාජතාන්ත්‍රික ආචාරශීලී පිළිවෙත් අනුගමනය කරන රාජ්‍ය නායකයකුගේ ස්වරූපය නොවේ.

ජනාධිපතිවරයා විසින් මෙවැනි ගැටුම් සහගත ප්‍රකාශ කරන්නට තල්ලුවීම මුළුමනින්ම ඔහුගේ උපදේශකයන්ගේ වරද ය. නො එසේනම් උපදේශකයන් පවසන කරුණු ජනාධිපතිවරයා විසින් නොතකා හැරීම ය. රටක රාජ්‍ය නායකයා කිසිම වගකීමක් නොමැතිව කටට එන දේ ප්‍රකාශ කිරීම එරටේ ගෞරවය විනාශ කිරීමක් බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ආරම්භක පවුරු පදනම් වෙනස් වී බොහෝ කල් ය. එම වෙනසට බරපතල ලෙස බලපෑවේ 1978 ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයන් ය. එනිසා රටේ ආර්ථිකයේ එතෙක් පැවැති කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගේ ආංශික දායකත්වය අවම වී සේවා අංශයේ ආංශික දායකත්වය ඉහළ ගියේ ය. එසේම එන නිසා රටේ ආර්ථිකයේ කළු ආර්ථික දායකත්වය 50% ඉක්මවීය. මේ නිසා සමාජ සංස්ථාවේ බරපතල ආකෘතිමය වෙනසක් සිදුවිය.

රටක ආර්ථිකය පාදඩ ක්‍රියාකාරකම් වලින් පිරුණු විට ඒ රටේ සමාජය ක්‍රමය ආචාරශීලී හා සමාජ වටිනාකම් වලින් ඈත් වූ ලක්ෂණ වලින් පිරී යෑම පුදුමයට කරුණක් නොවේ. එනිසා අපරාධ හා නීති විරෝධී ක්‍රියා වලින් පිරුණු සමාජයක් නිර්මාණය වේ. එවිට සමාජ සාර්ධර්ම හා සමාජ වලිනාකම් වලින් යුතු සමාජ නායකයන්ගෙන් පූර්ණ වූ සමාජය අපරාධකරුවන් හා ආචාර ධාර්මික නොවන පිරිස්වල ග්‍රහණයට ලක්වේ. ඩී ඇස්ලා හා ඩඩ්ලිලා සිටි යූඑන්පිය අද නැතයි ජනාධිපතිවරයා කියන්නේ එබැවිනි. එහෙත් ප්‍රශ්නය වන්නේ බණ්ඩාරනායකලා ද අද රටේ නොවීම ය. සමාජය වෙනස් වී ඇත්තේ මුළු එකක් ලෙස නොව  එසේ වී ඇත්තේ ප්‍රතිවාදීයා පමණක් බව ජනාධිපතිවරයා දැකීම ඔහුගේ ළාමකකමයි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවීමත් සග, වෙද, ගුරු, ගොවි හා කම්කරු යන පංච මහා බලවේග අහෝසි වී තිබීමත් ජනාධිපතිවරයා නොදකී.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් මෙහයවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ බල හවුල රාජ්‍යයේ බලය ලබා ගන්නා තෙක් ශ්‍රීලනිපය දේශපාලන වේදිකාවේ මුල්ලකට වීසිවී තිබුණේ ලෝක දේශපාලනයට එම පක්ෂය සංවේදී නොවූ බැවින් විය හැකිය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදෙන්නට 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පොරොන්දුවෙන තෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කළේ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුභ සාධනවාදී ආර්ථික දේශපාලන ගමන් මගකය. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූයේ අවංකවම එ.ජා.ප.යේ අධිරාජ්‍යවාදී දේශපාලනයට එරෙහිව යැයි කිව නොහැක. එහෙත් ලෝක දේශපාලනයේ ධ්‍රැවීකරණය වී තිබූ හැඩතල අනුව බණ්ඩාරනායකගේ දේශපාලනයට යම් ඉඩක් විවරව තිබුණි. එහෙත් ඒ අවකාශය 1977 වනවිට අවසන්ව තිබූ අතර ඒ වෙනස 1994 දී ශ්‍රී.ල.නි.ප.ය විසින් තේරුම් ගන්නා තෙක් විපක්ෂයට වී සිටීමට සිදුවීම ඓතිහාසිකව වැදගත් ය.

1994 දී බණ්ඩාරනායක ප්‍රතිපත්ති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් කාලානුරූපව ප්‍රතිසංස්කරණය කළ බව ඇත්තකි. එහෙත් ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ ආපිට හරවමින් රාජ්‍යයේ හරය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අගුපිළකට කැදවාගෙන ගියේ මහින්ද රාජපක්ෂ විසිනි. 1978 දී එක්සත් ජාතික පක්ෂය විසින් ශක්තිමත් කළ ලූම්පන් ආර්ථිකයෙන් පොහොසතුන් වූ ධනවත් පන්තිය රාජපක්ෂ රෙජීමයේ හේවායන් වුණි. නව ලිබරල් ආර්ථික ක්‍රමයේ නැගෙනහිර ආසියානු මොඩලය ආර්ථිකයේ පදනම වුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රෙජීමයේ දෘෂ්ඨිමය ආරක්ෂාව වුණි.

ඒ වටපිටාව තුළ බණ්ඩාරනායක විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගුපිළ මෙත්‍රීපාල සිරිසේනලාට දි මු ජයරත්නලාට බර්ටි දිසානායකලාට හිමි වුණි. අධිරාජ්‍යවාදී නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂයෙන් ආ ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන. දුමින්ද සිල්වා, ගාමිණී ලොකුගේ රජ අසුනේ වාඩි කෙරිණි. ශ්‍රී.ල.නි.ප මැද මාවතේ ආ බළල් පැටවුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, නිමල් ලංසා, ලක්ෂ්මන් පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම රාජපක්ෂගේ සුරතලුන් වුණි.

දේශපාලන රගමඩල මෙලෙසින් දිස්වූ අතර රාජ්‍ය මෙහය වූයේ ඇමෙරිකාවෙන් ආනයනය කළ බැසිල් රාජපක්ෂ හා ගෝටාභය රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ සියළු ප්‍රතිවාදී පක්ෂ බේදභින්න කරමින් රෙජීමය ස්ථාවර කර ගැනීමට දේශපාලන අංචි ඇද්දේය. ගෝටාභය රාජපක්ෂ රටම ලේ විලක් කරමින් ඒකාධිපතිවාදය ශක්තිමත් කළේය.

අධිරාජ්‍යවාදී නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂය 1978 දී රට පරිවර්තනයකට ලක් කළ අතර එහි වැඩි වාසිය ලබා ගත්තේ රාජපක්ෂ රෙජීමය යැයි කිවොත් එය අසත්‍යයක් නොවේ. ලුම්පන් ආර්ථිකයේ සමාජ තීරුව රෙජීමයේ ආර්ථික ශක්තිය වූ අතර සිංහලබෞද්ධ ජාතිකවාදී පිටපොත්තට මුවා වූ ගෝටාභයගේ ඒකාධිපති හැඩය රෙජීමයේ පාලන ස්වරූපය වුණි. දසවසරකට ආසන්න මහින්ද චින්තන යුගය අවසන් වූයේ මේ ඒකාධිපති ස්වරූපය පුපුරා යෑමෙනි.

ඒ පුපුරා යෑමත් සමග කළු ආර්ථිකයේ ශක්තිමත් ව්‍යාපාරිකයෝ අතර මං වුණි. කොමිස් ආදී වංචා දූෂණ වලින් ඇති දැඩි දේශපාලකයෝ දුප්පත් වුණි. එතෙක් නීතිය නොතකමින් ඒකාධිපති ගති ලක්ෂණ පෙන්වූ සමාජ විරෝධීන් බියෙන් සැලුණි. රෙජීමයට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරමින් පැවැත්ම තහවුරු කර ගත් ලිබරල් මහත්වරු නන්නත්තාර වුණි. ඊට පිළියමක් ලෙස මේ සියල්ලෝම විවිධ ක්‍රම අත්හදා බලමින් “අප්පච්චි සමග යළි නැගිටීමට මාන බැලූහ”. මැතිවරණ දෙකකින් පිට පිට පරාජය වෙද්දීත් බල පෙරේතකම අවසන් නොවුණි.

පක්ෂයක් අර්බූදයට යන්නේ බලය ලබා ගැනීමේ යහපත් ප්‍රතිපත්ති හා යාන්ත්‍රණයක් ද ගාමක බලයක් ද පක්ෂයක් වටා නොවූ විටය. ඒ අර්ථයෙන් 1977 සිට 1994 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බූදයට ගියේය. ඒ අර්බූදයෙන් පක්ෂය ගලවා ගනිමින් ප්‍රතිසංවිධානය දියත් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඒ ප්‍රතිසංවිධානය පක්ෂයට පමණක් නොව සමාජයට ද ධනාත්මකව වැදගත් වුණි. එහෙත් එය ආපිට හරවමින් පක්ෂය යළි අර්බූදයකට තල්ලු කළේ මහින්ද රාජපක්ෂයි. පක්ෂය බලය දැරූවද එහි මුළුමහත් ක්‍රියාකාරීත්වය රදා පැවතියේ ආඥාදායකත්වය මතය. එසේම නව ලිබරක්වාදයේ නැගෙනහිර ආසියානු මොඩලය ආර්ථික ස්වරූපය වුණි. නීතියක් ක්‍රියාත්මක නොවූ අතර මූල්‍ය වංචා හා දූෂණ රජ කෙරිණි. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී යහපාලන විරෝධී පාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බූදයට යැව්වේ නැද්ද?

මේ සියළු විපර්යාසයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු වෙද්දී ඒවා කියවා ගැනීමට එම පක්ෂයේ මහ ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේනට නොහැකි විය. දැන් දැන් ඔහු විසින් කියවන නෝක්කාඩු වලින් පැහැදිලි වන්නේ 2015 සමාජ විප්ලවය කරන්නට ඔහු නියමුවා වූයේ කිසිම සමාජ දේශපාලන අවබෝධයකින් නොවන බව ය. ඔහුට රාජපක්ෂවරුන් සමග තිබෙන්නට ඇත්තේ පෞද්ගලික ආරෝවක් විය හැකිය.  රාජපක්ෂවරුන් උපක්‍රමශීලී වී මෛත්‍රීපාල සිරිසේන තම රෙජීමයේ අග්‍රාමාත්‍යවරයා කර ගත්තා නම් මේ අමාරුවක නොවැටී කුඹුරක් බතක් කරගෙන පාඩුවේ පොලොන්නරුවට වී ඉන්නට තිබුණි.  නමුත් ඔහු කර ගසා ඇත්තේ ඔහුට අවබෝධ කර ගන්නට නොහැකි සමාජ වෙනසක් වෙනුවෙනි.

ජනාධිපතිවරයාට  එක්සත් ජාතික පක්ෂයේ හිත හොද තබා ගැනීම කොහොමත් තේරෙන්නේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිමත් නායකත්වයක් දෙන්නට හැකියාවක් ද නැත. එනිසා ඔහුට රාජ්‍ය නායකයකු ලෙස දෙපයින් නැගී සිටීමට ස්ථානයක් නොපවතී. මේ බරපතල ප්‍රශනය විසින් ඔහුව තල්ලු කරන්නේ අනන්‍යතා අර්බූදයකට ය. ඒ අර්බූදයෙන් ගොඩ ඒමට ජනාධිපතිවරයා කරන්නේ හතර අතට පුස් වෙඩි තැබීමය. එහෙත් එමගින් හානි වන්නේ ඔහුටම ය. සමාජය හාස්‍යයෙන් යුතුව ජනාධිපතිවරයා දෙස බැලීම ඔහුට තේරුම් ගත නොහැකිව ඇත.

ජනාධිපතිවරයාගේ දේශපාලන චරිතය පෞර්ෂවත් වන්නේත් ශක්තිමත් වන්නේත් නොගැලපෙන දේශපාලන සංස්කෘතියක කටයුතු කරන රාජපක්ෂ හා බල අරගලයකට යෑමෙන් නොවේ. ඔහු මේ මොහොතේ කළ යුත්තේ රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම අයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර දී එම වගකීම අත් හැරීමයි. අනතුරුව ජනවාරි 08 වන දා ජනතා ජයග්‍රහණයට පාදක වූ මහජන සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ හා අනෙකුත් ප්‍රගතිශීලී බලවේග සමග ඇති දේශපාලන එකගතාව ශක්තිමත් කර ගැනීමයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් හැරීම කිසියම් හෝ දෝෂදර්ශනයකට මූලික නොවේ. ඔහු පක්ෂය අත් හරින්නේ පක්ෂයට නායකත්වය දීමට වඩා රටට නායකත්වය දීම වඩා වැදගත් වන බැවිනි. 

තමන්ට අවනත නොවන ජරාජීර්ණ වූ ආකල්ප වලින් යුත් පක්ෂය අත් හැර තමන්ට අවනත වන රටට නායකත්වය දීම වඩා ප්‍රශස්ත වන්නේ ය. එවිට රාජපක්ෂට හෝ වෙනයම් අයකුට හෝ අවශ්‍ය පරිදි පක්ෂය මෙහේය විය හැකි අතර ඇති කරගත් දේශපාලන සම්මුතිය මත කටයුතු කරමින් ඉදිරි වසර කිහිපය තුළ රටට නායකත්වය දී ගෞරවනීය මෙහෙවරක් ජනාධිපතිවරයාට සිදු කළ හැකිය. එවිට පක්ෂයෙන් එල්ල වන නරක නාමය අවලංගු වන අතර දේශපාලන සම්මුතිය අනුව කටයුතු කිරීම නිසා සමස්ත රටෙන්ම ගෞරවයක් ලැබේ. පළමු ධූර කාලයෙන් පසු විශ්‍රාම යන්නට සිටින, පළමු ධූර කාලයේ කාල සීමාව පවා වසරකින් කෙටි කර ගත් එසේම සැලකිය යුතු පරිදි විධායක බලය අත් හැරි ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට තැත් කිරීම අර්ථ විරහිත වන්නේ එබැවිනි.

මේ මොහොත වනවිට ජනාධිපතිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද තමන් සමාජය සමග එළඹි දේශපාලන සම්මුතිය අමතක වෙමින් තිබේ. ඒ නිසා ඒ දෙදෙනාම ශක්තිමත් කරන්නේ තම තමන්ගේ පක්ෂ කාඩරයන් ය. ආමන්ත්‍රණය කරන්නේ තම තමන්ගේ පක්ෂ කාඩරයන්ට ය, එහෙත් ඒ හා සමාන්තරව මේ දෙදෙනාම සමාජයේ විසුළුවට ලක්වන්නේ ජනාධිපතිවරණයේ දී මේ දෙදෙනාම සමාජය සමග එළඹි සම්මුතිය අමතක කරන බැවිනි.

ප්‍රධාන පක්ෂ දෙකෙන් සමන්විත ජාතික ආණ්ඩුවක දේශපාලන සංස්කෘතිය අපේ රටට නුහුරු අත්දැකීමකි. මේ වනවිටත් පවතින හවුල් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට පරිවර්ථනය වී නැත්තේ එබැවිනි. ජාතික ආණ්ඩුවක් ඇති කර ගන්නේ දෙපාර්ශ්වයක් හෝ ඊට වැඩි ගණනක් හෝ එකග වන පොදු කරුණු මත පිහිටුවමිනි. එවිට එකග නොවන කරුණු ඉස්මත්තට ගන්නේ නැත. එහෙත් මේ හවුල් ආණ්ඩුවේ දෙපාර්ශ්වයම ඉස්මත්තට ගන්නේ එකග නොවන කරුණුමය. විවේචනය කරන්නේම අනෙකාය. එබැවින් මේ හවුල් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට පරිවර්තනය වීම උගහට ය.

පක්ෂ දේශපාලනය ශක්තිමත් කිරීමේ සම්ප්‍රදායි ආකල්ප වලින් මේ මොහොත තුළ වෙනස් විය යුතු අතර ප්‍රධාන පක්ෂ දෙකේ එකගතාවකින් යුතු ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීම සදහා දේශපාලන සම්මුතිය ශක්තිමත් කර ගත යුතුය. ඒ ජාතික ආණ්ඩු කාලය තුළ රටේ ප්‍රධාන ප්‍රශ්න සදහා විසදුම් සම්බන්ධයෙන් එකගතාවකට ආ යුතු අතර එකගවිය හැකි කරුණු මත පමණක් පිහිටමින් සම්මුතියකින් කටයුතු කළ යුතුය.අපේ සමාජයට ජාතික ආණ්ඩු අලුත් අත්දැකීමක් නිසා ඒ නුහුරු සංස්කෘතියට ඇති බාධා ඉවත් කර ගැනීම නායකයන්ගේ මැදිහත්වීම මත විය යුතුය.

ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට අභ්‍යන්තර විවේචකයකු ලෙස ජනාධිපතිවරයා මැදිහත්වීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එය කළ යුත්තේ වගකීම් විරහිතව කටට එන විවේචන සිදු කිරීමෙන් නොවේ. උදාහරණයකට එක්සත් ජාතික පක්ෂයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය තුලනය කර ගැනීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අවශ්‍ය ය. එහෙත් එය ඔහු විසින් කළ යුත්තේ හුදකලාව නොවේ. ඒ සදහා ඔහු බුද්ධි මණ්ඩලයක් ඇති කර ගත යුතුය. ආර්ථික විෂයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩයක් හරහා ජනාධිපතිවරයා ක්‍රියාකාරී වන්නේ නම් ආණ්ඩුවේ ආර්ථික ප්‍රවේශයන් යහපත් ලෙස ප්‍රතිසංස්කරණය කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි වන්නේ ය.

තමන්ටම ආවේනික දේශපාලන පෞර්ෂයකින් රටට නායකත්වය දී විශ්‍රාම යෑමට ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම් ඔහු විසින් නායකත්වය දිය යුත්තේ මෙවැනි ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්න විසදා ගැනීමට ය. බලය අත්හරින්නට කතා කළ එසේම හැකි තරම් බලය අත් හැරි අයකු වඩා සමීප විය යුත්තේ රටේ අභිලාශයන්ට ය. එසේ වන්නේ නම් ජනාධිපතිවරයා බලයට ගෙනා බලවේග හමුවේ හාස්‍යයට ලක් නොවී ගෞරවනීය පෞර්ෂයක් ඔහුට තහවුරු කර ගත හැක. 

Print Friendly, PDF & Email

වීරයෙකු අවශ්‍ය කරන දේශය අවාසනාවන්තය

$
0
0

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

මහා තාරකා විද්‍යාඥයෙකු සහ දාර්ශනිකයෙකු වූ ගැලීලියෝ සූර්යයා වටා පෘථුවිය කැරකෙන බව කීවේය. එය එතෙක් පැවති, පෘථුවිය වටා සුර්යයා කැරකෙන බව කී පල්ලියේ අධිපති මතවාදයට එරෙහි වූ බැවින් ආගමික දණ්ඩාධිකරණය ඉදිරියේ ඔහුව වැරදිකරුවකු කරනු ලැබුණි. ඉන් පසු පල්ලියේ අණසක භාර ගත් ගැලීලියෝ තමන්ගේ විද්‍යාත්මක මතය ඉල්ලා අස්කර ගත්තේය. එයින් කිපුණු ඔහුගේ ශිෂ්‍යයෙකු වූ ඇන්ඩි‍්‍රියා, ‘‘වීරයෙකු නැති දේශය අවාසනාවන්ත රටක්’’ යැයි කීය. හදවත බර වී සිටි ගැලීලියෝ ඊට පිළිතුරු දුන්නේ, ‘‘වීරයෙකු අවශ්‍ය කරන දේශය අවාසනාවන්ත රටක්’’ බව ගෝලයාට පෙන්වා දෙමිනි.

වෙයිමර් ජනරජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිහී නට්සිවාදීන්ගේ ජයග‍්‍රහණය හරහා ජර්මනියේ නායකයා බවට හිට්ලර් පත්වන අවස්ථාව වන විට, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නැමැති ජරමානු ජාතික මහා නාට්‍යකරුවා ගැලීලියෝගේ ජීවිත කතාව පිළිබඳ වීර කාව්‍යයක් රචනා කෙළේය. 1944 දී නිර්මාණය වූ එහි ඉංග‍්‍රීසි පරිවර්තනයට, ඉහත කී වීරත්වය සහ හේතු බුද්ධිය පිළිබඳ සංවාදය ඔහු හඳුන්වා දුනි. සාමය දිනා ගැනීම සඳහා ඇමරිකානුවෝ ජපානයේ නගර දෙකක්ම න්‍යෂ්ටික බෝම්බවලින් සුන්නත්දූලි කළහ.

ඒ වනාහී, මහා නස්පැත්තිදායක කාලයකි. හේතු බුද්ධිය පිළිකන්නට වැටී, හිතක් පපුවක් නැති යටිකූට්ටු බල අරගල රජ කළ කාලයකි. ලංකාවේ අප දැන් ළඟා වෙමින් සිටින්නේත් එවැනි අවිනිශ්චිත වකවානුවකටයි. නාට්‍යයට අමතරව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, සත්‍යය සොයා ගොස් එය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න ගැනත් ලීවේය. බොරුව සහ අවිද්‍යාවට එරෙහිව කෙරෙන සටන දුෂ්කර කෙරෙන කාරණා පහක් ඔහු එහිදී දැක්වීය. සත්‍යය සොයා යන්නාට සත්‍යය ලිවීමේ ධෛර්යය තිබිය යුතුය. කොහේ බැලූවත් සත්‍යය වසංගා ඇති බැවින් එය හඳුනා ගැනීමේ පරිචය ඔහුට තිබිය යුතුය. සත්‍යය සොයන්නා ඒ සත්‍යය අවියක් වශයෙන් මෙහෙයවීමට අවශ්‍ය නිපුණත්වයෙන් යුක්ත විය යුතුය. ඒ සත්‍යය ඵලදායීව දරා සිටින්නන් නිවැරදිව විනිශ්චය කිරීමේ හැකියාව ඔහුට තිබිය යුතු අතර, සත්‍යය පතුරුවාලීමේ උපායශීලීත්වයත් ඔහුට තිබිය යුත්තේය.

මගේ මේ රචනාව ආවේශය ලබන්නේ, සත්‍යය සොයා ගැනීමටත්, ආරක්ෂා කර ගැනීමට සහ පතුරුවාලීමටත් මඩනා ලද ආශාවෙනි. අප ජීවත් වන්නේ, බලය විසින් නිරවුල් සත්‍ය්‍ය පාගා දමනු ලබන සහ නිරුවත් බලය සඳහා වන තණ්හාව රජයන සමයක ය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, සිවිල් යුද්ධයෙන් රට ගලවා ගත් මහින්ද රාජපක්ෂ සමස්ත දිවයිනේ සක්විත්තා බවට පත්විය. ඔහුගේ විධායක ජනාධිපති ධුරය කිසි වාර සීමාවකට යටත් නොවුණි. ආණ්ඩුවේ ඕනෑම අංශයක ඕනෑම නිලධාරියෙකුව පත් කිරීම හෝ ඉවත් කිරීම හිතුමතේට කිරීමේ අයිතිය ඔහු තමන්ගේ අතට ගත්තේය. ඒ අනුව, එදා ආණ්ඩුකරණය එකම දාංගලයක් බවට පත්විය.

එසේ වතුදු, එක්තරා මට්ටමක වගවීමේ සේයාවක් ඔහු පවත්වා ගත්තේය. සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම ඔහු පාලනය කෙළේ නැත. ජාතික ආරක්ෂක අංශය වාර්තා කෙළේ වෙනත් කෙනෙකුට ය. බිය වපුරන රාජ්‍ය අංශය තිබුණේ ඒ තැනැත්තා අතේ ය. දණ්ඩමුක්තියේ (නඩු නැතිව අපරාධ කිරීමේ හැකියාවේ) සක්විත්තා වුණේ ඔහු ය.

සෞදි රටේ දිග හැරෙමින් තිබෙන අන්දරය අපට පාඩමකි. සුජාත බලය හොබවන මූලය තුළ හෝ ඒ ආසන්නයේ පවතින එක්තරා භූත බල යාන්ත‍්‍රණයක් බවට ජාතික ආරක්ෂක අංශය පත්වන විට, එය විසම්මුතිය (වෙනස් අදහස් දැරීම* මැඩලීමේ ‘අති-දේශපාලනික’ අවියක් බවට පත්වෙයි. එසේම, වෙනස් අදහස් දැරීමට තරම් නාහෙට නාහන එවුන් බිය වද්දන ‘හොල්මන් දේශපාලනික’ අවියක් බවට පත්වෙයි.

ඇඩම් ස්මිත්ගේ වේශයෙන් ලංකාවේ පෙනී සිටින බන්දුල ගුණවර්ධන කී කතාවක් නිසා, අපේ වෙන්ඩ-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන පසුගිය සතිය තුළ විවිධ සිරස්තල ලියැවුණි. පල්හෑලි ගොඩක් ආර්ථික විද්‍යාව වශයෙන් අරගෙන කටමැත දොඩවන මේ ඇඩම් ස්මිත්, ලංකාවේ ඊළඟ ජනාධිපති ධුරයට වඩාත් සුදුසු සහෝදරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව කියා ඇත. ඉතා සරළ භාෂාවෙන් තමන්ගේ අව්‍යාජ අදහස් කියාපාන ඒකාබද්ධයේ කුමාර් වෙල්ගම ඊට දෙහි කැපුවේය. ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ, කැළලක් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු බව ඔහු පෙන්වා දුනි. ඔහුගේ ඒ කතාව, ගෝඨාභයවාදීන් අතරේ කඩි කුලප්පුවක් ඇති කොට තිබේ. ඇත්තෙන්ම වෙල්ගම ගෝඨාභයගේ නමක් සඳහන් කෙළේ නැත. ඔහු කීවේ අනාගත අපේක්ෂකයාගේ රිපෝට් පොතේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී අතීත පාඩම් නොතිබිය යුතු බවයි. එය උගතමනා පාඩමකි.

ගෝඨාභය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක් ගැන පොරොන්දු දෙන්නේ නැත. ඔහු කියන්නේ, ‘නෝ හෙල්ලූම්’ ආණ්ඩුවක් තමා පිහිටුවන බව පමණි. ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය කරන්නේ ජනාධිපති ධුරය නොව, සමස්ත රාජ්‍යයයි. ඔහු තොඳොල් කරන්නේ, වර්ගවාදී ස්වෛරීත්වයක් රැුකබලා ගන්නා රාජ්‍යයක් ඔහුගෙන් අපේක්ෂා කරන සමාජ තීරුවකි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන මොනම ආකාරයක හෝ දේශපාලන ප‍්‍රතිසංස්කරණයකට ඒ පිරිස් මරාගෙන මැරෙන විරෝධයක් පාන්නේ එබැවිනි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ගත්තොත්, ජනමත විචාරණයක් ජය ගැනීම සහතික ය. එහෙත්, තුනෙන් දෙක විශාල අනියමාර්ථයකි. දේශපාලනය තුළ පැමිණෙන අනියමාර්ථ දේවල්, ඉර හඳ තරමට අසීමිත පරාසයක විහිදෙයි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ තරගයට ඉදිරිපත් වීමේ සහ ජය ගැනීමේ විභවය ගැන සිතා බැලිය යුතුව තිබේ.

ඔහුගේ ලෝක දැක්ම ගැන අප එකඟ නොවිය හැකිය. ඒ වනාහී, ලෝකය පිළිබඳ සාකල්‍ය තක්සේරුවක් තුළ මනුෂ්‍යත්වයේ ස්ථානය විනිශ්චය කෙරෙන දැක්මකි. ලෝකය පිළිබඳව අප තුළ පවතින සංජානනයන් හැඩගස්වනු ලබන්නේ, අපේ දැනුම් සහ අත්දැකීම් සමුදායට වඩා, අපේ භාෂාව සහ සංස්කෘතිය මගිනි. රාජ්‍යය, දේශපාලනය, ආර්ථික ක‍්‍රියාකාරීත්වය සහ සදාචාරය ඈ සියලූ දේවල් දෙස අප බලන්නේ ඒ දෘෂ්ටියෙනි.

මාර්ටින් හයිඩගර් කීර්තිමත් ජරමානු චින්තකයෙකි. එහෙත් ජර්මනියේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය, ජරමානු ආත්මයකින් සන්නද්ධ දෘෂ්ටිවාදී බලවේගයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතියකට, හිට්ලර්ගේ පාලන කාලය තුළ ඔහු උරදුන් විට ලෝකය පුරා සිටි ඔහුගේ බොහෝ විද්වත් සගයෝ අන්දමන්ද වූහ. මතක තියාගන්න, හයිඩගර් එසේ කිරීමට දරදිය ඇද්දේ, ඉමානුවෙල් කාන්ට්, කාල් මාක්ස් සහ ෂොපන්හවර් වැනි ශ්‍රේෂ්ඨයන් බිහි කළ භූමියක සිටිමිනි. යුද්ධය අවසන් වීමෙන් පසු (ජර්මනියේ පරාජයෙන් පසු* හයිඩගර්ට නට්සිහරණ රාජ්‍ය කමිටුවක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවිය. ඔහුගේ ක‍්‍රියාකලාපය ගැන දීර්ඝව සලකා බැලූ කමිටුව, ‘සම්මානිත මහාචාර්ය’ පට්ටම තියා ගැනීමට ඔහුට ඉඩ දුන් මුත්, විශ්ව විද්‍යාලයක ඉගැන්වීම තහනම් කෙළේය.

අගතිගාමී ෆැසිස්ට් සිත්සතන්, උසස් අධ්‍යාපන ආයතන තුළත් බිහිවෙයි. එසේ වන්නේ, ජාතික ශ්‍රේෂ්ඨත්වයක් සහ ශ‍්‍රී විභූතියක් පිළිබඳ කුණු කන්දල්වලින් හේතු බුද්ධිය වසා ගත් විට ය. එය, ඥානනයේ අනිවාර්ය හිඟයක, ප‍්‍රතිවිපාකයකි. රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන, ගෝඨාභයගේ විද්වත් පර්ෂදයේ ප‍්‍රමුඛ පෙළේ සාමාජිකයෙකු වන, චන්න ජයසුමන මෑතකදී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීය. එහිදී ඔහු ඉදිරිපත් කෙළේ, ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ඉතිහාසය පිළිබඳ තමාගේ අර්ථකථනයයි.

සිතින් මවාගත් ජාතික පුනර්ජීවනයක මලකඩ බලපෑමෙන් රටක ශාස්ත‍්‍රාල ගැලවෙන්නේ නැත. ජර්මනියේ හිට්ලර්ගේ පාලනය යටතේ ෆ‍්‍රයිබර්ග් සරසවියේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ මාර්ටින් හයිඩගර් ඒ රාජකාරිය නිර්දය අවංක භාවයෙන් යුතුව ඉටු කෙළේය. මනුෂ්‍යත්වය පිළිබඳ අබමල් රේණුවක හෝ සේයාවක් විණි නම්, මේ මහා දාර්ශනිකයා එක්තරා දේශනයක්දී එයත් කුණු කූඩයට දැම්මේය: ‘‘කෘෂිකර්මය දැන් යාන්ත‍්‍රිකරණය වෙච්ච කර්මාන්තයක්. හරියටම ගත්තොත්, ගෑස් කාමරවල සහ සංහාරක කඳවුරුවල මළමිනී නිෂ්පාදනය කරනවා වගේ.’’

හිට්ලර් යටතේ ජරමානු විශ්ව විද්‍යාල, ජරමානු ආධ්‍යාත්මයේ පරම අභයභූමි බවට පත්කෙරුණි. එදා මාර්ටින් හයිඩගර් අධ්‍යාපන අමාත්‍යාංශයට මෙසේ ලිවීය: ‘‘අප ඉදිරියේ දැන් තෝරා ගත යුත්තක් තිබේ. අපේ ජරමානු ආධ්‍යාත්මිකත්වයෙන් උපන් ප‍්‍රතිභාවන්ට මුල් තැන දෙමින් අපේ පොළොවේ පය ගසා සිටින අධ්‍යාපනඥයන් බිහි කරන්නේ ද, නැත්නම්, දැන් ලියලා වැඩෙමින් පවතින යුදෙව්වාදයට (එහි පටු සහ පුළුල් යන අර්ථ දෙකින්ම ගෙන) අපේ ආධ්‍යාත්මය සදහටම බිළි දෙන්නේ ද යන්නයි.’’

ජර්මනියේ ජනතාවට ඉතිහාසය විසින් ඒ පාඩම කියාදුනි. ඔවුන්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව තුළ, සෘජු ඡුන්දයෙන් පත්කර ගන්නා ජනාධිපති තනතුර හිතමතාම බැහැර කොට තිබේ. ඒ ඓතිහාසික පූර්වාදර්ශ, ‘වියත් මග’ විද්‍යාර්ථීන්ගේ අන්තවාදී අභියෝගවලට මුහුණදීමට අපට උපකාරී කර ගත යුතුය.

කලින් කීවාක් මෙන්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය හැඩ ගැසෙන්නේ අර කී අමුතු ‘ලෝක දැක්මෙනි’. සිංහල කතා කරන, ප‍්‍රභූ-විරෝධී පහළ මැද පංතිකයන්ට අල්ලන කතා ඔහුට තිබේ. ඒවා, සිංහල කතා කරන වෘත්තිකයන්ට සහ ව්‍යාපාරික පැලැන්තියටත් අල්ලයි. සකල රාජ්‍යයේ පරම අධිකාරී මධ්‍යගත බලයක් අපේක්ෂා කරන ව්‍යාපාරික සමූහයාට එය ආකර්ශණීය වීම පුදුමයක් නොවේ. මන්ද යත්, වර්තමාන ආණ්ඩුවේ විගඩම් පාලනයෙන් තෙහෙට්ටුවට පත්ව සිටින එකී ව්‍යාපාරික පංතියත් වෙනසක් අපේක්ෂා කරන බැවිනි.

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බලගතු අපේක්ෂකයෙකි. එසේම, බොහෝ දෙනා තුළ විශ්වාසය දනවන අපේක්ෂකයෙකි. මන්ද යත්, ඔහු ශක්තිමත් නායකයෙකු සේ සැලකෙන බැවිනි. ව්‍යාකූලත්වය රජයන, අර්බුද ගහණ සමාජයක දුප්පත්, පොහොසත්, ප‍්‍රභූ කවුරුත් අපේක්ෂා කරන්නේ ශක්තිමත් නායකයෙකි. තමාගේ ‘එළිය’ සංවිධානයෙන් එළිය විහිදුවන බව ඔහු කියයි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, එය පොලිස් රාජ්‍යයකින් විහිදෙන ඇස් නිලංකාර කරවන එළියක් වීමයි. ආත්මය වශයෙන් ගත් විට එය ජාතිකවාදී ය. ප‍්‍රාර්ථනාවක් වශයෙන් ගත් විට, ආර්ථිකවාදී ය. අන්තර්ගතයෙන් ගත් විට මිලිටරිවාදී ය. සැලසුම් කරන ලද මගක් ඔස්සේ, හඳුනා ගත් ඉලක්කයන් පස්සේ හඹා යන බරසාර ලූහුබැඳීමකට, විනය ඉහළ මාත‍්‍රාවකින් අවශ්‍ය කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය කරන්නේ ඊට බෙහෙවින් අඩු මාත‍්‍රාවකිනි. එහිදී, විසම්මුතිය දේශද්‍රෝහී වෙයි. වෙනස් අදහස් දැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ දුර්ලභ ගනයේ දක්ෂ කළමනාකරුවෙකි. පක්ෂපාතීත්වය ලබා ගන්නා සැටි ඔහු දනී. නායකත්වයක් යනු අනුගාමිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඇති හැකියාවයි. ‘වියත් මග’ සහ ‘එළිය’ පේවී සිටින්නේ ඔහුගේ ඒ පුද්ගලතාව ප‍්‍රවර්ධනය කිරීමටයි.

ඔහුගේ වැඩිමල් සහෝදර මහින්ද රාජපක්ෂටත් අනුගාමිකත්වයක් සිටී. ඒ අනුගාමිකයෝ රේන්දකාරයෝ ය. බලය රස බැලීමේ ආශාවෙන් පෙළෙන, සොක්කන්ගේ සිට බක්කන් වී ඇති, අලූත් පෝසතුන් ය. ඔවුන්ට මහින්ද යනු තමන්ගේ ආයෝජනයන් සඳහා වන ප‍්‍රතිලාභ සහතික කර ගැනීමේ වාහකයකි. මහින්දට පක්ෂපාතීත්වය අවශ්‍ය කරන අතර, ගෝඨාභයට අවශ්‍ය කරන්නේ අවනත භාවයයි. ගොඩගමදී ගෝඨාභය කළ කතාව, ඕනෑම හැකරයෙකුට කළ හැකි කතාවකි. වර්තමානයේ බලය දරන්නනන්ගේ සදාචාර හයිය ගැන ප‍්‍රශ්න කිරීමට අමුතු හැකියාවක් කෙනෙකුට අවශ්‍ය නොකෙරේ. අකුරේගොඩ ආරක්ෂක සංකීර්ණය මහාර්ඝ දේශපේ‍්‍රමී ව්‍යාපෘතියක් සේ ගෙනහැර දැක්වූ ඔහු, අසන්නාට ආතක්පාතක් සොයාගත නොහැකි බිලියන ගණනින් වන සංඛ්‍යා ලේඛන රාශියක් ඉදිරිපත් කෙළේය.

ඔහුගේ කතාව තුළ කුළුගැන්වෙන්නේ මිලිටරිවාදයේ අත්‍යාවශ්‍යතාවයි. එහි ඇති අනුභූතික වැදගත්කමයි. සාමය රජයන වත්මන් සමාජය තුළත් හමුදාවට ප‍්‍රධාන භූමිකාවක් පිරිනැමීමට ඔහු පසුබට නොවෙයි. එක්කෝ, වත්මන් සමාජය බරපතල සහ ආසන්නතම තර්ජනයකට මුහුණදී සිටින බවක් ඔහු අදහනවා විය යුතුය. නැත්නම්, එවැන්නක් උපකල්පනය කරනවා විය යුතුය. මැද-පංතික තරබාරු ගැහැනුන්ගේ ඇඟපත අඩු කර ගැනීමට සක්මන් බිම් තීරුවලින් සැලසුණු සේවය ඇගයීමට ලක්වන කොළඹ නාගරික භූ-දර්ශනයේ පරිවර්තනය ඔහු චිත‍්‍රණය කරයි. පැල්පත්වාසීන්ව මහල් නිවාසවල පදිංචි කොට අගනා බිම් කොටස් ලාභදායී ආයෝජන සඳහා පරිහරණයට ගැනීමේ තර්කය ඔහු පැහැදිළි කර දෙයි.

එහෙත් මේ නාගරීකරණයේ පීඩාකාරීත්වය ඔහු විස්තර කෙළේ නැත. ලක්ෂ ගණන් මිනිසුන් ප‍්‍රමාණවත් ඉඩහසරක් ඒ නිවාස තුළ නොලැබීමෙන් පීඩාවට පත්වූ ආකාරය, කුලී ගෙවා ගැනීමට නොහැකි වීම, රැුකියා කරන ස්ථානවලට සහ පාසල්වලට ඇති අධික දුර, පිරිසුදු පානීය ජලය හිඟ කම සහ සමහර විට, සපතේරුවෙකුට පාරේ කොණක තමන්ගේ කර්මාන්තය කරගෙන යාමට තිබූ නිදහස නැති වීම ආදී කරුණු ඔහු පැහැදිළි කරන්නේ නැත. පැල්පත්වාසීන්ව මහල් නිවාසවල පදිංචි කරවීමෙන් පහළ මැද පංතිකයන්ගේ තත්වයට ඔවුන්ව උසස් කළ හැකි යැයි මොවුහූ විශ්වාස කරති. එහෙත් කාරණය එතරම් සරළ නැත.

ගෝඨාභයගේ ‘ලෝක දැක්ම’ තුළ, ජාතිකවාදය සහ දේශපේ‍්‍රමය එකිනෙකට පර්යාය වන්නේය. ජාතික ශ්‍රේෂ්ඨත්වයක් පිළිබඳ හැඟීමක් ඇති කිරීමට තැත් කරන ඔහු ජාතියක ආධිපත්‍යයක් පිළිබඳ අදහසක් ගම්‍ය කරයි. ඔහු එය කරන්නේ ඉමහත් ආත්ම විශ්වාසයකිනි.

කෙසේ වෙතත්, ජාතික රාජ්‍යයේ අවශ්‍යතාවන් ලෝක ආර්ථිකය සමග බද්ධ කිරීමේ වැදගත්කම ඔහු පිළිගන්නා බව ඔහුට ගෞරවයක් වශයෙන් කිව යුතුය. එහෙත් ඊට අදාළ කොන්දේසි ඔහු නිර්මාණය කර ගැනීමට බලන්නේ, තමාගේම වූ කෝවක් තුළ ය. සම්ප‍්‍රදාය පිළිබඳ තමාගේම වූ අදහසක් තුළ ය. සාරධර්ම පිළිබඳ තමාගේම වූ වැටහීමක් තුළ ය. ඒ අනුව, ජාතිකවාදය ඔහු වටහා ගන්නේ, සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතික ධර්මතාවක් වශයෙනි. එසේම, ජාතියේ අනන්‍යතාව සහ ස්වායත්ත භාවය, තමා වටහාගෙන ඇති දේශපේ‍්‍රමය සමග ඔහු ගැටගසයි.

ඔහුගේ කතාව තුළ ප‍්‍රකට කෙරෙන චරිත ස්වභාවය, හේගලියානු සම්ප‍්‍රදායට සමීප ය. ඔහුට අනුව, ‘වීමට’ වඩා ‘පැවැත්ම’ වටනේය. ඔහු අකාලික පරිපූර්ණත්වයක් සොයන්නේ කාල පරාසයක් තුළ ය. එය මහා නපුරක් බවට පත්විය හැකිය. ශක්තිමත් නායකයෙකුගේ අචල හස්තයක් අපේක්ෂා කිරීම යහපත් මිනිසුන්ගේ සිරිතකි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් එවැනි මිනිසුන්ව සමාන කෙළේ, පැටියා නොමරා වහුමස් කෑමට දක්වන රුචිකත්වයක් වශයෙනි.

*2018 ඔක්තෝබර් 21 වැනි දා ‘ සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ  Unhappy is the Land that Needs a Hero” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

සුදුසුකම් සපිරූ වෛද්‍ය පරිපාලකයෙක් ජ’පුරට පත් කරන්න: ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රාජිතට කියයි

$
0
0

චින්තිකා ද සිල්වා

ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න වෙත 18.10.2018 දින ලිපියක් යොමු කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න වෙත එල්ලවී ඇති බරපතල චෝදනා විභාග කරන ලෙසටත්, එම රෝහලට සුදුසුකම් සපිරූ වෛද්‍ය පරිපාලකයෙක් පත් කරන ලෙසටත් දැනුම් දී ඇත. 

ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. පී. දයාසේන මෙම ලිපියෙහි විශේෂයෙන්ම දක්වා ඇත්තේ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු ආයතනයක් වන ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල පාලනය කළ යුත්තේ තෘතීය රෝහලක් පාලනයට සුදුසු අධ්‍යක්ෂකවරයකු විසින් බවය. 

පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු ආයතයේ අධ්‍යක්ෂක දූෂිතයන් හා එක් වීම

පශ්චාත් වෛද්‍ය උපාධි  පුහුණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජනක ද සිල්වා ජ’පුර රෝහල් පනතට අනුව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට නිල බලයෙන් පත්ව සිටියි. පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණුවේ ගුණාත්මකභාවය රෝහල තුළ තහවුරු කිරීම ඔහුගේ වගකීම වුවද ඔහු සිදු කර ඇත්තේ දේශපාලන ගැත්තෙකු වන සුසිත සේනාරත්න රැකීමේ මෙහෙයුමට සභාපති අතුල කහඳලියනගේ සමග එක් වීමය. අධිකරණ නියෝගයකින් සහ පාර්ලිමේන්තු කෝප් විධානයකින් මෙම සුදුසුකම් රහිත ව්‍යාජ අධ්‍යක්ෂ ඉවත් කර නිසි අධ්‍යක්ෂකවරයුකු පත් කර ගැනීමට විධානය කර තිබියදී මොහු ජනක ද සිල්වා සිදු කර ඇති ප්‍රධාන කාර්යය මෙම දේශපාලන හෙන්චය්යන් දෙදෙනාව ආරක්ෂා කිරීමය. 

චෝදනා විමර්ශනය කරන්න”

ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය ලිපියෙන් ඉල්ලා සිටින්නේ ජ’පුර ව්‍යාජ අධ්‍යක්ෂකවරයා විසින් එම සංගමයේ සාමාජිකයින් හිංසනයට ලක් කිරීම පිළිබඳව ඇති චෝදනා විමර්ශනයට ලක් කරන ලෙසය. දින කිහිපයකට ප්‍රථම  සුසිත සේනාරත්න විසින් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලෙහි ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ගේ ජීවිතය අනතුරෙහි බව දක්වමින් නීති විරෝධී සහ සදාචාර විරෝධී ෆේස්බුක් සටහනක් තබමින් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාය ඌරෙකු ලෙස හඳුන්වා දී තිබුණි .

2018.10.22 වන දින ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් බහුතරයක් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් නිකුත් කරමින් පවසා ඇත්තේ දැනට විසිරුවා ඇති ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයට අතුල කහඳලියන්ගේ හෝ සුසිත සේනාරත්න යන අයවලුන්  කවර තනතුරකට හෝ පත් කිරීමට තමා දැඩි විරෝධය දක්වන බවයි. තවද මෙම දූෂිතයන් දෙදෙනා කෙරෙහි විශ්වාසය භංග වී ඇති බවද ඔවුන් විසින් එම ලිපියෙහි දක්වා තිබේ. 

මීළඟට පත් වන අධ්‍යක්ෂක මණ්ඩලයට, ටෙන්ඩර් අක්‍රමිකතා, සිය දරුවන්ට අක්‍රමික උපකාර ලබා ගැනීම, සැපයුම් කරුවන්ගෙන් අයථා ලෙස ශල්‍ය උපකරණ සහ සැරහුම් ගෙන ඒම, රාජකාරියට වාර්තා නොකිරීම වැනි දූෂණයන්ගේ නිරත වන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙක් රිංගවීමට කහඳලියනගේ සහ සුසිත සේනාරත්න විසින් ගත් උත්සාහය විශේෂඥ වෛද්‍යවරුන් බහුතරයකගේ ප්‍රතිරෝධය මත පසුගියදා ව්‍යර්ථ විය.

Print Friendly, PDF & Email

සිසිෆස්ගෙන් ඉගෙනීම

$
0
0

තිසරණී ගුණසේකර

‘‘තම රටේ පාලක රජ පවුලේ උදහසට ලක්වූ මාධ්‍යවේදියා’’: ඒ, ගාර්ඩියන් පුවත්පතේ පළවූ ජමාල් කෂෝගිගේ මරණ දැන්වීම සඳහා යොදාගෙන තිබූ උද්ධෘතයයි. අරාබි ලෝකයට අද වැඩියත්ම අවශ්‍ය කරන්නේ ප‍්‍රකාශනයේ නිදහස බව, ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ පළවූ සිය අවසාන තීරු ලිපියේ ජමාල් කෂෝගි ලියා තිබුණි. බොහෝ මානවයන්ට මානව හිමිකම් අහිමි කෙරෙන ලෝකයක ජීවිතය සහ මරණය මොන වගේ ද යන්න, ඔහුගේ තිරිසන් ඝාතනයෙන් මොනවට පෙන්නුම් කරයි. තුර්කි තොරතුරු මූලාශ‍්‍රවලට අනුව, ඔහුගේ ඝාතකයෝ ඔහුව පණ පිටින් ඉරා දමන්ට පටන්ගෙන තිබේ.

කෂෝගි මහතාගේ ඝාතනය අප ඉදිරියේ දිග හරින අනාගත චිත‍්‍රය පැහැදිළි ය. ඇමරිකාවේ ධවල මන්දිරයේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙනුවට මේ මොහොතේ සිටියේ වෙන කෙනෙකු නම්, සවුදිකාරයන් මෙයාකාරයෙන් මෙවන් තැනකදී (තුර්කිය යනු සෞදි අරාබියේ මිතුරු රටක් නොවේ) කෂෝගි මහතාව ඝාතනය නොකරනු ඇත. එහෙත් ට‍්‍රම්ප් මහතා ධවල මන්දිරයේ සිටින කාලයේ රියාද් නුවර උන්මත්තක සිත්සතන් නිදැල්ලේ හැසිරෙයි. නිදහස් ප‍්‍රකාශනය කෙරෙහි තමන් තුළ ඇති වෛරය සහ නිදහස් මාධ්‍ය පිළිබඳ තමාගේ අපුල ට‍්‍රම්ප් වසංගන්නේ නැති බව අපි දනිමු. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා ජාරෙඞ් කුෂ්නර්ට දුරකථනයෙන් කතා කොට, මේ කුලප්පුව කුමක්දැ යි ඇසූ බව, ‘ද වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත වාර්තා කෙළේය.

කෂෝගි මහතාගේ ඝාතනය, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය සේම, හුදෙකලා සිදුවීමක් නොවේ. එය, අප ජීවත් වන මේ යුගයේ සංකේතයකි. ජයග‍්‍රහණය කොට ඇතැයි මෙතෙක් සිතා සිටි සටන් නැවත කිරීමට සිදුවන, විසඳාගෙන ඇතැයි මෙතෙක් සිතා සිටි ප‍්‍රශ්න යළිත් සැලකිල්ලට ගැනීමට සිදුවන ඓතිහාසික යුගයකි, එය.

ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල්වරයා, ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ඉඳුරා පටහැනි ස්ථාවරයක් ගනිමින් රටකට මානව හිමිකම්වල අවශ්‍යතාවක් ඇත්දැ යි ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කිරීම වූ කලී, ලොව පුරා බොහෝ දේශපාලඥයන්, චින්තකයන් සහ පූජකයන් මේ අවස්ථාවේ කියමින් සහ කරමින් සිටින දේවල්වලම ප‍්‍රතිරාවයකි. ජාතිකවාදී-ජනතාවාදයේ නව රැුල්ලක් ලොව පුරා හමා යන මේ මොහොතේ, ජන සමාජ සහ රටවල් විසින් නිදහස සහ ආරක්ෂාව අතර, මූලික මිනිස් අයිතීන් සහ ආර්ථික සමෘද්ධිය අතර තෝරා ගැනීමක් කළ යුතුව ඇති බවට ප‍්‍රබල පුද්ගලයෝ තර්ක කරති. එහිදී, තමන් සතු මූලික අයිතීන් කැමැත්තෙන්ම අතහැරීමට තරම් ඡුන්දදායකයාව බිය වද්දනු ලැබේ. නිදහස් පුරවැසියන්ගේ සිට කීකරු යටත් වැසියන් බවට පත්වීමට ඔවුන්ව තල්ලූ කරනු ලැබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කයිවාරුව වන්නේ, ආණ්ඩුව ජනතාව සඳහා ය යන්නයි. එහෙත් රටක ආර්ථිකය තුළ යහපත් ජීවිතයක් වෙනුවට මහ දවල් අසමානත්වය වැපිරෙන විට, ආණ්ඩුවක් යනු ජනතාව සඳහා නොව, ජනතාවට එදිරිව සිටින ආයතනයක් බවට හැඟීමක් ජනතාව තුළ ඇති වෙයි. චන්ඩි නායකයාගේ වෙලාව එන්නේ ඒ මොහොතේදී ය. ඔහු පවතින පදනම් ගල් පුපුරුවා හැරීමට සපථ කරයි. මඩ ගොහොරුව හිස් කොට රටවල් ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීමට සපථ කරයි. ඒ සියල්ල වෙනුවෙන් හැම විටකම උපමාවට ගැනීමට අතීත රාම-රාජ්‍යයක් ඔහුට තිබේ.

ලෝකයේ වඩාත් ආරක්ෂාව සහිත රටවල් හෙවත් රටේ ජනතාවට හොඳම ජීවන තත්වයන් සහතික කරලීමට සමත්ව ඇති රටවල් වනාහී, ඒකාධිපති තන්ත‍්‍රයන් ඇති හෝ දරදඬු පාලකයන් සහ පවුල්වලින් පාලනය කෙරෙන රටවල් හෝ නොවේ. ඒ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ය. මූලික අයිතීන් පිළිගනු ලබන, මූලික නිදහස යහමින් තිබෙන, නීතියේ ආධිපත්‍යය රජයන රටවල් ය. එහෙත් ජාතිකවාදී-ජනතාවාදයේ නව රැුල්ල තුළ එවැනි සත්‍ය දත්ත සඳහා කිසි ඉඩක් නැත.

මේ මාසයේ, ‘දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්-රාජ්‍ය මණ්ඩලය’ අනතුරු ඇඟවීමේ වාර්තාවක් ඉදිරිපත් කෙළේය. ලෝකයේ ඌෂ්ණත්වය, ප‍්‍රාග්-කාර්මික යුගයේ පැවති තත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 කට නොවැඩි මට්ටමක පවත්වා ගැනීමට හැකි වෙතොත් පෘථුවියට අනාගතයක් ඇති බව එයින් කියැවුණි. එසේ නොවුණොත්, විශේෂයෙන් ඒ මට්ටම සෙල්සියස් අංශක 2 පැන්නුවොත්, ස්වභාවික ලෝක විනාශයක් බලාපොරොත්තු විය හැකිය. මේ වාර්තාව පිළිබඳ අදහස් විමසන ලදුව ඩොනල්ඞ් ට‍්‍රම්ප් කීවේ, මෙවැනි අසම්මජාති නිගමන ඇතුළත් වාර්තා තමා අනන්තවත් දැක ඇති බවත්, ලෝකයා ඉදිරියේ දීප්තිමත් අනාගතයක් ඇති බව තමාගේ විශ්වාසය වන බවත් ය. (විද්‍යාව පිළිබඳ තමාට සහජ ඉවක් ඇති බවටත් ඔහු කයිවාරු ගැසුවේය*.

ඉහත කී වාර්තාව සඳහන් කරන පරිදි, දැඩි ප‍්‍රතිකර්ම පියවර ගැනීමෙන් මේ විනාශය වළක්වා ගත හැකිය. එහෙත් ඒ, ඩොනල්ඞ් ට‍්‍රම්ප් එක දිගටම ධවල මන්දිරයේ නොසිටියොත් ය. කාලගුණ විද්‍යාවන් ප‍්‍රතික්ෂේප කරන බ‍්‍රසීලයේ ජයීර් බොල්සොනාරෝ වැන්නන් එම රටවල ජනාධිපති ධුරයට පත් නොවුණොත් ය. මොහු සංවර්ධනයේ නාමයෙන් බ‍්‍රසීලයේ ඇමසෝන් වනාන්තරය වැඩි වැඩියෙන් පාවිච්චියට ගැනීමට සපථ කර ඇති පුද්ගලයෙකි. ඉතාලියේ ‘තරු පහේ ව්‍යාපාරය’ එන්නත්-විරෝධයක් කරලියට ගෙනැවිත් කර ගත් වින්නැහිය (එන්නත් කිරීම් අඩු වත්ම සරම්ප උවදුර උග‍්‍ර වීම), තනි තනි රටවල් සම්බන්ධයෙන් පමණක් නොව, සමස්ත ලෝකය සම්බන්ධයෙන් ගත්තත්, මෙකී ජාතිකවාදී-ජනතාවාදයේ නව රැුල්ල එක දිගටම ගියොත් සිදු විය හැකි අනාගත විනාශයේ තරම පිළිබඳ අනතුරු ඇඟවීමකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පවතින මතකයේ ඇණහිටීම

කාදිනල් මැල්කම් රංජිත් පුද්ගල අයිතීන් පිළිබඳ ඉහත කී ප‍්‍රතිගාමී අදහස් ගෙනහැර පෑ අවස්ථාවේ, ඔහුව ප‍්‍රශ්න කිරීමට ඉදිරිපත් වූ එකම දේශපාලඥයා මංගල සමරවීර ය. එහිදී ‘ඒකාබද්ධ විපක්ෂය’ කාදිනල්වරයාගේ ආරක්ෂාවට ආවේය. (හිට්ලර් කෙනෙකු වී හෝ රට සංවර්ධනය කරන්නැයි මීට කලින් එක් මහනායක හිමි නමක් කී අවස්ථාවේත් ඒකාබද්ධය මෙයාකාරයෙන්ම එය ආරක්ෂා කෙළේය). මහින්ද රාජපක්ෂත් (මංගල සමරවීරට එරෙහිව) ‘ආගමට එරෙහිව කරන පහරදීම්’ ගැන කණස්සල්ල පළ කොට තිබුණි. ගෝඨාභය රාජපක්ෂත් ‘ලංකාදීප’ පුවත්පතට ලියන සතිපතා තීරු ලිපියේ, ආගමික සම්ප‍්‍රදායයන් ගැන නූතනත්වය දක්වන නොසැලකිල්ල ගැන දෙස් තියා තිබුණි.

සමරවීර මහතා ලිබරල් දේශපාලඥයෙකි. එහෙත් අද කාලයේ බොහෝ ලිබරල් දේශපාලඥයන් මෙන් ඔහුත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය අතර පවතින සහසම්බන්ධය වටහාගෙන නැති පාට ය. ඔහු ආගමික සහ සංස්කෘතික අන්තවාදයන්ට එරෙහිව පෙනී සිටින බව ඇත්ත. එහෙත්, ආර්ථික සාධාරණත්වය සහ දේශපාලනික සහනශීලීත්වය අතරේ අන්‍යොන්‍ය පරායත්ත භාවයක් ඉතිහාසය පුරා පැහැදිළිවම තිබී ඇති බව සිහියට නගා ගැනීමට ඔහු අසමත් වෙයි. සමරවීර මහතා මුදල් ඇමති නොවුණි නම්, ඔහුගේ ඒ නොහැකියාව බරපතල ප‍්‍රශ්නයක් නොවන්නට තිබුණි. එහෙත් ලූහුපෙවතේ (ජනතාවට පටි තද කර ගැනීමට සිදුවීමේ) දේශපාලනික ආදීනව වටහා ගැනීමට මුදල් ඇමතිවරයා වශයෙන් ඔහු අසමත් වීම, රාජපක්ෂ පුනරාගමනයකට පේන තෙක් මානයේ පාර කැපිය හැකි බව සැලකිල්ලට ගැනීම වටී.

ජාතිකවාදී-ජනතාවාදයක් මීට පෙර ලොව පුරා පැතිර ගිය අවස්ථාව වුණේ 1920 සහ 1930 දශකයන් ය. පළමු ලෝක යුද්ධයෙන් පසු එහි පළමු රැුල්ල හටගත් අතර එයම දෙවැනි ලෝක යුද්ධයට පාර කැපුවේය. මේ යුද්ධ දෙක අතරතුර කාලයේ දක්නට ලැබුණු එක් මූලික ලක්ෂණයක් වුණේ ආර්ථික දුෂ්කෘතියයි. අකර්මණ්‍යත්වයයි. 1929 හටගත් මහා අවපාතය ලොව පරසිඳු ය. ඊට කලින් 1921-23 කාලයේ, එතරම් ලෝක අවධානයට යොමු නොවුණත්, තවත් ආර්ථික අවපාතයකට ලෝකය යට විය. ආර්ථික හිරිහැරය සහ අපේක්ෂා භංගත්වය නිසා පුද්ගලයන් මෙන්ම රටවල් ද නන්නත්තාර විය. ශක්තිමත් ආයතන තිබූ රටවල් පමණක් විනාශය වළක්වා ගත්තේය. එම රටවල්, පැමිණි අර්බුදකාරී අවස්ථාව, පවතින ක‍්‍රමයේ සමහර අංග නිවැරදි කර ගැනීමට අවස්ථාවක් කර ගත්තේය. හොඳම උදාහරණය වන්නේ ‘ඇමරිකානු නව ක‍්‍රමවේදයයි’. ශක්තිමත් ආයතන පද්ධතියක් නැති වෙනත් රටවල් තමන්ගේ රටවල් තුළ ඇති වූ හිඩැස පුරවා ගැනීමට බැලූවේ ශක්තිමත් නායකයන් බලයට පත්කර ගැනීමෙනි. ඇඩොල්ෆ් හිට්ලර් බලයට ආවේ එලෙසිනි.

(පළමු ලෝක යුද්ධයෙන් පසුව) 1918 ජයග‍්‍රාහී රටවල් කටයුතු කළ ආකාරයට වෙනස් ආකාරයකින් (දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව) 1945 ජයග‍්‍රාහී රටවල් කටයුතු කිරීමට පෙළඹුණේ, සමාජවාදී අභියෝගය සහ සෝවියට් ආදර්ශයේ ජනකාන්ත භාවය ඉදිරියේ වෙනස් විදිහකින් සිතීමට බල කෙරුණු නිසා ය. ක‍්‍රමයක් වශයෙන් විනාශ නොවී පැවතීම සඳහා වෙනස් විය යුතුව ඇති බව තේරුම් ගැනීමට තරම් ශක්තියක් තිබූ නායකයන්ගෙන් එදා ධනපති ක‍්‍රමයට අඩුවක් නොවුණි. ඒ ධනපති නායකයෝ සමාජවාදයේ පැවති සමාජ-ආර්ථික දායාදයෙන් පවා දේවල් ණයට ගැනීමට පසුබට නොවූහ. ජෙනරාල් ලූසියස් ක්ලේ දැඩි කොමියුනිස්ට්-විරෝධියෙකි. සීතල යුද්ධයේ දී ධනවාදී කඳවුර වෙනුවෙන් පෙනී සිටි දැවැන්තයෙකි. ‘‘දවසට කැලරි 1500 ක් ලබන කොමියුනිස්ට්වාදියෙකු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය තබමින් දවසට කැලරි දහසකින් යැපෙන පුද්ගලයෙකු අතර තේරීමක් නැතැ’’ යි ඔහු කීය. සුපුරුදු ක‍්‍රමයට වෙනස්ව, අවශ්‍ය තන්හිදී පිළිගත් සම්මතයන් පවා කඩා දැමීමට කැමති එවැනි නායකයෝ එදා බටහිර ධනවාදය තුළ සිටියෝය. යුරෝපයේ සමස්ත සමාජ ක‍්‍රමය (ධනවාදයේ පැත්තට) තීරණාත්මකව වෙනස් කළ ‘ජෝර්ජ් මාෂල් සැලැස්ම’ දියත් කිරීමට ඉඩහසර ලැබුණේ, ධනපති ක‍්‍රමය තුළම තිබූ එවැනි ආකල්පමය පරිවර්තනයන් නිසා ය. ව්‍යුහාත්මකව රටවල් වශයෙන් යළි ගොඩනැගීමේ අවශ්‍යතාව සහ තම රටවල පුරවැසියන් සඳහා සෘජුවම ආයෝජන යෙදවීමේ අවශ්‍යතාව අතර හිර වී සිටි පශ්චාත්-යුද කාලීන යුරෝපා ආණ්ඩුවලට ‘ජෝර්ජ් මාෂල් සැලැස්ම’ තුළින් විශාල නිදහසක් සැපයුණි. දේශපාලනික අස්ථාවරත්වය ඇති කරලිය හැකි සහ දෛනික ජීවන තත්වයේ කඩා වැටීමකට තුඩුදිය හැකි ආකාරයේ දුෂ්කරතාවන් ජනතාව මට පැටවීමෙන් වැළැකී සිටීමට ‘ජෝරජ් මාෂල් සැලැස්ම’ නිසා බටහිර ලෝකයට හැකියාව ලැබුණි.

ඒ ආකාරයට, සුභසාධන රාජ්‍ය ක‍්‍රමය දියුණු ලෝකයේ ධනපති රටවල ප‍්‍රතිමානය බවට පත්වුණි. පිටස්තරයන් වශයෙන් සිටි සාමාන්‍ය ජනතාව, ආර්ථික ක‍්‍රමයේ පරදු දරන්නන්ගේ තත්වයට පත් කිරීමට එදා දේශපාලන නායකයෝ ආර්ථික ක‍්‍රමවේද පාවිච්චි කළහ. ඒ බටහිර සුභසාධන රාජ්‍ය පද්ධතිය, තම රටවල ජනතාවට ඉහළ ජීවන තත්වයන් සහතික කරලීමටත්, තමන්ගේ රටවල කම්කරු පංතිකයන්ට නැගෙනහිර යුරෝපා සමාජවාදි රටවල කම්කරුවන්ට වඩා යහපත් සේවා තත්වයන් සහතික කරලීමටත් සමත් විය. මේ තත්වය එරික් හොබ්ස්බෝම් විස්තර කෙළේ මෙසේ ය: ‘‘මේ සියවසේ එක් අසාමාන්‍ය උත්ප‍්‍රාසයක් වුණේ, ධනවාදය ලෝක පරිමාණව පෙරලා දැමීමට පේ වී සිටි ඔක්තෝබර් විප්ලවය, යුද සමයේදී සේම සාම සමයේදීත් තමාගේ එදිරිවාදියාව ආරක්ෂා කර දීමට හේතුකාරක වීමයි. එනම්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, එම (ධනපති) ක‍්‍රමයට ඇතුළෙන්ම ප‍්‍රතිසංවිධානය වීමට තල්ලූ කරන ආකාරයේ පන්නරයක් සහ භීතියක් ජනිත කරවීම මාර්ගයෙනි.’’

ඒ ඉතිහාසය දැන් අමතකව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඒ අමතකය, ඇදහිල්ලක් තරමට ගැනෙන ආධානග‍්‍රාහී ආර්ථික ආකල්පයකට තුඩු දී තිබේ. පුද්ගල නිදහස සහ සමාජ සාධාරණත්වය අතර පැවති පශ්චාත්-යුද කාලීන සහසම්බන්ධය දැන් කැඩි බිඳී ගොසිනි. 2009 දී තවත් මහා ආර්ථික අවපාතයක් වළක්වා ගැනුණි. එහෙත් ඒ ආර්ථික කඩා ඉහරවීම වළක්වා ගැනීමට ගත් පියවර නිසා දස ලක්ෂ ගණනන් ජනීජනයාගේ ජීවිතවලට ඇති කළ අහිතකර බලපෑම අති විශාල ය. මිනිසුන්ගේ ජීවිකා වෘත්ති නැති විය. ගෙවල් දොරවල් මිනිසුන්ට අහිමි විය. එසේ තිබියදී, මේ ආර්ථික අර්බුදවලට වඩාත්ම හේතුකාරක වූ බැංකු, රක්ෂණ සමාගම්, හෙජිං අරමුදල් සහ මූල්‍ය ප‍්‍රාග්ධනයේ වෙනත් ආයතන පද්ධති සීරීමක්වත් නැතිව ඇඟ බේරාගෙන සිටීම, ජනතා අප‍්‍රසාදයට තවත් හේතු කාරණා වන්නේය.

යම් කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාර්ථකව නඩත්තු කිරීනේ පසුව බ‍්‍රසීලය මාරාන්තික අසාර්ථකත්වයකට මුහුණදීමේ කතාව, එවැනිම දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අපත් ඇතුළු වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්ට යස පාඩමකි. බ‍්‍රසීලයේ කම්කරු පක්ෂය දූෂණයට කප් ගැසුවේ නැතිනම්, අති දැවැන්ත ධන සම්පත් (රියෝ ඔලිම්පික්ස් වැනි) සෝබන ව්‍යාපෘතිවලට නාස්ති කරන්නේ නැතිව සාමාන්‍ය ජනයාගේ ජීවන තත්වයන් නගා සිටුවීම සඳහා යෙදවූයේ නම්, බ‍්‍රසීලයේ ගමන් මග වෙනස් වන්නට තිබුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන් තමන්ගේ මූලික ප‍්‍රතිඥාවන්ට පිටුපාමින් තමන්ගේ ඡුන්දදායකයා අහිමි කර ගන්නා විට සිදුවන්නේ, අධිකාරීවාදී අනාගත පාලකයන්ට අත වැනීමකි.

හිට්ලර් බලයට පත් සැණින් යුරෝපීය සංස්කෘතික නායකයෝ ආන්ද්‍රේ ජීද් ගේ මගපෙන්වීම යටතේ සමුළුවක් කැඳවූහ. වැරදුණේ කොතැනදැ යි සොයා බැලීමත්, හිට්ලර්ගේ නට්සිවාදයට එරෙහිව නැගී සිටිය හැක්කේ කෙසේද යන්න සොයා බැලීමත් එහි අරමුණ විය. තමා වැනි වාමවාදී බුද්ධිමතුන් මේ තත්වයට අර්ධ වශයෙන් වගකිව යුතු බව එහිදී ක්ලෝස් මාන් පෙන්වා දුන්නේය. හිට්ලර් බලයට පැමිණීමට කලින් පැවති වෙයිමර් ජනරජය පිළිබඳ තමන්ගේ විවේචන අන්ත නිර්දය වූ බවත්, එසේ වුණේ, ඒ දූෂිත වූත්, අකටයුතු වූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ කිසි හොඳක් තමන් නොදුටු නිසා බවත් එහිදී කියැවුණි. අවසානයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හිට්ලර් බලයට පත්ව, මූලික මිනිස් අයිතිවාසිකම්වල ඇති වටිනාකම ගැන ඔවුන්ට පාඩමක් ඉගැන්නුවේය.

පරණ සටන් අලූතෙන් කිරීමට සිදුවීම අපේ අවාසනාවයි. එහෙත් ඒ සටන් කළ යුත්තේ, පැරණි වැරදි මගහරවා ගනිමිනි. ජාතිකවාදී-ජනතාවාදී රැුල්ල තවත් වටයකින් ලෝකය පුරා කැරකීමට පටන්ගෙන ඇති තත්වයක් තුළ, එහි අතීත රැුළිවලින් උගත් පාඩම් මතකයට නංවා ගත යුතුව තිබේ. ලෝක යුද්ධ දෙක අතර කාලයේ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව පැවතියේ ගර්හා කටයුතු ආකල්පයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලඥයෝ, දැන් මෙන්ම, බොහෝ කොට පගාකාර සහ අකාර්යක්ෂම ජාතියක් වුහ. දූෂණයත් ඔඩුදුවා තිබුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිඥා සහ යථාර්ථය අතර හිඩැස වැඩි වත්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයෝ කලකිරීමට සහ මන්දෝත්සාහයට පත්වුහ. ඒ දූෂිත, ගොබ්බ සහ අකාර්යක්ෂම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ පවා තිබූ නිදහසේ වටිනාකම මිනිසුන්ට වැටහුණේ, එම නිදහස් අයිතීන් නට්සිවාදී පාලනය යටතේ මුළුමණීන් දූරිභූත වූ පසුව ය.

මිනිස් ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිසා ජීවත්ව ඇත්තේ මූලික මිනිස් අයිතීන් සහ නිදහස නැතිව ය. ඔවුන්ගේ ජීවිත දිළිඳු විය. කෙටිකාලීන විය. දරුණු විය. තමන්ගේම වූ අයිතීන් සහ හඬක් නොමැතිව, රජවරුන්ගේ, ජෙනරාල්වරුන්ගේ, ධන කුවේරයන්ගේ හෝ ආගමික නායකයන්ගේ අණසක යටතේ ඔවුන් ගත කෙළේ නොමිනිස් පැවැත්මකි. අද අප ස්වභාවික දෙයක් වශයෙන් ගන්නා නිදහස, ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් හුවමාරු කර ගැනීමටත් කැමැත්තක් දක්වන ඒ නිදහස, සියවස් ගණනාවක් තිස්සේ කරන ලද දුෂ්කර සටන්වල ප‍්‍රතිඵලයකි. සර්වජන ඡන්ද බලය පිළිබඳ අයිතියට පවා මොන තරම් පසමිතුරු බලවේග විණි ද යන්න ඉතිහාසය දෙස උඩින්පල්ලෙන් බැලූවත් දැක ගත හැකිය.

ඓතිහාසිකව ගත් විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ධනවතාගේ සිල්ලර ආශාවක් නොව. දුප්පතාගේ බලවත් අවශ්‍යතාවකි. මූලික අයිතීන් නැති වීම ප‍්‍රයෝජනවත් වන්නේ සාමාන්‍ය නීතිගරුක පුරවැසියාට නොව, දේශපාලනික, ආගමික සහ ආර්ථික බලය හසුරුවන්නන්ට ය. එවැනි පරිසරයක අපරාධ මැඩලීම පවා කළ නොහේ. නිසි නීති ක‍්‍රියාවලියක් නැති, නිදහස් භාෂණයක් නැති වටපිටාවක අපරාධයක් සිදු වූ විට, පොලීසියට පරීක්ෂණ පවත්වමින් සිටීමට අවශ්‍යතාවක් පැන නගින්නේ නැත. ඔවුන්ට කිරීමට ඇත්තේ ‘සැක කටයුතු තැනැත්තෙකු’ අල්ලාගෙන ඔහු ලවා සියදිවි නසා ගැනීමට සැලැස්වීම හෝ අත්අඩංගුවෙන් පැන යාමට තැත් කිරීමේ දි මරණයට පත්වන තැනට වගබලා ගැනීම පමණි.

ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂලාගේ විපක්ෂය සහ (ඡන්දදායකයන්ගෙන් සියයට 45 ක් පමණ විය හැකි) ඔවුන්ගේ සහායක ජනතාව, නිසි බලධාරීන් අතින් නීතියට පිටින් සිදු කෙරෙන ඝාතන සහ අතුරුදහන් කිරීම් සලකන්නේ, මහජන යහපතට අවශ්‍ය කාරණයක් ලෙස ය. ‘විකල්ප’ සඟරාවේ සංවිධායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ ‘අන්ෆේ‍්‍රම්ඞ්’ නැමැති ඡායාරූප ප‍්‍රදර්ශනය තහනම් කරනු ලැබීම, සමාජයේ පවතින අනෙකා නොඉවසීමේ ගතිය සහ අධිකාරීවාදය මොන තරම් දරුණුදැ යි පෙන්වූ අවස්ථාවකි. යාපනේ මෑතකදී පැවැත්වූ චිත‍්‍රපට උළෙලකදී ‘ඞීමන්ස් ඉන් පැරඩයිස්’ නැමැති චිත‍්‍රපටය වාරණය කිරීම, නිල වාරණයක් නැති තත්වයක පවා ස්වයං-වාරණය රජයන සැටි පෙන්වූ අවස්ථාවකි. මේ විෂකාරක වටපිටාවට සාමාන්‍ය ජනතාවගේ ආර්ථික අගහිඟකම් ද මුසු වූ විට, යළි ඒකාධිපති විජයග‍්‍රහණයකට අවශ්‍ය අඩුවැඩිය ශ‍්‍රී ලංකාවේ පදමට වැඩෙමින් ඇති බව කිව හැකිය.

නැවත නැවතත් බිංදුවෙන් පටන් ගැනීමට සිදුවීම මංගල්‍යයක් නොවේ. කලින් දිනාගෙන සිටි සටන් නැවතත් අලූතෙන් පටන් ගැනීමට සිදුවීමත් ගාම්භීර නැත. එහෙත් එය අපේ ඉරණම වීමට නියමිත නම්, ඒ සඳහා සිසිෆස්ගෙන් තරම් ආදර්ශයක් වෙන කිසිවකින් අපට නොසැපයේ. බැලූ බැල්මට නිරර්ථක යැයි පෙනෙන තත්වයන් යටතේ කඹුරන්ට සිදුවීමේදී අපේක්ෂා භංගත්වයට පත්වීම, මහා කන්දට ජයග‍්‍රහණය බාර දී සිටීමක් වැනි යැයි ඇල්බෙයා කැමූ අපට පෙන්වා දෙයි. ‘කඳු මුදුනට නැගීමේ අරගලයම මිනිසෙකුගේ හදවත පුරවාලයි’ යන්න ඔහුගේ අවසාන නිගමනයයි. බාගෙ විට, අප ද එය දැන ගැනීමට නියමිත ය.

*2018 ඔක්තෝබර් 21 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Learning from Sisyphus” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

රාජ්‍ය විරෝධීන්ට වසර විස්සක සිර දඩුවම්

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා විසින් හදිසියේම තවත් අගමැතිවරයෙක් පත්කිරීම නිසාය. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයෝ ජනාධිපතිවරයා කෙරෙහි තදින් උරණව සිටී. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම ජාත්‍යන්තරය විසින් ප්‍රථමයෙන් විශ්වාස නොකළ අතර ඔවුන් ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍ය ප්‍රශ්න කර සිටි බවටද තොරතුරු පළවේ. ඔහු විසින් සිදුකරන ලද ක්‍රියාව ලංකාවේ මිලියන 23 ක් වන ජනතාවගේ ජීවිත බරපතල අවදානමකට දමා තිබේ. රටේ ආර්ථිකය දේශපාලනය හා පැවැත්ම සම්පූර්ණයෙන්ම පාහේ මේ මොහොතේ ඇත්තේ බරපතල අවදානමකය. අගමැතිවරයාගේ ඉවසීමත් වෘත්තීය භාවයත් නිසාවෙන් ලංකාව ලේ විලක් බවට පත් නොවී තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ බලය අත නොහැරීමේ දැඩි තීන්දුවක ඉන්න බව පෙනෙන්නට තිබේ. එම පක්ෂය ඉතිහාසයේ කෙදිනකවත් නොවූ අයුරින් සටන්කාමී මාවතකට එලැඹෙමින් තිබේ. ඒ පිළිබද මේ රටේ සිවිල් ජනතාවගේ දේශපාලන ක්‍රියාධරයන් ගේ මෙන්ම ජනතාවගේ ආශිර්වාදය හිමිවෙමින් තිබේ. රටේ මෙන්ම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් මේ මොහොතේ මුහුණ දී තිබෙන තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ වගකීම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි.

රාජපක්ෂවරු මෙහිදී මෙම ක්‍රියාවලියට සම්බන්ධ​ වන්නේ ඔවුනට එරෙහිව ඇති අධිකරණ ක්‍රියාවලියන්ගේ තීරණාත්මක අවසානයකට ලගා වෙමින් පවතින වට පිටාවක් තුළය. නැතිනම් ආණ්ඩුක්‍රමය පිළිබද රාජපක්ෂවරුන්ගේ අවබෝධය ජනාධිපතිවරයාට වඩා බොහෝ ඉහළය. නමුත් හිරේ විලංගුවේ නොවැටී සිටීමට බලය අත්පත් කර ගැනීම ඔවුන්ගේ පැත්තෙන් අනිවාර්ය කොන්දේසියකි. ඒ වෙනුවෙන් රටේ ජනතාව ඕනෑම මිලක් ගෙවීම ඔවුන්ට අදාළ නොවේ.

අනිත් අතින් ජනාධිපතිතුමන්ව රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ සිට විහිළුකාරයෙකු බවට මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හා ඔහුගේ උපදේශකයින් පත් කොට තිබේ. එතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය අපිරිසිදු, අණක් ගුණක් නැති, කිසිවෙකුටත් පාලනයක් නැති තත්ත්වයකට පත්කොට තිබේ. එමෙන්ම එතුමා ඉතාම භයානක පුද්ගලයෙකු බවට පත් වී තිබේ. ලෝකයේ අන්ත එකාධිපතියන් බවට පත්ව ඇත්තේ දුර්වල හා සංකූලතා සහිත පුද්ගලයින් බව ලෝක ඉතිහාසය පෙන්වා දී තිබේ.

මෙම සටන රාජපක්ෂවරු හෝ ජනාධිපති සමග සටනක් නොව රටේ අනාගතය පිළිබද සටනකි. යක්ෂයා සමග සටනකි. මෙම සටන එක්සත් ජාතික පක්ෂය ජයගත යුත්තේ බලය නිසා නොව ඒකාධිපතිත්වයෙන් රට ආරක්ෂා කිරිමේ දේශපාලන වගකීම ඇත්තේ පක්ෂයට බැවිනි. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ පරම වගකීමකි. එය මගහැරීමට පක්ෂයට හැකියාවක් නොමැති අතර මේ රටේ ජනතාවගේ අරක්ෂාව පක්ෂය මත පැටවී තිබේ.

අනිත් අතින් මෙම ජනාධිපතිගේ ක්‍රියාකාරීත්වය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකි. එයට සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට වසර විස්සක සිර දඩුවම් ලබා දිය හැකිය. එනම් එයට පක්ෂව මත පල කරන්නට වුවද එම දඩුවම ලබා දිය හැකිය. නීත්‍යානුකූලව මැතිවරණයකින් ජනවරමක් ලබා බලයට පත්වූ ආණ්ඩුවක් විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ක්‍රියාවලියකින් තොරව ජනමතයක් රහිතව පලයෙන් පහ කිරීමට උත්සහ කරන්නේ නම් එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකි. ජනාධිපතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව රාජ්‍ය විරෝධී ක්‍රියාවලියක යෙදී තිබේ. රාජපක්ෂවරු කෙලින්ම එයට සම්බන්ධ වී තිබේ. එසේම එයට පක්ෂව මත පළ කරන්නන් සහයෝගය දක්වන්නන්, සියලුම දෙනා වසර විස්සක සිර දඩුවම් ලැබීමට හැකි වරදක් සිදුකරන්නෝ වෙති. වසර විස්සක් යනු ඉතා දිගු කාලයකි. දේශපාලන ක්‍රියාදරයෙනි ප්‍රවේශම් වන්න.

මෙම අර්බුදය​ රටේ එදිනෙදා ජන ජීවිතය ඉදිරි සතිය තුළ මුලුමනින්ම බිද දමන්නක් බවට පත්වේ. මන්ද යත් ආණ්ඩුවේ එදිනෙදා කටයුතු කිරීමේදී නිලධාරීන් විචිකිච්ඡාවට පත් වීම මත රජයේ කටයුතු කඩාකප්පල් වනු ඇත. එසේම ජාත්‍යන්තර සම්බාධක පැනවීම පිළිබද යුරෝපා සංගමයත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සලකා බලමින් තිබෙන බව තානාපති ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක කටයුතු කළ රටක්  එම පීල්ලෙන් මිදී කටයුතු කිරීම ශීලාචාර ජාතීන් ඉවසන්නක් නොවේ. විශේෂයෙන් ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම හා චීනය ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සීලාචාර යුරෝපා ජාතීන්ගේ සැකයට හේතු වී තිබේ. එම නිසා ඉදිරි සති දෙක තුල තුළ මෙම අර්බුධය විසදීමට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හා නායකයින් අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර සම්බාධක පැනවීමට ඇති ඉඩකඩ වැඩි වේ. 

මෙය විසදිය හැකි ක්‍රමවේදය වන්නේ අගමැතිවරයා ප්‍රකාශ කරන පරිදි හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවා බහුතරය ඇත්තේ කාටදැයි පෙන්වා ආණ්ඩුව පවත්වාගෙන යාමයි. ඒ සදහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවලින් පාර්ලිමේන්තුව කල්දමා මෙය කුමන්ත්‍රණයක් ලෙස පවත්වාගෙන යාම මේ රටේ අනාගතය අවධානමට දැමීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති අතර ඒ සදහා ක්‍රියාත්මක වෙන හා කුමන්ත්‍රණය කරන ඕනෑම කෙනෙකු වසර විස්සක් සිර දඩුවම් ලබාදිය හැකි වරදක් බව ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ යුතුය. 

අවසාන වශයෙන් කිවයුත්තේ මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය මත පැවරී ඇති වගකීම වන්නේ බලය රැකගැනීම නොව, මේ රටේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේගය ලෙස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම ආරක්ෂා කිරීමත්, ඒකාධිපතිවාදයට ගමන්කරමින් තිබෙන මෙම ක්‍රියාවලිය අවසන් කොට රටේ ජනතාවගේ අයිතිවාසිකම් හා ස්වාධීපත්‍ය ආරක්ෂා කොට ඔවුන්ට නිදහස් නිවහල් රටක ජන ජීවිතය පවත්වාගෙන යාමට ඇති අවස්ථාව සලසා දීමය. එය එක්සත් ජාතික පක්ෂයට මගහැරිය නොහැකි වගකීමකි.

Print Friendly, PDF & Email

ජනාධිපති මෛත්‍රීපාල​ සිරිසේන විසින් සිදු කරනු ලැබූ 
විශේෂ ප්‍රකාශය​

$
0
0

ජනාධිපති මෛත්‍රීපාල​ සිරිසේන විසින් සිදු කරනු ලැබූ 
විශේෂ ප්‍රකාශය​ (2018-10-28)

ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සම`ග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණ සම්බන්ධයෙන් ඉතාම කෙටි ස`දහනක් කිරීමේ බලාපොරොත්තුවෙන්.

President Sirisena

මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වනදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අති විශාල ඡුන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප‍්‍රධාන සේවකයා වගේම රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත් කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම ස`දහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබ`දව මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තූතිය සහ ප‍්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ ජීවිත පරිත්‍යාගයෙන් මා ඉටු කරන බව පළමුව ප‍්‍රකාශ කරන්නට ඕන.

රට සහ ජනතාව පෙරදැරිව දේශපාලනයේ නිරත වන අප විශේෂයෙන් විමසා බැලිය යුත්තේ කුමන දේශපාලන පක්ෂය ද, වම ද, දකුණ ද යන්න නොව ජනතාවගේ සහ රටේ සෞභාග්‍ය උදෙසා අප කළ යුතු වඩාත් සුදුසු කාර්යය කුමක් ද යන්න කියන එකයි මා විශ්වාස කරන්නේ. 2014 වසරේ පොදු අපේක්ෂකයා තෝරා ගත් අවස්ථාවත් එහි දී මා මුහුණ දුන් අවදානම් තත්ත්වයත් ඔබට මතක ඇතැයි කියා මා විශ්වාස කරනවා. එදා මා භාරගත්තේ මේ රටේ දේශපාලනයේ කිසියම් වූ පුද්ගලයෙක් භාර නොගත් අභියෝගයක්, බරපතළ දේශපාලන අභියෝගයක් ඒ වගේම අවදානමක්. ඒ අවදානම දේශපාලන වශයෙන් පමණක් නොවෙයි, මටත්, මගේ බිරි`ද සහ දරුවන් ඒ සියලූ දෙනාටත් ඇති වූ ප‍්‍රධාන අවදානමක් සහිතවයි මා විසින් එම කාර්ය ඉටු කරනු ලැබුවේ කියා ඔබ දන්නවා. ඒ වගේම පසුගිය 26 වනදා මා විසින් ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වනදා ගත් තීරණයටත් වඩා ප‍්‍රබල වූ අභියෝගාත්මක වූ අවදානම් සහිත තීරණයක් බව මා හිතනවා ඔබ විශ්වාස කරනු ඇතැයි කියා. ඒ සියල්ල මම කළේ ඔබෙත්, මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් වගේම ආදරණීය පොදු මහ ජනතාව වෙනුවෙන් කියන එක ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව මෙන්ම නිහතමානව මා මෙහි දී ඔබට ස`දහන් කරන්න ඕන.

මගේ ජීවිතය පරදුවට තබා ලබාගත් 2015 ඒ දේශපාලන ජයග‍්‍රහණය හෑල්ලූවට ලක් වන ආකාරයේ, ශිෂ්ට දේශපාලනයට නොගැළපෙන දේශපාලන කි‍්‍රයාවලියකට ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අවතීර්ණ වුණා. ශ‍්‍රී ලංකාවේ අනාගතය කියලා කියන්නේ නැත්නම් හෙට දවස ඔහු සහ ඔහු සම`ග කුලූපගව කටයුතු කරන සැබෑ ජනතා හද ගැස්ම නොහ`දුනන සුපිරි පන්තියක විනෝද කෙළියක් බවට පත් කර ගන්නා තැනට ඔහු පත් වුණා කියන එකයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සංකල්පය ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අමු අමුවේම විනාශ කළා කියලයි මම හිතන්නේ. 2015 ජනවාරි 08 ජයග‍්‍රහණය කරලා 09 වනදා සන්ධ්‍යාවේ මා ජනාධිපතිවරයා විදියට දිවුරුම් දුන් අවස්ථාවත්, ඒ සම`ගම ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 47 දෙනෙක් එතුමාට සිටිය දී එතුමා අගමැති ධූරයට පත් කළ අවස්ථාවත් මම හිතනවා ඔබේ මතකයේ තිබෙනවා කියලා. එහෙත් ඒ උතුම් වූ යහපාලන සංකල්පය, ඒ උතුම් යහපාලන අරමුණු හා පරමාර්ථ ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා විනාශ කළ බව මා මෙන්ම ඔබ ගෙවී ගිය අවුරුදු කිහිපය තුළ ලැබූ අත්දැකීම්වලින් දන්නා බව මම විශ්වාස කරනවා. රටේ දූෂණය, වංචාව ඉතාමත් ප‍්‍රබල වුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ ඊට අදාළ වූ සන්ධාන රාශියක මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ පොදු අපේක්ෂකයාට සහයෝගය දුන්න දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන 49 ක් අපේ ගිවිසුමට අත්සන් කළා. එම`ගින් අපි ඇතිකරගත්ත බලාපොරොත්තු රට සහ ජනතාව වෙනුවෙන්, ඔබේත්, මගේත් ජාතියේ අනාගතය ස`දහා ඉතාමත් ශුද්ධ වූ පවිත‍්‍ර වූ නිර්මල වූ ඒ උතුම් පරමාර්ථ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා.

දූෂණය, නාස්තිය ඉහවහා ගියා, මා මීට දින කිහිපයකට පෙර සේනානායක ගුණ සමරු උලෙළේ දී කළ ප‍්‍රකාශයත් මම හිතනවා ඔබේ මතකයේ ඇති කියලා. ඞී.එස් සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ඩඞ්ලි සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය, රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ දේශපාලන දර්ශනය එක්සත් ජාතික පක්ෂය මොන තරම් ප‍්‍රබල, යෝධ දේශපාලන පක්ෂයක් බවට පත්කළා ද? ඒ වගේම දේශීයත්වය, අපේ සංස්කෘතින්, අපේ උරුමයන් සම`ග අපේ කියන සියලූ දේ ආරක්ෂා කරමින් ජාතික අනන්‍යතාවය, රටේ ඒකීය භාවය ඒ උතුම් අරමුණු සහ පරමාර්ථ එම ශ්‍රේෂ්ඨ නායකයන් මොනතරම් ආරක්ෂා කළා ද, ඒවාට කොතෙක් නම් කැපවුණා ද, ඒ සියලූ දේ ගත් විට මා අද මෙහිදීත් ප‍්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයන්ට ඞී.එස් දර්ශනය, ඩඞ්ලි දර්ශනය, ජේ.ආර්. දර්ශනය, පේ‍්‍රමදාස දර්ශනය මුල් කොටගත් ඒ උතුම් දේශපාලන අරමුණු සහිත සමාජයක් , නව ලෝකයට, නව තාක්ෂණයට අද යුගයට ගැළපෙන ආකාරයට බිහි කරන්නට ඔවුන්ට ප‍්‍රඥාව පහළ වේවා කියලා.

ප‍්‍රධාන වශයෙන්ම සාමුහිකත්වයෙන් තොර වූ තනි තීන්දු තීරණ ගත් ඉතාමත් දරද`ඩු, මුරණ්ඩු ආකාරයට රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමුහිකත්වය නොමැති නිසා, සාකච්ඡුාව, සංවාදය නොමැති නිසා ඉතා සු`ථ පිරිසක් අපේ අතේ තියෙන ඇ`ගිලි ගාණටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමග පමණක් සාකච්ඡුා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදියට අවාසනාවන්ත තත්ත්වකට පත් වුණා. මෙහි දී මා කියන්නට ඕන රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවී ගිය අවුරුදු තුන හමාරකට වැඩි කාලය තුළ ප‍්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන් කිරීමක් මම දැක්කා. ප‍්‍රතිපත්ති ගැටුමක් මම දැක්කා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත්, මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප‍්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නෙවේ, රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතළ සංස්කෘතික වෙනස්කම් මම දැක්කා. ඒ දේශපාලන ප‍්‍රතිපත්තිවල වෙනස්කම් වගේම සංස්කෘතික වශයෙන් අපේ කි‍්‍රයාකරිත්වය, චරිතවල සහ ගති ලක්ෂණවල තිබූ සංස්කෘතික දේශපාලනික වෙනස්කම් ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය බරපතළ වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා.

අනෙකුත් ජේ්‍යෂ්ඨ නායකයන් සම`ග එකට වාඩි වී සිටින බොහෝ අවස්ථාවල මම එතුමාට කිව්වා අපි එකට වැඩ කරමු, අපි සාමුහිකත්වයෙන් කටයුතු කරමු. අපි ගන්නා තීන්දු තීරණ සාකච්ඡුා කරලා යහපාලන අරමුණු ඉෂ්ට කර ගන්න අපි කි‍්‍රයා කරමු කියලා. නමුත් හැට දෙලක්ෂ පනස්දහසකට වැඩි ජනතාවගේ ඒ උතුම් අභිලාෂයන් එතුමා නොසලකා හැරියා. ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. මා විසින් රටේ නායකත්වය භාරගනු ලැබුවේ ¥ෂණ, වංචාවලින් තොර යහපාලන සංකල්පය මුල් කර ගත් ඉතාම නිර්මාණශිලි රාජ්‍ය පාලනයක් ස`දහා. අතීත අත්දැකීම් සමග වර්තමාන අභියෝග තේරුම් ගනිමින් අනාගතය, හෙට දවස වඩාත් ප‍්‍රබුද්ධ ලෙස සාක්ෂාත් කර ගැනීම ස`දහා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පරිපූර්ණ වූ උතුම් සංකල්පයක් පෙරදැරිව මම සෑම විටම ඒ ස`දහා විශාල උත්සාහයක් ගත්තා, විශාල කැපකිරීමක් කළා, බොහෝ අවස්ථාවල මම අඩි කිහිපයක් පස්සට ගත්තා.

ඇතැම් වෙලාවට ඔබ දකින්නට ඇති පහුගිය අවුරුදු 03 කට වැඩි කාලය තුළ යම් යම් ආවේගශීලි ලෙස මට කතා කරන්නට සිද්ධ වුණා. ඒ අවස්ථාවල දී ඇතැම් විට ඔබ මට දොස් කිව්වා. ඇතැම් වෙලාවට කිව්වා මම පරිණත නැහැ කියලා. ආවේගශීලි වෙනවා කියලා කිව්වා. නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡුාවලදි, අමාත්‍ය මණ්ඩලය තුළ, පක්ෂ නායකයන්ගේ රැුස්වීම්වල දී මොනතරම් ඉවසීමෙන්, මොනතරම් නිහතමානීව මම කටයුතු කළා ද කියලා දන්නේ මගේ හෘදසාක්ෂියයි. ඒ සියල්ල මම කැප කළේ රට සහ ජනතාව වෙනුවෙන්. නමුත් ඔබේ මතකයේ තිබෙනවා ඒ උතුම් පරමාර්ථ මුල් කරගෙන පිහිට වූ මේ ජනතාවගේ උතුම් අභිලාෂයන් ඉටු කරගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය, ආණ්ඩුව පිහිටුවලා මාස 03 ක් යන්නටත් කලින් බි`ද දැමුවා. මහ බැංකු මුදල් මංකොල්ලයෙන් අපේ රට ප‍්‍රබල ආර්ථික අගාධයකට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම්, මුදල් පිළිබ`දව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අප අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු යහපාලන සංකල්ප දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමට ජනතාව දුන්නා වූ ප‍්‍රතිඥාව ඒ සියල්ල අමු අමුවේ ඝාතනය කළා.

මගේ මතකයේ තිබෙනවා ආදරනීය දෙමව්පියනි, දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හ`ඩ, විපක්ෂයේ හ`ඩ, දේශපාලන පක්ෂවල හ`ඩ, සමාජ වගකීම් දරන්නන්ගේ, සිවිල් සංවිධානවල හ`ඩ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරි තත්ත්වයක් ඇති වුණා ද කියලා. ඒ අවස්ථාවල දී ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට හැසිරුණා. මහ බැංකුවේ කාර්ය මණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හදිසියේ ම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා ,මහ බැංකුව අයිති වෙන්නේ මටයි, ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ, කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා ,ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරිත්වය දී තිබෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති, මට එතනට යන්න අයිතියක් තියෙනවා නේද, කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වෙලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සම`ග ම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සු`ථ වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතු`ථ වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා.

ඒ නොසන්සුන්කාරි වාතාවරණය, කලබලකාරීව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වුණා. දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඊට විස`දුම් විදියට මම ජනතාවගෙන් ආපු ඉල්ලීම් අනුව ජනාධිපති කොමිෂම් සභාවක් පත් කළා. ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා කටයුතු කරගෙන යන විට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් මට ඇගිල්ල දික් කළා. ඇයි මේ කොමිෂම පත් කළේ කියලා.

මේක එක්සත් ජාතික පක්ෂයට කරපු අගෞරවයක් විදියට ඔවුන් සැලකුවා. නමුත් මම ඒ අයට කිව්වා සිදු වූ සිද්ධියෙන් නිදහස් වෙන්න, ජනතාවගේ හ`ඩට කන් දෙන්න මම මේ කොමිෂන් සභාව පත් කළේ කියලා. ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම ඒ සිදුවීම අදත් අපේ ආර්ථිකයේ හිස ඔසවන්නට බැරි බරපතළ ආර්ථික අර්බුදයකට ලක් වූ කාරණයක් බව ඔබ දන්නවා.

2018 පෙබරවාරි මාසයේ 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී ලැබුණු ප‍්‍රතිඵලය විශේෂයෙන්ම අප නිවැරදි කිරීමට, රජය නිවැරදි කිරීමට ජනතාව දුන් තීන්දුවක් විදියටයි මම දකින්නේ. මම ඒ අවස්ථාවේ ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කැ`දවලා කිව්වා ,අපි අවුරුදු 03 ක් කරපු කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් දීලා තිබෙනවා, අපිට පාඩමක් උගන්නලා තිබෙනවා, අපි දැන් නිවැරදි වෙන්න ඕන, මම කිව්වා ,ඔබතුමා මගේ බලතලත් අරගෙන වැඩ කෙරුවා. කළගුණ සලකන්න, මා බලයට පත්කරන්න ඔබතුමා නායකත්වය ගත් නිසා මම නිහ`ඩ වුණා,. ඒ කළගුණ සැලකීමේ උතුම් මානුෂීය ගුණාංගය නිසා එක් පැත්තකින් රටට ඉතාම අහිතකර ප‍්‍රතිඵල ඇති වුණා රනිල් වික‍්‍රමසිංහ මහතාට රිසි පරිදි වැඩ කරන්න, ඇතැම් විට මගේ බලතලත් අරගෙන වැඩ කරන්න එතුමාට මම බලය දුන්න නිසා. නමුත් ඒ සියල්ල තුළ සිදුවූයේ කුමක් ද, ඇති වූ සිදුවීම් රාශියක් පිළිබ`ද අවුරුදු තුන හමාරක මහ ඛේදනීය තත්ත්වය මා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලය දීර්ඝ වශයෙන් ගත වන නිසා. මම ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා වරින්වර ඒ තත්වයන් රටට සහ ජනතාවට පැහැදිලි කරන්න. මේ සියල්ලත් එක්ක දැන් දවස් දෙකකට කලින් මම ගත් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමටත්, ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටත් ළ`ගම ඇති වූ ප‍්‍රබලම හේතුව මම ඔබට ඉතාම ගෞරවයෙන් පැහැදිලි කරනවා.

මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 51 කට වැඩි. පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුද්ගලයා මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබ`දව කුමන්ත‍්‍රණයක් හෙළි කළා. ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම භාර දුන්නා. පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු භාර දී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොවේ. පොලිසියේ වෙනත් පරීක්ෂණ අංශයකට. නමුත් මට ඒ අවස්ථාවේම පෙනී ගියා ඉදිරියේ දී විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි කියා. මේ තොරතුරු කුමන්ත‍්‍රණය පිළිබ`දව ප‍්‍රකාශයක් කළ පුද්ගලයා මාධ්‍යයට පැමිණ ඒ කුමන්ත‍්‍රණය සමබන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර තොරතුරු දුන් පුද්ගලයාගේ ප‍්‍රකාශය නිකුත් වී පැය 48 ක් යෑමට පෙර පොලිස්පතිවරයා ප‍්‍රකාශයක් කළා, මේ තොරතුරු දුන් පුද්ගලයා ඉදිරිපත් කළ හ`ඩ පටය සැක සහිතයි කියා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් හෙළි කළ පුද්ගලයෙක් ඉදිරිපත් කළ කරුණු තාක්ෂණික හ`ඩ පටයක් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා එය සැකයි කියා කියන්නට තරම් පොලිස්පතිවරයා ඉතාමත් නිර්ලජ්ජිත ස්වභාවයෙන් හැසිරීම පොලිස්පතිවරයෙකුට සුදුසු ද යන්න මෙහි දී මා ඉතා ගෞරවයෙන් ඔබෙන් අසන ප‍්‍රශ්නයක්.

මේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඊට සහයෝගය දෙන රජයේ අනෙකුත් විශේෂ විමර්ශන බුද්ධි අංශත් මේ වන විට ලබා දී ඇති තොරතුරු අනුව මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ ජනතාවට මෙතෙක් නොලැබුණු තොරතුරු රාශියක් මේ පරීක්ෂණයේ අභ්‍යන්තරයේ තිබෙනවා. මාව ඝාතනය කිරීම ස`දහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඇමතිවරයෙක් පිළිබ`දව තොරතුරු ප‍්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මේ පරීක්ෂණවලට දැඩි බලපෑම් ඇති වී තිබෙනවා. නීතිපති දෙපාර්තමෙන්තුවේ වගකිව යුතු නිලධාරීන් මේ පරීක්ෂණයේ වැදගත් අවස්ථාවන්වල දී ඔවුන් මගහරින තත්ත්වයක් ඇති වෙලා තිබුණා.

මේ තත්ත්වය තුළ මම ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ දේශපාලන අර්බුද, ආර්ථික අර්බුදයත් සමග මා ඝාතනය කිරීමේ ප‍්‍රබල කුමන්ත‍්‍රණයක කරුණු හෙළිවීමත් සමග මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයා විදියට පත් කර අලූත් ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ අලූත් ආණ්ඩුවට එක් වන ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන 225 ක ගෞරවනීය සාමාජිකයන් සියලූ දෙනාට විවෘත වූ ගෞරවනීය ආරාධනයක් මම කරනවා. ඉතාම පවිත‍්‍ර වූ චේතනාවෙන් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න දේශපාලන අර්බුදය සෑහෙන දුරකට දැන් යටපත් වී තිබෙනවා සමනය වී තිබෙනවා. ඒ නිසා හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් මේ ගත් තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කොට අලූත් ආණ්ඩුවක් සැදීමේ තීරණය රට වෙනුවෙන් ආදරණීය ජනතාව වෙනුවෙන් ඔබෙත් මගෙත් උතුම් මාතෘ භූමිය වෙනුවෙන්. ඒ උතුම් පරමාර්ථය ඉෂ්ට කරගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ශක්තිමත් කරලා, ජනතාවගේ නිදහස ශක්තිමත් කරලා, මානව හිමිකම්, මූලික අයිතිවාසකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා, ජනතාවගේ සියලූ අයිතිවාසිකම් වරප‍්‍රසාද ශක්තිමත් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති විනයගරුක, වඩාත් ශික්ෂණයෙන් යුත් ඉතාමත් විනීත යහපත් සමාජයක් ගොඩනගන්න මේ නව රජයට සහයෝගය දෙන්න කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය කටුක අත්දැකීම් ගත් විට මෙහි දී මා නැවත ස`දහන් කරන්නට ඕන, ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා වගකීම භාරගත යුතුයි අර්ජුන මහේන්ද්‍රන් මහතා අපේ රටට ගෙන්වා ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට. ඒ අන් කිසිවක් නිසා නොව මේ රටේ කවුරුත් දන්නා පරිදි අර්ජුන මහේන්ද්‍රන් මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉතාම සමීප වූ කිට්ටු මිත‍්‍රයෙක් නිසයි. අපේ රටේ දේශීය කර්මාන්ත දුර්වල තත්ත්වයකට පත්වුණා පසුගිය අවුරුදු කිහිපයේ. ඒවා ගොඩනගන්න, ශක්තිමත් කරන්න රජය දුන් ආශිර්වාදය ප‍්‍රමාණවත් නැහැ.

විදේශීය ආයෝජන පමණක් කෙරෙහි විශ්වාසය තබමින් දේශීය කර්මාන්තකරුවන් දේශීය ව්‍යාපාරිකයන් දුර්වල කිරීමේ ආර්ථික ප‍්‍රතිපත්තියක් ප‍්‍රධාන වශයෙන්ම ක‍්‍රියාත්මක වුණේ. මේ ආර්ථික ප‍්‍රතිපත්තියේ තිබුණු දුර්වලකම් එක් පැත්තකින් සිදු වුණා වගේම මේ ආර්ථිකය විනාශ කළ, පෙර ස`දහන් කළ මහ බැංකු මංකොල්ලයේ වරදකරුවන්ට ද`ඩුවම් ඉක්මන් කිරීම ස`දහා අප සකස් කළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් සිදුවුණේ කුමක් ද කියා ඔබ සොයා බැලූවාද කියා මා ඔබෙන් විමසා සිටිනවා. නීති විශාරදයන්, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මේ පරීක්ෂණ සිදු කළ නිලධාරීන් ඒ සියල්ල මේ වසරේ මුල් කාලයේ දී මා වෙත දන්වා සිටියේ දැනට රටේ පවතින නීති අනුව මහ බැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට ද`ඩුවම් දීමට කටයුතු කිරීමේ දී අඩුම තරමින් වසර 15 ට එහා කාලයක් ගතවෙනවා. ඒ මුදල් ආපසු අයකර ගන්න වැරදිකරුවන්ට ද`ඩුවම් දෙන්න වසර 15 කින් මෙහා නොහැකි බව අද පවතින නීතිරීති මත නඩු විභාග කිරීමේ දී පවතින තත්ත්වය නීති විශාරදයන් පැහැදිලි කළා. ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළා මේ පරීක්ෂණ කටයුතු අවුරුද්දකින් අවසන් කරලා අතිවිශාල මහා ජනතාවගේ මුදල ආපසු රජයට ලබා ගැනීමට වසරක් ඇතුළත පරීක්ෂණ කටයුතු අවසන් කරලා ප‍්‍රතිඵල ලබා ගැනීමට නම් අල්ලස් දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය කළ යුතු අංශ පිළිබ`දව. ඒ සංශෝධන සකස් කරලා මීට මාස 6 ට පෙර අපි ජනාධිපති කාර්යාලය මගින් පාර්ලිමේන්තුවට යැව්වා.

මාස 5 ක් ගත වුණා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. සභානායක කාර්යාලයේ ඒවා හමස් පෙට්ටියට ගියා. මා මේ පිළිබ`දව දැඩි විමසීමක් කළා. අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් විමසුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසුවා. ඒ අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය ඉදිරිපත් කළා. කනගාටුයි කීමට, දින නියමයක් නොමැතිව එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම කල් දැම්මා. ඇයි එසේ කල් දැම්මේ? කාගේ වුවමනාවට ද? කාගේ බලපෑමට ද? මේ ජනතාවගේ අතිවිශාල මහා මුදල් සම්භාරය රජයට ජනතාවට අහිමි වෙනවා.

වැරදිකරුවන්ට ද`ඩුවම් කිරීමට වසර 15 ක් 20 ක් යනවා. මේ සංශෝධනය දින නියමයක් නැතිව කල් දැමීමේ අරමුණ එයයි. ඔබ මාධ්‍ය තුළ දැක්කා පසුගිය දිනවල ඊඒපී ආයතනයේ ගනුදෙනුවක් පිළිබ`දව. ඒ ආයතනය විදේශීය ව්‍යාපාරිකයෙකුට බාරදුන්නා. ටෙන්ඩර් කැදවීම් නැති ඉතා දූෂිත ගනුදෙනුවක් ඊඒපී වෙළෙ`ද ව්‍යාපාරයේ ගනුදෙනුව. මේ පිළිබ`දව ඉදිරියේ දී පු`එල් පරීක්ෂණ කිරීමට බලාපොරාත්තු වෙනවා. බොහෝ වටිනාකම් තිබෙන විශේෂ ටෙන්ඩර් විදේශ සමාගම්වලට දුන්නා. ඉදිකිරීම් බාරදුන්නා ටෙන්ඩර් කැ`දවීමකින් තොරව. ඒ විදේශ සමාගම් වලට ටෙන්ඩර් කැදවීමකින් තොරව අමාත්‍ය මණ්ඩලවලට හදිසි පත‍්‍රිකා විදියට ඉදිරිපත් කරලා ඒවාට විරුද්ධ වීම නොතකා මේ මහා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඉදිකිරීම් දුන්නා. මහනුවර අධිවේගී මාර්ගය ඊට හො`ද නිදසුනක්. පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉඩම් පිළිබ`ද විශේෂ විධිවිධාන පනත, ඒ වගේම ඉඩම් බැංකුවක් පිහිටුවීමේ පනත මම දැඩි ලෙස විරුද්ධ වෙලා ඒවා කල්දැම්මා. කැබිනට් මණ්ඩලයේ අති බහුතරයක් ඇමතිවරු මේ පනතට විරුද්ධයි.

මේ පසුගිය සතියේ ඉඩම් පිළිබ`ද විශේෂ විධිවිධාන සහිත පනත ඇමති මණ්ඩලයේ සම්මත කරලා පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ඔබේත් මගේත් මේ මාතෘභූමියේ සියලූම ඉඩම් කිසිදු කරදරයකින් තොරව විදේශික ව්‍යාපාරිකයන්ට සින්නක්කරව ගන්න පු`එවන්. ඞී.එස් සේනානායක මැතිතුමාලා, ගාමිණි දිසානායක මැතිතුමාලා, බණ්ඩාරනායක මැතිතුමාලා ආරම්භ කළ මහා ගොවිජනපද ව්‍යාපාර ඒ සියල්ල විනාශ වෙනවා. මේ රටේ ඉඩම් අයිතිය පිළිබ`දව මේ ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්පූර්ණයෙන්ම අපි ඉවත් කළ යුතු වෙනවා ගරු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආර්ථික හා දේශපාලන දර්ශනය මත ඉදිරිපත් කරපු.

ඒ වගේම ඔබට මෙහි දී ස`දහන් කරන්නට ඕන රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පිහිටුවාගෙන කටයුතු කළ ආර්ථික කළමනාකරණ කමිටුව ඉතාම බරපතළ ලෙස දූෂිතයි. එය අවලංගු කිරීම විශාල අභියෝගයක් වුණා. නමුත් මම විශාල වෙහෙසක් ගෙන ඒක අහෝසි කළා. එම කමිටුව ගත් තීන්දු තීරණ ඉතාමත් දූෂිතයි. එයට විකල්ප වශයෙන් රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට මම ජාතික ආර්ථික සභාව පිහිටෙව්වා. ජාතික ආර්ථික සභාව දුර්වල කිරීමට ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා කළ හැකි සෑම දෙයක්ම කළා. ආර්ථික සභාවට පත් කළ ආර්ථික විශේෂඥවරයාට මාසික දීමනාව ලැබුණේ ලෝකයම පිළිගත් අපි ගනුදෙනු කරන විශේෂ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින්. ඒ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් මාසිකව ඔහුට දුන්න දීමනාව ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ මුල්‍ය ආයතනයට උපදෙස් දීලා නවත්වලා දැම්මා. ඒ විදියට ජාතික ආර්ථික සභාව දුර්වල කිරීමට ක‍්‍රියා කළා වගේම ඒ කටයුතු අවහිර කිරීමට සියලූ කටයුතු කළා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දරද`ඩු තීන්දු තීරණ නිසා තමයි මේ අර්බුදයන් සිදුවුණේ කියන එක මම පැහැදිලිවම කියනවා.

මේ නිසා මේ සියලූ කටයුතුවල දී මට තිබුණු එකම විකල්පය ගරු මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති විදියට පත්කරගෙන අලූත් ආණ්ඩුවක් පිහිටුවීමයි. මේ අලූත් ආණ්ඩුව පිහිටුවීම ගරු මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කිරීම ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. නමුත් මම පැහැදිලිවම කියන්න ඕන නීති විශාරදයන්ගේ උපදෙස් මත, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, කිසිදු පටහැනි වීමක් නොමැතිව මේ පත්කිරීම් කරලා තිබෙන්නේ, ඉවත් කිරිම් කරලා තිබෙන්නේ. අලූත් ආණ්ඩුව පත්කරලා තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි කියන ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා කියන එක මා ගෞරවයෙන් ස`දහන් කරනවා.

ඒ වගේම අද පවතින දේශපාලන වාතාවරණය තුළ රටේ පොදු මහජනතාව, රාජ්‍ය නිලධාරීන්, පොලිස්, යුද, නාවික, ගුවන්, හමුදා ප‍්‍රධානීන් ඇතු`එ ආරක්ෂක අංශ ඒ සියල්ල මේ අවස්ථාවේ දී මා වෙත ලබාදෙන සහය රටේ නීතිය හා සාමය ශක්තිමත් කරමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කරමින්, ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් සලසමින් ඒ සෑම කෙනෙක්ම කටයුතු කරන ආකාරය පිළිබ`දව මම ඒ සියලූ දෙනාටම මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම මගේ කතාව අවසන් කරමින් මා පෙර කී පරිදි එක්සත් ජාතික පාක්ෂිකයන්, මා ජනාධිපති කිරීමට පු`එල් කැපවීමක් කළා ඔබේත් මගේත් මාතෘභූමිය වෙනුවෙන් ඒ සුන්දර වූ පරමාර්ථ ඉටුකරගන්න අපි සියලූ දෙනාම කැපවෙමු. ඔබට, ඔබේ එක්සත් ජාතික පක්ෂයට හො`ද දැක්මක් ඇති, දේශීයත්වය අගය කරන, රටේ පොදු මහජනතාගේ දුක හ`දුනන, සේනානායක දර්ශන, ප‍්‍රතිපත්ති, ජයවර්ධන, පේ‍්‍රමදාස දර්ශන ප‍්‍රතිපත්ති අගය කරන නායකයෙන් ඔබ ඉදිරියේ දී පත්කර ගතහොත් මම විශ්වාස කරනවා අපි සෑම කෙනෙකුගේම බලාපොරොත්තු වන ඒ පවිත‍්‍ර අරමුණු ඉටුකරගන්න පු`එවන් වෙයි කියලා. ඒ නිසා මගේ රට වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මේ ගත් දේශපාලන තීන්දුව සම`ග, ආර්ථික අර්බුදය අවසන් කරමින්, දේශපාලන අර්බුදය අවසන් කරමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සමග යහපත් සමාජයක් ගොඩනගන්න, ආධ්‍යාත්මික වශයෙන් ප‍්‍රබුද්ධ සමාජයක් ගොඩනගන්න, ඔබ අප සෑම කෙනෙක්ම මේ සාමුහිකත්වය ඉටුකරමින් රටේ සමස්ත පුරවැසියන්ට, සියලූ රාජ්‍ය සේවකයන්ට, සියලූ දේශපාලනඥයන්ට, ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් සියලූම ආගමික පූජකතුමන්ට මා ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමින් මේ කටයුතුවලට ඔබේ දායකත්වය ආශිර්වාදය ලබාදෙන මෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ස්තුතියි

Print Friendly, PDF & Email

වෛරී දේශපාලනය පිටුදැක ප්‍රජාතන්ත්‍රවාදී නව ගමනක් ඇරඹීම 

$
0
0

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

පැවති රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වීම හේතුකොට ගෙන එම සභාග රජය අහෝසි විය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ආණ්ඩුවක් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරුණි. ජනාධිපතිවරයා නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙස මට ආරාධනා කර සිටියේය. 

අද අපේ රට තුළ බරපතල අනාරක්‍ෂිත බවක් පැතිර ගොස් ඇත. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු හෙලිවෙමින් තිබේ. කුමන්ත්‍රණයට සම්බන්ධ වූ පාර්ශවයන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් හෙළිදරවු වෙමින් පවතී.  පසුගිය වකවානුවේ  මුළු රට පුරාම අපරාධ රැල්ලක් පැතිර ගිය ආකාරය කවුරුත් දුටුවේය.  

රටේ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් තිබේ. රුපියල භයානක ලෙස අවප්‍රමාණය වී ඇත. ලෝක ණය ශ්‍රේණිගත කිරීම් දර්ශක වල  අපේ රට පහළටම වැටී ඇත. ජීවන බරින් අපේ ජනතාව තැළී පොඩිවී, මිරිකෙමින් සිටී. එ.ජා.ප නායකයින්ගේ මහ බැංකු කොල්ලය හේතුවෙන් රටේ පොලී අනුපාතය දෙගුණයකට වඩා වැඩි වී ව්‍යාපාරිකයින් හා ජනතාව පීඩනයට පත්වී සිටී. ඒ අතරතුර එම අසාර්ථක ආණ්ඩුව වටිනා රාජ්‍ය සම්පත්, දේපල හා ව්‍යාපාර විදේශීය රටවල් වලට විකුණමින් සිටියේය.  

මේ අවදානම් සහගත මොහොතේදී ජනතාව අපගේ නායකත්වය හා රැකවරණය බලාපොරොත්තු වන බව මම දැන සිටි නිසා මම ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගෙන අග්‍රාමාත්‍ය තනතුර භාර ගතිමි. මෙහිදී අපගේ අභිප්‍රාය වන්නේ පසුගිය වකවානුවේ මේ රටට මහත් පිළිලයක් වූ වෛරී දේශපාලනය පිටු දැක සෑම පුරවැසියෙකුගේම මූලික  මානව අයිතීන් සුරකින, අධිකරණයේ ස්වාධීනත්වය හා ගරුත්වය රකින, රටේ නීතිය හා සාමය තහවුරු කරන, අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමයි. 

මේ සඳහා අප සමඟ එක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියළුම පක්‍ෂ වලට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.  පසුගිය වකවානුවේ මේ රටේ පැතිරෙමින් පැවති ආරාජික තත්වය පිටුදැක ස්ථාවර පාලනයක් ඇති කිරීමට මේ රටේ සිංහල, දෙමළ මුස්ලිම් යන සියලුම ජාතීන් වලට අයත්  ජනතාවට සහ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අදහන සියලුම පුරවැසියන්ට මේ අත්‍යාවශ්‍ය දේශපාලන කර්තවයට සහභාගී වන මෙන් මම ආරාධනය කර සිටිමි. 

පසුගිය වකවානුවේ දිගින් දිගටම කල් දමමින් තිබුණු පළාත් සභා ඡන්ද වහාම පැත්වැත්වීමත්, හැකි තරම් ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා රට අද වැටී ඇති ප්‍රපාතයෙන් මුදවා ගන්නා නව වැඩපිලිවෙලකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබා දීමට ඉඩ සැලසීම මා සමඟ සිටින දේශපාලන පක්‍ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වේ. 

Print Friendly, PDF & Email

අවසානයේ අපගේ නිර්මල හදවත ජය ගනු ඇත 

$
0
0

ගෘෂා ඇන්ඩ්රූස්

ලංකාවේ වෘත්තීය දේශපාලකයන් ආණ්ඩු හදන්නේ නැත. ප්‍රවේණි උරුමයෙන් රජ වන බහුතරයක් දේශපාලකයෝ සහ ඔවුන්ගේ වහල්ලු, ප්‍රවේණි දාසයන් වන අපව, කුණුහරුප ලෙසද හඳුන්වා දිය හැකි “ප්‍රජාතන්ත්‍රවාදයේ” “ව්‍යවස්ථාවේ” “ජාතිවාදයේ” “යහපාලනයේ” රැහැන් වලින් බැඳගෙන අපේ හර්ද සාක්ෂියට සහ මනුෂ්‍යත්වයට නිගා කරමින් වැජඹෙති. ලංකාවේ පවතින ප්‍රවේණි දේශපාලනයට පින් සිදු වන්නට නිදහසින් වසර හැත්තෑවක් ද ඉක්ම ගොස් අපි තවදු අන්‍යොන්‍ය ලේ නෑයන් දෙපිරිසකගේ මුහුණු තුළ දියසේන කුමාරයකුගේ ඡායාව​ සොයන්නෙමු. 

දේශපාලකයන්ගේ විශේෂතම වරප්‍රසාදය 

සිය ඡ​න්දදායකයන්ට කොකා පෙන්වීම, පිල් මාරුව, කොමිස් ගැසීම, තීරුබදු රහිත සුපිරි වාහන ආනයනය, මිනී මරා නිදහස් වීම, ස්ත්‍රීට ලිංගික අපරාධ කර නිදහස් වීම, මහා පරිමාණ​ සොරකම් කර නිදහස් වීම, රගර් ක්‍රීඩකයන් මරා දමා ගැලවී යාම, ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක් තබා ගැනීම ආදිය පහසුවෙන් මතකයට එන වරප්‍රසාද වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලකයකුට ලැබෙන විශේෂතම වරප්‍රසාදය නම් ඉහත සියලු වරප්‍රසාද රිසි සේ භුක්ති වීඳින අතර විහිළුවටවත් තමන්ගේ රැකියාව නොකර සිටීමේ ඇති අති විශේෂ වරප්‍රසාදයයි.

මේ රටේ ජනාධිපති රෑ දහයට නිදා ගනියි, පත්තරේ විස්තරෙන් රටේ විස්තරේ දැන ගනියි, මානසික ව්‍යාධියක පෙර මග ලකුණු නිරූපණය කරමින් රෝ ඒජන්සිය තමාව මරන්නට සිටින බව භීතිකයකු ලෙස ප්‍රකාශ කරයි, රබන් ගසයි, 2015 ජනාධිපතිවරණය පැරදුනේ නම් තමා සහ දරු පවුල අඩි හයක් යට වැළලී බව කියයි, ගිටාර් ගසයි, තමා විසින්ම සංශෝධිත ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය “ඝාතකයා” ව රටේ නිල නොවන අගමැති කරයි, දෙපිට කැපෙන කුණුහරුප තුන් තේරවිලි කියයි. මොහුව පොදු ජනයා හඳුන්වන්නේ හිටන්, හුටන්, පඹයා, පතොලයා, ආප්පයා, පෙන්දා වැනි වචන වලිනි. සාධාරණව සිතා බලනවානම්, මහින්ද රාජපක්ෂ ගේ ජන ඝාතක රෙජීමය නිමවී ඔහු බලයෙන් ඉවත් වූ විටකදීවත් ජනාධිපති තනතුර මෙතරම් හෑල්ලුවට ලක්කරමින් රාජපක්ෂ ගේ පරම සතුරෙකුවත් ඔහුව නිවට නියාලුවකු ලෙස හඳුන්වා දුන්නේ නැත. මෛත්‍රිපාල සිරිසේන තරම් අසම්මත, ධූරයේ ගෞරවය කෙලෙසූ, ජනසම්මතවාදයට පිටුපා, නින්දිත, නූගත් ලෙසින් හැසිරෙන ජනපතිවරයකු ශ්‍රී ලංකාවේ සිට නැත. 2019 ජනාධිපති සිහිනයෙන් අඳව ශිරාල් ලක්තිලක වැනි දේශපාලන පරපෝෂිතයන්, ලලිත් සමරකෝන් වැනි බංකොලොත් ආර්ථික ඔස්තාර් වරුන් සහ සිය දූෂිත දියණිය “චතු” වෙතින් රාජ්‍ය පාලනයට උපදෙස් ගත් සිරිසේන විහිළුවටවත් සිය රැකියාව කරන්නේ නැත. 

රනිල් ගේ වැරදි පැත්තකින් තියන්නමේ වෙලාවේ ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න!” 

පාඨකයනි, මම ඔබෙන් අසමි.

 කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ ගේ සිට සමාජයේ විවිධ පුදගලයන් අදහන සහ ප්‍රකාශ කරන එක මතයක් ඇත. එනම්, මේ අවස්ථාවේදී පූජනීය ප්‍රජාත්නත්‍රවාදය “රනිල්ට බැහැ” පුද්ගලවාදයට ඉහලින් තබා සිරිසේන-රාජපක්ෂ දේපල විසින් සිදු කරන ලද ජුගුප්සාජනක, ඛේදජනක, සරලව කියනවා නම් පාදඩ ජනමත පාවාදීම ට කොන්දේසි විරහිතව අප එරෙහි විය යුතු බවයි. 

එය එසේ විය යුතුද? 

දේශපාලකයන් සිය රැකියාව විහිළුවකට ගෙන රාජපක්ෂවරුන් සමග ඩීල් දමමින් ජනතාවට ඇස් බැන්දුම් කරමින් සිටින අතරතුර රාජපක්ෂ සහෝදර සමාගම ඔවුන්ව කරකවා අතහැර, අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කරන විට “ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්” ඔවුන් වෙනුවෙන් අපේ ලේ කකියවා ගෙන සටන් කිරීමට අපි බැඳී  සිටිමුද? මෙම දේශපාලකයෝ ඔවුනොවුන් අතර ඇති කරගත් ඩීල් ජනතාව පරදුවට තබා රකිති. ඔවුන් රැකීමට ප්‍රජාතන්රවාදයේ නාමයෙන් ඉදිරිපත් වීම අපගේ නිසග ප්‍රතීක ක්‍රියාවයි. නමුත් රනිල් වික්‍රමසිංහ ඔහු හා ජනතාව අතර එළඹුණු ප්‍රඥප්තියට එක දිනක් වත් ගරු කර ඇතිද? 

ඔහු රටේ අගමැති ලෙස සිය කැබිනට් මණ්ඩලය හසුරවා ගත්තේද? අල්ලස් හා දූෂණ කොමිසම මග හරිමින් අවුරුදු තුනක් තිස්සේ  නීතියේ ඇසට වැලි ගැසූ රාජිතට රනිල් බය නැද්ද? නොඑසේ නම්, වෘත්තිකයන්, නිදහස් මතධාරීන් යයි අප සිතා සිටි පුද්ගලයන් 2015 ජනවාරි මාසයේ නාමල්, බැසිල් වැනි නම ගිය දේශපාලන “තක්කඩියන්”ට වෛර කළ සේම රාජිත සේනාරත්නට, රවී කරුණානායකට, මලික් සමරවික්‍රමට වෛර කරන්නේ මන්ද? කැබිනෙට්ටුවේ සිටින අංක එකේ දූෂිතයා වන රාජිත සේනාරත්න සියලු සාක්ෂි සහිතව රුධිර කාන්දුකරණයෙන්, පිළිකා ඖෂධ වලින්, වෛද්‍ය ප්‍රඥප්තිය වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන්, සිය දේශපාලන බත් බැලයන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට (උපුල් ගුණසේකර) සහ රජයේ ආයතන වලට (ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට පත් කල සුසිත සේනාරත්න/ අතුල කහඳලියනගේ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන මණ්ඩලයේ සයුරු සමරසුන්දර  වැනි දූෂිත බැලයන්) යැවීමෙන් ජාතියක ආත්මය බිම පෙරලාගෙන දූෂණය කරද්දී රනිල් රටේ අගමැති වීද? චතුර සේනාරත්න ආරාධිතයන් 4000ක් අරලියගහ මන්දිරයට ගෙන්වා ගෙන බලය සහ මුදල් අවභාවිතයෙන් මගුලක් ගනිද්දී රනිල් රටේ අගමැති වීද? දෛවෝපගත ලෙස මේ දූෂිත, පාදඩයන් “ප්‍රජාතන්ත්‍රවාදය” (එනම්,ඔවුන්ගේ කැබිනට් ඇමතිකම්, මන්ත්‍රී කම් සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප) රැකීමට දිවි පරදුවට තබන්නට අපට එන්නට කියන්නේ චතුරගේ මගුල ගත් අරලියගහ මන්දිරයේ එම ශාලාවේම සිටය!

එජාපයේ ෆුට්නෝට් කල්ලිය අර්ජුන් ඇලෝශියස්ගෙන් (දුරකථන සංවාද වලින් තහවුරු වූ පරිදි – මෙහිලා ලිවීමට වද​ වීමට වත් අවශ්‍ය නැති) වරදාන ලබා ගනිමින් මහ බැංකු සොරකම කරද්දී රනිල් රටේ අගමැති වීද? ඔහු අර්ජුන මහේන්ද්‍රන් ව මගුල් ගෙදරක යාමට කියා සිංගප්පූරුවට පිටත් කර යැව්වේ සිය ධුරයේ සිටියදී ද? රනිල්  කොතනකවත් කට ඇර මෛත්‍රී ට බනින්නේ නැත. සිය මාමා වූ ජේආර් මෙන් ඔහු බල්ලන් ලවා බුරවන්නෙකි. එනයින් ඔහු වැදගත් ජෙන්ටල්මන් කෙනෙක් නොවෙයි. ජෙන්ටල්මන්ලා බත් බැලයන් රකින්නේ නැත. ජෙන්ටල්මන්ලා මහින්ද රාජපක්ෂගේ ඝාතක කුමාරවරුන් රකිනන්නේ නැත. ජෙටල්මන්ලා රෝයල් එකේ ඉගෙනගත් පමණින් ජාතියේ විශාලතම සොරකම කළ පාදඩ සොරාව රකින්නේ නැත. 

රනිල්  පක්ෂ භේදයකින් තොරව අපගේ ප්‍රජාත්ත්‍රවාදයේ භාරකරු විය. ඔහු සිය රාජකාරිය පැහැර හැර රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්වෙන බවට ඇස්බැන්දුම් කිරීම රාජිත සේනාරත්න වැනි දේශපාලන අවජාතකයන්ට භාර කළේය. කැබිනට් ප්‍රකාශ කරනවා කියා රාජිත සේනාරත්න වැනි වංචනිකයන් ජාතියම කුප්පමින් සිය ප්‍රතිරූපය පුම්බමින් අපේ ඇසට වැලි ගසන්නට වූහ. 

රනිල් ඔබ ඔබේ රැකියාව කළේ නැත. ඔබ දිනපතා ඔබේ විජේවර්ධන බූදලය විකිණුවද, දිනපතා නීතිඥයකු ලෙස උසාවියේ කතා කළද, බදු ගෙවන අප ඔබගේ සුඛ විහරණය වෙනුවෙන් වියදම් කරන මුදල ඔබට ඉපයිය නොහැක. බඩට කන්නට නැති දරුවන්ට හිමි බදු මුදලින් ඔබව අරලියගහ මන්දිරයේ තබා, මිලියන 3000 කට වඩා වටිනා වෙඩි නොවදින මෝටර් රථ ඔබ වෙනුවෙන් ආනයනය කර ඔබට ත් ඔබේ බිරිඳත් ලෝකසවාරි ගසමින්, සිංගප්පූරුවේ වෛද්‍ය සේවා ලබමින්  ජීවිතය විඳින්නට ජාතියේ ධනය අපි අගමැති ගිණුමට බැර කළෙමු. ඒ වෙනුවෙන් අපි ඔබගෙන් එක අහිංසක ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු වුනෙමු. ඒ ඔබේ දූෂිත කැබිනට් මණ්ඩලය මෙල්ල කර ගැනීමයි. රනිල්, ඔබද, ජනාධිපති මෙන්ම සිය රැකියාව කළේ නැත!

මෛත්‍රිපාල සිරිසේනපරබල්ලෙක් ?” 

මෛත්‍රීපාල සිරිසේන පෙන්දෙකු සහ “පරබල්ලෙකු” (පාඨකය, සමා වන්න, මෙය පෞද්ගලිකව මාගේ භාෂාව නොවෙයි – පාරේ තොටේ ජනතාවගේ සහ රටේ මුදල් ඇමතිගේ භාෂාවයි) බව අවුරුදු තුනක් ගොස් මංගල සමරවීරට මතක් වී ඇත්තේ සියලු සුඛ විහරණ සහ බලය අහිමි වීමේ අසිපත දින තුනකට පෙර සිට සිය හිසට ඉහලින් එල්ලෙන විටය. ගෝටාභයට බයේ මෛත්‍රීපාල ඝාතක කුමාරවරුන් රකින විට මංගලට මෛත්‍රීව පර බල්ලෙකු ලෙස පෙනුනේ නැත. මෛත්‍රිගේ දියණිය චතුරිකා සහ බෑණා විසින් කොළඹ ඉඩම් සහ ගොඩනැගිලි වෙළඳපොල මාෆියාවෙන් ආක්‍රමණය කරන විට මංගලට මෛත්‍රී පර බල්ලෙක් ලෙස පෙනුනේ නැත. තජුදීන් ගේ දෙමවුපියන් ගේ හදවත දෙවන වරටද මරමින් මිහිදන් කළ පුතෙකුගේ සිරුර ගොඩගෙන නීතිය නාඩගමක් කර, ශිරන්ති රජාපක්ෂ නමැති කුරිරු දූශිත ගැහැණිය සහ ඇයගේ ඝාතක කුමාරවරුන් ව මෛත්‍රී රකිද්දී ඔහුව මංගලට පර බල්ලෙකු ලෙස පෙනුනේ නැත. ජනඝාතක ඒකාධිපති මිනීමරුවකු වන මහින්ද රාජපක්ෂ සාටකයෙන් තමාගේ ඇමතිකමට තොන්ඩුව දමන විට පෙරේදා සිට මෛත්‍රී පර බල්ලෙකු වී ඇත. 

කෑමට සහ දත් මැදීමට හැරුණු කොට “මම” “මගේ” “මා වෙනුවෙන්” “මගේ දේශපාලනය” මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද” “කිසි වරදක් නොකළ මගේ තාත්තා” “මගේ ස්ත්‍රී අභිමානය” “මගේ නම්බුව” සහ “උදය ගම්මන්පිලගේ වෘෂණ කෝෂ” වෙනුවෙන් පමණක් සිය වටිනා මන්ත්‍රී මුඛය විවර කරන හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කියන්නේද හෙරොයින් නොවිකුණා, බදු ගෙවා සාධාරණව ජීවත් වන අප දිවි පුදා ඔවුන්ගේ ආණ්ඩුව රැක ගත යුතු බවය.(ඉහත සඳහන් හිරුනිකාගේ “මම මාගේ” ලැයිස්තුවට “මාගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප”ද ඇතුලත් විය යුතුය). 

ඉතින් මිතුරනි , අපි නැගී සිටිමුද?

“රනිල්, මෛත්‍රී, මහින්ද වැනි ජන පීඩකයන් වෙනයි – ප්‍රජාතන්ත්‍රවාදය වෙනයි – ඒ නිසා කවුරුන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසයි නම් පුද්ගලයා දෙස නොබලා, කොදේසි විරහිතව ජීවිතය පරදුවට තබමු” යන්න දේශපාලනයේ  බොළඳ කියවීමකි. රනිල් මාධ්‍ය හමුවට ඇවිත් ඔහුගේ පාර්ලිමේතු බහුතරය සාධාරණීකරණය කරන්නේ මීට මාස 5කට පමණ පෙර ඔහු විශ්වාස භංගය දිනු බව කීමෙනි. රටක අගමැතිගේ මොලයේ විකෘතිය සහ ඔහු යතාර්ථයෙන් කෙතරම් අපගමනය වී ඇත්ද යන්න එම ප්‍රකාශයෙන්ම පෙනෙයි. (එහෙමත් නැත්නම් අපි තොටිල්ලේ කිරි බොන බබාලා යයි ඔහු සිතනවාද විය හැක!).

ජවිපෙ මාධ්‍ය සාකච්චා වෙහි අනුර කුමාර දිසානායක කියූ පරිදි යූඑන්පී මන්ත්‍රීවරුන් “කුණු බටු, කුණු මාළු ලෙස වෙන්දේසි වන කාලය එළඹ ඇත”. 2015 ජනවාරි මාසයේ හෝ 2018 අප්‍රේල් මාසයේ තිබු වාස්තවිකය ඉක්මී ගොස් ඒ මත වල් පඳුරු ද බිහිවී බොහෝ කල්ය. ජනඝාතක, පරපීඩක රාජපක්ෂ යුගයක් අහියස ජේවීපී සිහින මවන්නන්ද මතක තබා ගත යුත්තේ 2018 ඔක්තෝබර් 23 වනදා රටේම නෙත් පිනවමින් කොළඹ රතු පාට කමිස වලින් වසා ඔවුන් පැවත්වුයේද ඔවුන්ගේ අවසාන ලස්සන පා ගමන විය හැකි බවය. රාජපක්ෂ යුගයක රතු කමිස එසේ වෙතත් රතු ලේ වලින් වැසී මහා පොලව බදාගෙන මිය යාමට ජවිපෙ පාක්ෂිකයන්ට නියමිතය. 

මිතුරනි,

අපි ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙමු. දෛවයේ සරදමක් ලෙස හැමවිටම අප හට නැගී සිටින්නට වී ඇත්තේ අපව පෙලන, අපගේ ආධ්‍යාත්මය තුල ඇති හැදිච්චකම තුනී කිරීමට සමත්, අපව කුප්පන, අපගේ මනුෂ්‍යත්වය ඛාදනය කරන රනිල් වෙනුවෙනි. ඒ මක් නිසාද යත් දෛවෝපගත ලෙස මෙම දේශපාලන සමීකරණයේ ඔහු සිරවී ඇති බැවිනි. ඔහු සිරවන විට ඔහු සමග අපේ හර්ද සාක්ෂියද සිර වෙයි. 

රාජපක්ෂ යුගයක මාධ්‍යවේදීන් (ආත්මයක් නැති මාධ්‍යවෙදීනි, ඔබේ ඇඳුම් උනා දමා සුජාතා සේනාරත්නගේ පින් ක්ලිනික් එකට යව මැනවි – ඔබද ඔබේ රැකියාව “මන බඳිනා” ලෙස සිදු කරති. ඔබ වහන්සේලා ගැන ජනතාව සිතන ආකාරය ගැන පසුව ලිපියක් ලියමි) පොදු ජනතාව, රාජ්‍ය සේවකයන් සහ බදු ගෙවන්නන් හට සිදු වන කෲර ඉරණම ගැන නොකිවමනාය. ඔවුන්ගේ යුගයක පෙර මග ලකුණු රූපවාහිනී සංස්ථාව අභියස දී පෙන්වා හමාරය. සුධර්මන් රදලියගොඩට යටවී අපි සිටිමුද? නාමල්, යෝෂිත, චිචි ගේ අමන ක්‍රියා වලට යටවී ඔවුන්ට සර් කියමින් සිටිමුද? ශිරන්ති රාජපක්ෂ ගේ 222222222V නොදුටුවා සේ සිටිමුද? බලපතල අල්ලස් හා දූෂණ විමර්ශනය කළ, ඝාතන විමර්ශනය කළ රාජ්‍ය නිලධාරීන්ගේ මල කඳවල් තජුදීන් ගේ මලකඳ මෙන් පිලිස්සී හමු වන තුරු සිටිමුද? ඔවුන් ඒ විමර්ශනය කළේ අපේ ජාතියේ ධනයට වූ සොරකම් විමර්ශනයට ගොස් විනා තමාගේ ඉඩමේ වැටේ ප්‍රශ්නයක් හොයන්නට ගොස් නොවේ. ඒ රාජ්‍ය සේවකයන්ගේ අහිංසක කුඩා දරුවන් හේ ඇස්වලට ලසන්තගේ, තරාකිගේ දරුවන්ගේ ඇස්වල නැගුනු කඳුළු නැගෙන තෙක් අපි බලා සිටිමු ද?

අවසානයේ අපගේ නිර්මල හදවත ජය ගනියි 

මෙය රනිල් වෙනයි – ප්‍රජාත්නත්‍රවාදය වෙනයි – මේ වෙලාවේ වී තිබෙන විපත වෙනයි – රනිල්ව පස්සේ විවෙචනය  කරමු- මේ වෙලාවේ ඔහුව රකිමු “යන බොළඳ අඛ්යානය පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මෙය රනිල්, මෛත්‍රී, මහින්ද, ජී එල්, රාජිත, කෙහෙළිය, බන්දුල, වීරවංශ, ගම්මන්පිල – මේ සියලු දෙනා පිලිබඳ ප්‍රජාතන්ත්‍රවාදයේ පැටලුනු සංකීර්ණ ප්‍රශ්නයකි. දේශපාලකයා ගැන නොව ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් අපි වෙහෙසෙමු යන බොළඳ “සිත නිවන කතාව” අප කියාගෙන වැඩක් නැත. අපේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩ යතොත් යන්නේ රනිල්, මලික්, සාගල, මංගල, රාජිත, චතුර, හිරුනිකා ආදී එකී නොකී ජන පීඩකයන්මය. 

නමුත් අපි මේ පටලැවිල්ල තුළ මොවුන්ගේ නිසසාර බව ප්‍රත්‍යක්ෂ ලෙසම දැකිය යුත්තෙමු.

රාජපක්ෂ  යුගයක අප කිසිවකුගේ ජීවිත සුරක්ෂිත නැත. රාජ්‍ය සේවකයන් සිය ගණනකගේ  සැබෑ මරණය එහි ලියවී ඇත. ඔවුන් සියල්ලන්ම රාජ්‍ය සේවයේ තජුදීන්ලා වනු ඇත. රාජපක්ෂ යුගයක් නිර්මාණය වීම පරාජය කිරීම තුළ ඇත්තේ හෙට දිනයක මොවුන් සියලු දෙනාම 2020 දී පිටු දැක යම් තුන්වන බලවේගයක සිහිනය සැබෑ කර ගැනීමට ඇති අවකාශයයි. මීටත් වඩා දුර්දාන්ත පාලනයන් පරදවා, මිනී අළු ගසා දමා ඉතියෝපියාව වැනි රටවල් පවා ලෝකය තුල දිරියට යමින් පවතී. 

මේ අවස්ථාවේ රනිල් සහ ප්‍රජාත්නත්රවාදය යනු දෙකක් නොව එකක් යන යතාර්තයට මුහුණදීම අපේ හද කකියවන දුර්භාග්‍යයයි. නමුත් අපි යතාර්ථය මේ යයි දැන දැනම කෲරත්වය සහ දේශපාලන තක්කඩිකමට එරෙහිව අපේ දරුවන් වෙනුවෙන් නැගී සිටිය යුතු වෙමු.

බ්‍රෙෂ්ට් කියූ ලෙස “ඔබ අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය. අමන ජනතාව කිසිදා පාදඩ පාලකයන්ට එරෙහි වන්නේ නැත” ජනතාව වෙනස් කිරීමේ මොහොත අප විසින් උදා කරගත යුතුවෙමු. අවසානයේ අපගේ නිර්මල  හර්දය ජය ගනු ඇත. එය රනිල්ට අයිති නැත. එම ජයග්‍රහණය අපගේ අහිංසක දරුවන්ට අයිතිවනු ඇත. 

මේ දූෂිත, ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, සිරිසේන-රාජපක්ෂ තක්කඩි කමට විරුද්ධ වීමට යථාර්ථයේ අසුන මත හිඳ ගෙන ඔබේ නිර්මල හදවතට කියන්න.

Print Friendly, PDF & Email

සිරිසේන කියන්නේ බොරු: අගමැති ජාතිය අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශය

$
0
0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018.10.29 වන දින ජාතිය අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශය:

ගරුතර මහා සංඝ රත්නය ඇතුළු සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි.

මිත්‍රවරුනි,

2015 ජනවාරි මාසයේ අටවෙනිදා මේ රටේ මහජනතාව ලක්ෂ 62 ක් පොදු පෙරමුණක් හැටියට එකතු වුනේ ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කරන්න. සාමය සහ සහජීවනය ඇති කරන්න. දූෂණයට වංචාවට ඒ වගේම තක්කඩිකම්වලට විරුද්ධව. ඒ වගේම ආර්ථික වශයෙන් සංවර්ධනය වුන රටක් බිහි කරන්න. 

2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා බලවේග ඒ වගේම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ  ප්‍රධාන පූජකතුමන්ලා සහ සිවිල් සමාජය ඒ වගේම හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ සියලු දෙනාම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වශයෙන් පත් කළා. ඊට පස්සේ මාව අගමැති වශයෙන් පත් කරලා ,අපි ආණ්ඩුවක් ගෙන ගියා. 2015 අගෝස්තු මාසයේ මහ මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි මන්ත්‍රීවරයා වශයෙන් මා අගමැති ධූරයට පත් වුණා. 

අපේ ආණ්ඩුව කටයුතු කලේ ජාතික ආණ්ඩුවක් හැටියට. මේ රටේ ජනතාවට අහිමිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස තහවුරු කිරීමට අපි පියවර ගණනාවක් ගත්තා. ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් ඇති කළා. තොරතුරු පනත, විගණන පනත වැනි පනත් මගින් මේ රටේ කිසිදාක නොතිබුනු ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් අප තහවුරු කළා. හැමදෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කරන්නට කටයුතු කළා. ජනමාධ්‍ය නිදහස තහවුරු කළා. යහපාලන ආණ්ඩුව යටතේ අපි ජනතාවට සහන රාශියක් ලබා දුන්නා. වැටුප් වැඩි කළා. රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ආරම්භ කළා.

මිත්‍රවරුනි,

ඊයේ සවස ජනතාව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මටත් ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් චෝදනා ගණනාවක් එල්ල කළා. මම ඒ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා වුන බව අපි දන්නවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයායි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාව අමතමින් කියා සිටියේ දේශපාලන අර්බුද, ආර්ථික අර්බුදය සහ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක කරුණු හෙලි වීම නිසා ඔහුට තිබුනු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කිරීම බව. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයායි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු වලට පටහැනිව බහුතර බලයක් නැති අගමැතිවරයෙක් යෝජනා කිරීම ගැන මම කණගාටු වෙනවා. තමන් කල මෙම වැරදි වැඩේ වහගන්න දැන් ඝාතණ කුමන්ත්‍රණ ගැන කියවනවා. පුංචි ළමයෙක්වත් විශ්වාස නොකරන කතන්දර කියනවා. 

ශ්‍රි ලංකා ඉතිහාසයේ මෙතරම්  අවුල් සහගත සහ තීරණාත්මක තැනකට මේ රට යොමු වුනු අවස්ථාවක් අප අසා නැහැ. පසුගිය සිකුරාදා සවස සිදුවුනේ පැහැදිලිවම නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි, අවස්ථාවාදී වැඩපිළිවෙලක්. මෙහි අහිතකර ප්‍රතිඵල අපි ඒ අවස්ථාවේම දැක්කා. ITN, රූපවාහිනි ඒ වගේම ලේක්හවුස් ආයතනවල සිකුරාදා රාත්‍රියේ සිදු වූ සිදුවීම් මේ රටේ මාධ්‍ය නිදහසට සිදුවන දේ පෙන්නුම් කළා. 

අද අපේ රට මුහුණ පා ඇති අවාසනාවන්ත තත්වයට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුව තුළයි. හදිසියේම පාර්ලිමේන්තුව කල් තැබීම සම්ප්‍රදාය විරෝධි බව කථානායකතුමා ලිපියක් මගින් පෙන්වා දුන්නා. අද මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය ඉල්ලා සිටින්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. ජාත්‍යන්තර ප්‍රජාව කියාසිටින්නේ පවතින නීති රාමුව තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසයි. ඒ නිසා මා ඉතාම ඕනෑකමින් ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස. 

අද තිබෙන අස්ථාවර තත්වය මේ රටට හොඳ නැහැ. මේ නිසා ජනතාවට ඇතිවන හිරිහැර අපිට දැන්ම පෙනෙන්නට තිබෙනවා. පෝලිම් යුගය ආරම්භ වෙලා. රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ඇණ හිටලා. අපි අමාරුවෙන් පාලනය කරගෙන ආ ආර්ථිකය දැන් කඩා වැටීගෙන යනවා. මේ අවාසානාවන්ත විදියට විනාශ වෙන්නේ මේ රටේ ඒ වගේම අපේ දරුවන්ගේ අනාගතයයි. 

එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණ වශයෙන් අප සමග එකතු වී සිටින දේශපාලන පක්ෂත් ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව මම පැහැදිලිවම කියන්න කැමතියි. ව්‍යවස්ථා විරෝධි ඒකාධිපති පාලනයකට මේ රට යටත් කරන්නට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. 

අපේ මේ පුංචි ලංකාවේ ජනතාව පමණක් නෙවෙයි ලෝකයේ රටවල් බොහොමයක් මේ අවස්ථාවේ අප සමග සිටිනවා. ඒ නිසා අවසන් වශයෙන් ඔබ සැමගෙන් මා ඉල්ලා සිටින්නේ පටු දේශපාලන තර්ක විතර්ක වලින් ඉවත් වී අපේ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන්, ඒ වගේම ඔබේ දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අප සමග එක් වන ලෙසයි. වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ අවාසනාවන්ත සහ දුෂ්කර තත්වයෙන් රට ගොඩ ගැනීමට හැකි වන්නේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් පමණයි.

ඔබ සියලු දෙනාටම ස්තුතියි.

Print Friendly, PDF & Email

මරණ තුනේ තාජුදීන් සහ දහස්වර මිය යන තාජුදීන්ගේ දෙමවුපියන් 

$
0
0

ගෘෂා ඇන්ඩ්රූස්

තථාගතයනි, දරු දුක සම මස් නහර විද, ලෙය තුළට වැද, ඇට තුළට වැද, ඇට මිදුළු තුළ කකියවමින් සදා දුක් දෙවයි”~ (රාහුල කුමරුන්ව ඔහුගේ මවගේ සහ වැඩිහිටියන්ගේ අවසරයෙන් තොරව ගෞතම බුදුන් විසින් පැවිදි කළ අවස්ථාවේයලි වෙනත් දරුවකුව එසේ පැවිදි නොකරන ලෙස ඉල්ලමින් ශුද්ධෝදන රජුන් බුදුන්ගෙන් කළ ඉල්ලීම බෞද්ධ සාහිත්‍යයේ ලියවී ඇති අයුරු)

මේ ලිපිය කියවන අප සියලු දෙනා පියෙකුට දාව මවු කුසකින් උපන් හෙයින් දරු පෙම විඳ ඇත්තෙමු; දැක ඇත්තෙමු; දරු දුකෙහි ප්‍රතිපල ද වෙමු. මෙලොව අප ලබන කිසිදු අධ්‍යාපනයක්, ධීක්ශාවක් හෝ කාල්පනික අභ්‍යාසයක් අපගේ මවගේ හෝ පියාගේ මරණයට අපව පරිපුර්ණව සූදානම් නොකරයි. වැඩි හිටියන් අපගේ ජීවිත කාලය තුළ අපගේ ඇස් පනාපිට ජරා, මරණ, රෝ දුක් වලට ගොදුරුව මියයාම සොබාදහමේ නීතියයි. එසේ වුවද, අපි සත්‍ය වශයෙන්ම අපගේ දෙමවුපියන්ගේ මරණයට මුහුණ දීමට අවශ්‍ය සියලු මානසික මෙවලම් වලින් සන්නද්ධව නොසිටිමු. අපට පෙර මිය යාමට නියමිත අපගේ දෙමාපියන්ගේ මරණය අපට දැනෙන්නේ එසේ නම්, අපේ දරුවකු අපේ ජීවිත කාලය තුළ අපට මිහිදන් කරන්නට සිදු වුව හොත් එය කවර ආකාරයක  සදාතනික දුකක් දැයි ඔබට සිතිය හැකිද? 

තාජුදීන්

වසීම් තාජුදීන් ගේ ආගම ද වන ඉස්ලාම් දහමේ “හදිත්” පරිච්චේදයක දරු දුක ගැන මෙසේ සඳහන් වෙයි. එක්තරා පුතෙකු සිය මව තමා උස මහත් කොට ආදරයෙන් රැක බලා ගැනීම ට ප්‍රති උපකාරයක් කිරීමට සිතුවේය. එතුලින් අල්ලාහ් දෙවියන් කෙරෙහි  සිය භක්තිය පෙන්වීමට ද ඔහු සිතුවේ මාපිය උපස්ථානය දෙවියන්ට ඉතා ප්‍රිය වන හෙයිනි. තමාගේ  භක්තියෙහි සංකේතයක් ලෙස ඔහු සිය මව තමාගේ කරපිට තබා ගෙන සැතපුම් දහස් ගණනාවක් නිරුදක කාන්තාරයේ මාස ගණනාවක් අපරිමිත දුක් විඳිමින් සිය මව ඔසවා ගෙන  ගිය ඔහු ඇයව මක්කම වන්දනා කිරීමට ගෙන ගියේය. නැවත ආපසු කාන්තාර පසු කර ගෙන ඇයව කර පිටින් ගෙන ආවේය. එම වන්දනාව අවසානයේ ඔහු මුහම්මද් වක්තෘ තුමාට තමා කළ සත් ක්‍රියාව දන්වා සිටියේය .

ඉතා මෘදු ලෙස සිනාසුමු මුහම්මද තුමා කරුණාවෙන් ඔහුට පැවසුවේ “ඔබ කර ඇත්තේ ඉතා විශිෂ්ට කෘත ගුණ සැලකීමක්. ඔබ කුඩා කාලයේ ඔබ රෝගීව සිටි විටක ඔබේ මව නිදි නොවරා ඔබ ලග පහන් කළ එක එක රැයකදී ඇයගේ හදවත තුළ ඔබ වෙනුවෙන් හට ගත් ප්‍රේමයට පමණක් ඔබ ඔබ ගේ සත් ක්‍රියාවෙන් වන්දි ගෙවා ඇත. ඔබේ මාස ගණනාවක සත් ක්‍රියාව එක රැයක මාතෘ ප්‍රේමයට හිලව් කළ හැකියි”. 

මාතෘ ප්‍රේමය එවැනිය. පීතෘ ප්‍රේමයද එවැනිය. එහි ඉම සෙවීම විශ්වයේ ඉම සොයන්නා සේ නිෂ්පලය. අපේ සිතට අපේ දරුවන් දරුවන් කෙරෙහි උතුරා යන ආදරයක් දැනුනු විට ඇසට කඳුළු උනන්නේ දරු පෙමද, දරු දුකද එකක් ම වන බැවිනි. අපට අපේ මවු පියන්ගේ ප්‍රේමයට කිසිදා වන්දි ගෙවිය නොහැකි සේම, අපි අපගේ දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමයද අනන්ත වෙයි. එය ඔබටද මටද එක සේය; සතා සීපාවාටද එලෙසය. 

මෛත්‍රිපාල සිරිසේනට සහ මහින්ද රාජපක්ෂටද එලෙසමය. 

ඉතින් අපි අමතක නොකරමු. 

දරු දුක වසීම් තාජුදීන්ගේ මවටද පියාටද එලෙසය. 

දහම් සිරිසේන රාත්‍රී සමාජශාලාවක් කුඩු කළ විට මෛත්‍රිපාල සිරිසේන ඔහුව රකින්නේ දරු දුක යහපාලනයට ඉස්සර වන බැවිනි. තමාගේ මනුෂ ඝාතක පුතුන් තාජුදීන් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කළද ඔවූන්ව මහින්ද රැක්කේ මාතෘ භූමියට පෙර දරු දුක ඉස්සර වන බැවිනි. තාජුදීන් ඝාතන දිනයේදී ශිරන්ති රාජපක්ෂගේ දුරකතනෙන් එය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන්නන්ට ඇමතුම් රැසක් කෙරෙනුයේ දාරක ප්‍රේමය නීතියට ඉස්සර වන බැවිනි.

නමුත් අමතක නොකරමු: වසීම් තාජුදීන් ගේ මවගේ ද පියාගේද දරු දුකද එලෙසමය. 

රතුපස්වල වෙඩි කා පොලව බදා ගෙන මිය ගිය 18 හැවිරිදි තරුණයාගේ මවගේ දරුදුක ද එලෙසමය. 

නිදහස් වෙළඳ කලාපයේ වෙඩි කා මිය ගිය රොෂේන් චානකගේ මවගේ දරු දුකද එලෙසමය. 

යුද්ධයෙන් මිය ගිය අතු සෙවීලි කළ ගෙවල් වල ජීවත් වන සොල්දාදුවන්ගේ මවුවරුන්ගේ දරු දුකද එලෙසමය. මනෝරානි සරවනමුත්තු ගේ දරු දුකද, ත්‍රීමාවිතානගේ අම්මාගේ දරු දුකද එලෙසමය. 

එල්ටීටීඊ කාරයාගේ ද, ළමා සොල්දාදුවාගේද මවගේ පියාගේ දරු දුක එලෙසමය. 

සමාජ, දේශපාලන ස්ථර, ධනය බලය ආදී සියලු සීමා අතික්‍රමණය කරමින් අප  සියලු දෙනා හමු වන පොදු බිම දරු දුකය. නමුත් එක මවකගේ, පියකුගේ දරු දුක වෙනුවෙන් අන් දරුවන් දිවි දිය යුතුද? සමහර ජීවිත අන් ජීවිත වලට වඩා වටිනවාද? 

වසීම් තාජුදීන් ගේ ප්‍රථම මරණය: 2012 මැයි 17 දින 

නාමල්, යෝෂිත, චිචි යන රාජපක්ෂ ‘කුමාරවරුන්ගේ’ කලක මිතුරෙකු, පසුව පසමිතුරකු වූ වසීම් තාජුදීන් අභිරහස් ලෙස “රිය අනතුරකින්” නාරන්හෙන්පිට ශාලිකා පිට්ටනිය අසල 2012 මයි 17 වන දින මිය ගියේය. ඒ ඔහුගේ පළමු මරණයයි. එදින සිය හුස්ම වැටුනද, නාඩි වැටුනද, තාජුදීන්ගේ මවුපියන්ද ඔහු සමග මිය යන්නට ඇත. සිය ලෙයින් සැදී දරුවකුගේ මරණය මවුපියන්ගේ මරණයද වන බැවිනි. මෙම අභිරහස් මරණයේ තතු පාර්ලිමෙන්තුවෙදී එජාප මන්ත්‍රී මුජීර් රහුමාන් විසින් හෙළි කරන අවස්ථාවේ පොදු ජන එක්සත් පෙරමුණු මන්ත්‍රීන් වනජොන්ස්ටන් ප්‍රනාන්දු (දැන් පැවසෙන ආකාරයට සතොස “මුදල් සොරකම් නොකළ” මන්ත්‍රී ), ඉන්දික අනුරුද්ධ සහ සනත් නිශාන්ත රහුමාන් ට මරණ තර්ජන එල්ල කරමින් පාර්ලිමේන්තුව ඇමතීම වැලක්වූ බව පමණක් කෙටියෙන් සඳහන් කරමි. එම ඝාතනය පිලිබඳ කරුණු පුන පුනා නොලියන්නේ මෙම මරණය සාමාන්‍ය දැනුමක් බැවිනි.  

වසීම් තාජුදීන් ගේ දෙවන මරණය : 2015 අගෝස්තු මස 10 දින

යහපාලනගේ වැඩිම ලන්සුවක් හිමි වූ තාජුදීන් ගේ මළ මිනිය 2015 අගෝස්තු මස 10 වන දින දෙහිවල සුසාන භූමියෙන් නැවත ගොඩ ගත්තේ ශෝකී ඉස්ලාම් ස්තෝත්‍ර මුමුනමින් මෞලවියන් වට කරගෙනය. තාජුදීන්ගේ මවගේ පියාගේ සොහොයුරියගේ දෑසින් වැටුණු කඳුළු අපි දුටුවෙමු. ආණ්ඩුව ගොඩ ගත්තේ මල මිනියකි.නමුත් ඉන් පණ ලැබුවේ තාජුදීන්ගේ දෙමවුපියන්ගේ තුනී වුනු ශෝකයයි. ඒ දේහය ගොඩ ගැනුමත් සමග යුක්තිය පිළිබඳව අපේ බලාපොරොත්තුවද පණ ලැබුවේය. 

නමුත් එය සිරිසේන-රාජපස්සහ ඩීල් ගණනාවක තවත් එක ඇස් බැඳුමක් පමණක් විය. 

ඝාතක කුමාරවරු, සිරිලිය වාහන, ශිරන්තිගේ දුරකථන ඇමතුම්, අධිකරණ වෛද්‍ය වාර්තා, ව්‍යාජ වාර්තා සැපයු අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර ගේ අත්අඩංගුව සහ ඔහුට “හර්දයාබාදයක්” වැළඳීම වැනි ඇසට වැලි ගැසීම් අතර හිත පිත් නැති ලෙස නැවත තජුදීන් ව වලලා දැමු සිරිසේන තාජුදීන් ගේ දෙමවුපියන්ව දෙවන වරටද නොමරා මැරීය. මේ ඩීල් පිටුපස සිටියේ කවුදැයි දැන් පැහැදිලිය. 

වසීම් තාජුදීන් ගේ තෙවන සහ ශෝකජනකම මරණය: 2018 ඔක්තෝම්බර් 26 

දරුවන් තිදෙනෙක්  සහ මිනිබිරියන් දෙදෙනෙක් සිටින මෛත්‍රිපාල සිරිසේන තජුදීන්ගේ මිනිය සිය දේශපාලන කර මත තබාගෙන එය අලවි කළේය. සොහොන් හාරා මල මිනී වල මුදු මාල සොරකම් කරන චෞරයකුටත් වඩා තක්කඩි ලෙස තාජුදීන් ඇස්, ඉස්, මස්, ලේ, පෙනහළු, ඇටකටු භාවිතා කළේ මිනී කන්නෙකුට වඩා ගිජුවය. එම මරණයෙන් සෑම සියලු දේශපාලන ප්‍රයෝජනයක්ම ගත් එම ඵෙතිහාසික​ නින්දිතයා 2018 ඔක්තෝම්බර් මස 26 වන දින තාජුදීන්ගේ මරණය නැවත නැවත ලියු ජනඝාතක කුමාරවරුන් තිදෙනා ගේ පියා සහ, තමාගේද “වෙන්ඩ ඝාතක” ලෙස පුන පුනා  හඳුන්වා දුන් මහින්ද රාජපක්ෂව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධී අගමැති ලෙස පත් කළේය. 

මේ නින්දිත ජනාධිපති 2018 ඔක්තෝම්බර් 26 වන දින තාජුදීන්ගේ ආත්මය සදා නොසන්සුන් කරමින් ඔහුව තුන් වන වරටත් මරා දැමුවේය. කොට්ටයක හිස තබා රෑ දහයට තාමත් ඔහුගේ  ඇස පියවී නින්ද එනවාද? තාජුදීන්ගේ අම්මාගේ, තාජුදීන්ගේ පියාගේ සුසුම් කණ ලඟින් ඇහෙන්නේ නැතිද? ගැස්සී ඇහැරෙන්නේ නැතිද මේ ජනාධිපතිට?  

රාජ්‍ය සේවයේ තාජුදීන්ලා වෙත, 

රාජ්‍ය සේවකයනි, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරයනි, මේ කුඩා සටහන මේ සමගම තබමි. තාජුදීන් යනු රාජ්‍ය යානත්‍රනය සමග එතරම් සමීප නොවුනු, දෛවෝපගත ලෙස රගර් සහ ඝාතක කුමාරවරුන් සමග සිය ජීවිතයේ  අහම්බයකින් පැටලුනු අවාසනාවන්ත මරණයකි. 

රාජපක්ෂ යුගයක ඔබ සියලු දෙනා රාජ්‍ය සේවයේ තාජුදීන්ලා වෙති. රාජපක්ෂ යුගයක බරපතල අල්ලස් දූෂණ සෙවූ, නීතියේ ආධිපත්‍යය සුරැකි, නීති ගරුකව කටයුතු කළ සියල්ලන්ගේ සැබෑ මරණය ලියවී ඇත. වසර 4 කට ආසන්න කාලයක් ඇදී ඇදී තිබුණු නඩු සියල්ලෙන් ඝාතක කුමාරවරුන් නිදහස් වනු ඇත. ඔවුන් ඔබගේ හිසට තුවක්කුව තබන විට “අපේ පාඩුවේ ඉමු” “අපි ජීවත් වෙන්නේ අපි හම්බකරොත්” වැනි බොළඳ කතා වලින් වැඩක් නැති වනු ඇත. දේශපාලකයන්ට ගහ මරා ගන්නට දී අපි දොරවල් තදින් වසා ගෙන හිඳ, ඉන්ද නොනැවතී පැස්බරුන් මෙන් දේශපාලන වැල්ලේ හිස ගසාගෙන සිටීමෙන් පලක් නැත. 

මේ ඉතිහාසයේ තාජුදීන් මොහොතයි. මේ සියලු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිය යුතු මොහොතයි. මේ රනිල්ගේ හෝ සජිත්ගේ හෝ මොහොත නොවෙයි. මෙය මරණ තුනක් හිමි වූ වසීම් තාජුදීන් සහ දස දහස් වර නොමැරී මැරෙන තාජුදීන්ගේ දෙමවුපියන්ගේ දරු දුක විසින් අවදි කරන අපගේ හර්ද සාක්ෂියේ මොහොතයි. 

Print Friendly, PDF & Email

බලාපොරොත්තු වන්න: ‘‘මහින්ද මැජික්’’

$
0
0

මහින්ද මාමා වෙතටයි,

මෛතී‍්‍ර ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ ඉන්න අපි හුඟ දෙනෙකුට ඇස් නිලංකාර කරන සිද්ධියක් වෙච්ච විත්තිය කියන්න ඕනේ.

මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි. අර කොළ පාට මිනිහත් තවම කියනවා එයයි අගමැති කියලා විශ්වාස භංගයක් ගේන්නේ නැතුව ඒ තානාන්තරෙන් එයාව අයින් කරන්න බැහැ කියලයි එයා කියන්නේ. ඒකෙත් ඇත්තක් තියෙන බව පේනවා. කොහොම වුණත්, දැන් අපිට අගමැතිලා දෙන්නෙක්ම ඉන්නවා.

පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගේ විශ්වාසේ තාම තියෙන්නේ තමුන්ට කියලා උන්නැහේ කියනවා. කැබිනට් මණ්ඩලය විසුරුවා ඇරලත් නැහැලූ. ඒත් මාමා කියන්නේ, අලූත් ඇමති මණ්ඩලයක් ඉක්මණින්ම පිහිටුවනවා කියලා. ග‍්‍රාම සේවකයෙකුට රටක් භාර දුන්නහම වෙන කොහොම වෙන්න ද?

මෛත‍්‍රී කරපු දේ ව්‍යවස්ථාවට පටහැනි ලූ. ඒක නිසා, අද රටේ ව්‍යවස්ථා අර්බුදයක් ලූ. ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන කවුරුවත් පුදුම වෙන්න ඕනේ නැහැ. මොකද, මෛත‍්‍රී කියන්නේ, දුන්න පොරොන්දු ඔක්කොම කඩ කරපු මිනිහෙක් නිසා. මිනිහා මුලින්ම කළේ මාමට පිටිපස්සෙන් ඉඳලා ඇනපු එක. දැන් කොළ පාට මිනිහටත් එයා කිරිච්චිය බස්සලා.

වෙච්ච දේ වුනාවේ. මෛත‍්‍රී සහ මාමා ගැන බලන කොට, කාරණේ වුණේ කොහොමද කියන එක වැදගත් නැහැ. ශිරානිව අගවිනිසුරු කමෙන් අයින් කරන්න ගත්ත තීරණය නිවැරදියි කියලා මේ මෑතකදීත් මාමා කියලා තිබුණා. පරමාර්ථය ඉෂ්ට වෙනවා නං, ඒක ඉෂ්ට කර ගන්නේ කොයි විදිහෙන්ද කියන එක මාමාට ප‍්‍රශ්නයක් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා.

හැම දෙයක් දැන් රඳා පවතින්නේ, කොළ පාට මිනිහාව අගමැති කමේ තියා ගන්න තරම් මන්ත‍්‍රීලා ගානක් පාර්ලිමේන්තුවෙන් පෙන්නන්න කොළ පාට පක්ෂයට පුළුවන් ද කියන එක උඩයි. මේ අවුරුද්ද මුලදී, කොළ පාට මිනිහට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනත් කර ගත් හදියෙන් කිසි පාඩමක් ඉගෙනගෙන නැති අර මිනිහා, දැන් කිසි දෙයක් නොවිච්ච ගානට ඉන්නේ, රටේ මනුස්සයෝ දිනපතා මුහුණදෙන අඟහිඟකම් ගැනත් වගේ වගක් නැතිව වගේ.

දැන් ඔක්කොම තියෙන්නේ මාමාගේ අතේ කියලයි පේන්නේ. දැනටමත් අඩු ගානේ කොළ පාට මන්ත‍්‍රීලා දෙන්නෙක් මාමා ළඟට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එක් කෙනෙක්, ජාතියේ පියාගේ මීමුනුබුරෙක්. මිනිහට කේන්ති ගිහිල්ලා තියෙන්නේ, කොළ පාට මිනිහගෙන් ඇමති කමක් නොලැබිච්ච නිසා. ඉතිං, ඇමති කමක් දීලා මිනිස්සු බා ගන්නත් දැන් මාමාට පුළුවන්.

අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි. ගෝඨාවයි, මෛත‍්‍රීවයි මරන්න හිටියා කියන සිද්ධිය හරියට හොයලා බැලූවේ නැහැ කියලා මේ ළඟදී මාමා කියලා තිබුණේ මේ මිනිහා ගැන නේ ද? ඒකා බලන්නේ එදා වේල හොයා ගන්න එකක් ගැන වෙන්න ඇති. ඉස්සරහට තවත් ඒ වගේ අය හුඟාක් ඉන්න පුළුවන්.

මාම අගමැති වුණා කියලා මිනිස්සු ජය ඝෝෂා කළා. හුඟාක් තැන්වල රතිඤ්ඤා පත්තු කළා. එක පැහැදිළියි. ඒගොල්ලෝ මාමාගෙන් යමක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නිසා, ඉදිරි අවුරුද්දකුත් මාස හතරක කාලේ කරන්න යන මාමාගේ සැලැස්ම අපිට කියන්න ඕනේ.

මාමාගෙන් වෙන්න පුළුවන් වෙනස් කම් දෙක තුනක් දැනටමත් මට හිතාගන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ ආයෙත් ලාබ ලබයි. ඒ වගේම, මාමාගේ නමින්ම තියෙන වරායත් ලාබ ලබයි. පෙට‍්‍රල් මිල ‘සුටුස්‘ ගාලා පහළ බහියි. ජීවන වියදමත් එහෙමයි. ඊට පස්සේ අපි ඔක්කොම සතුටෙන් සනීපෙන් ඉන්නවා.

ඒ එක්කම මහජනතාවටත් දැන් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වේවි. මොකද, දැන් මාමා බලේ ඉන්න කොට, දොස්තරලා හැරෙන හැරෙන පැත්තට වැඩ වර්ජන කරන එකක් නැහැ. පාදෙනියයි, එයාගේ සංගමයයි පූස් පැටව් වගේ ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර සයිටම් ආයතනයත් මාමාගේ සොඳුරු මග පෙන්වීම යටතේ නැවත උපන්නොත් පුදුමයක් ද/

දැන් මාමාට පැවරෙන මුල්ම රාජකාරියක් වන්නේ, ඉස්සර මාමාගේ පැත්තේ ඉඳලා වැරදිකාරයෝ වෙච්ච අයට මෛත‍්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකයි. මාමාගේ හිටපු ලේකම් ලලිත්, ඥානසාර හාමුදුරුවෝ, එතකොට අර දුමින්ද හාදයා වගේ අය ඔබේ පත්වීමෙන් පිනා යාවි. මොකද, තව වැඩි කාලයක් හිරේ තපින්න වෙන එකක් නැති නිසා.

කොහොම වුණත් ඒක මාමාගේ සැලැස්මේ මුල් කොටස විතරයි. එහෙම නේද, මාමේ? වැඩි කාලයක් මෛත‍්‍රීගේ ගෝලයෙක් විදිහට ඉන්න මාමාගේ කැමැත්තක් නැති විත්තිය මං දන්නවා. මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කියලා දිව්රලා කිව්වෙත් ඔයා මිනිහා නේ. ඒ වගේම, ගිය සැරේ මාමා දින්නා නං, අඩි හයක් තමා පොළොව යටට යන්න තිබුණා කිව්වෙත් ඔයා මිනිහා නේ.

ඒක නිසා මාමේ, අපි දැන් බලාගෙන ඉන්නේ මාමාගේ ඊළඟ අදියර එනකල්. ඒ කියන්නේ, කොළ පාට මිනිසුන් ටිකක් බාගෙන, අපේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන, ආයෙත් සැරයක් අර ලොකු රස්සාව මාමා ගන්නකල්. එහෙම කර ගන්න බැරි වුණොත්, නිල් පාට පක්ෂේ බලය ආයි සැරයක් අරගෙන, මාමා වෙනුවෙන් ඊළඟ වාරේ තරෙඟට දුවන්න ගෝඨාව දා ගන්නකල්.

කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප‍්‍රාර්ථනා කරනවා. මොකද, මේ වෙලාවේ මාමාට වැඩියෙන්ම තියෙන්න ඕනේ, වාසනාව. හැමෝම කියන්නේ, කොළ පාට මිනිහා ඉවරයි කියලයි. ඒත්, ඇත්තටම දීර්ඝ කාලීනව ගත්තොත්, ඉවර වෙන්න ඉන්නේ අර මෛතී‍්‍ර. දවසක දොර පෙන්නලා, බැහැපං දොට්ට කියලා මාමා කියපු දවසට, මිනිහා වෙනුවෙන් දුක් වෙන්න කිසි මිනිහෙක් ඉඳියි කියලා මං හිතන්නේ නැහැ.

ඔබේ ආදරණීය,
පුංචි පුතා

ප.ලි: නම්බුකාර විදිහට දේශපාලනෙන් විශ‍්‍රාම ගන්න වයස දේශපාලඥයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක මට හරි ප‍්‍රහේලිකාවක්. ඒ ගැන හිතන කොට, ඉස්සර හරියට ගැරහීමට ලක්වෙච්ච ජේ. ආර්. සහ කවුරුත් ආදරේ කරපු ඞී. බී. විතරයි ඒක දැනං හිටියේ. ඒත් මාමා එහෙම කොහොම කොරන්නෙයි? නාමල් බේබිගේ කල වයස එනකල් අල්ලගෙන ඉන්නත් එපැයැ. එතකොට නේ රාජ වංශය පවතින්නේ, නේ ද මාමේ?

*2018 ඔක්තෝබර් 8 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Await: Mahinda Magic” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං?

$
0
0

ගෘෂා ඇන්ඩ්රූස්

මඩේ ලගින තාරාවන් නාවන්නද මං?

ඌරු  දළෙන්  මොන ගජ මුතු අරගන්නද මං?”

(තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙන්. පද රචනය: ලූෂන් බුලත්සිංහල . ගායනය මර්සි එදිරිසිංහ )

මඩේ ලගින තාරාවන් නාවන්නට ජනතාව 

ජනතා පරමාධිපත්‍යය පිදුරන්ගලක් බවට පත් කළ නිරුවත් නින්දිත ජනාධිපති මෛත්‍රිපාල කරන ලද නින්දිත පාවා දීමට එරෙහිව ඊයේ කොල්ලුපිටියට රැස් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර පෙර නොදුටු විභවයක් දක්නට ලැබුණි. පොදු ප්‍රවාහන වල තැලෙන පෙලෙන – ලිංගික හිංසනයට ලක් වන, බදු බරින් පීඩිත කොළඹ “වතු වල” ගැහැණුන් මිනිසුන්ට අමතරව, පොද වැස්සක් වැස්සද ඡන්දය​ දාන්නට එලිය නොබහින රනිල් ගේ කුල්ටූර් කොළඹ 3, 5, 7 යූඑන්පී කාරයන් සහ කාරියන්ද පාරට බැස තිබේ.

එය ඉතා හොඳ පෙර මග ලකුණකි. 

සමාජයක් හදන්නට හෝ රකින්නට එපා කියා මිනිසුන් හෝ ගැහැණු ජාතියක් නැත. 

විවිධ සමාජ දේශපාලනික ශක්තීන් එක එක මිනිසුන් ළඟ ඇත. කෙසෙල් වත්තේ ගැහැනියකට ඇති සමාජ ප්‍රාග්ධනය කුරුඳුවත්තේ ගැහැනියකට නැතිවිය හැක. නමුත් ඇයට ඇති අධ්‍යාපනය හෝ සමාජ බලය කුරුඳුවත්තේ ගැහැණියට තිබිය හැක. මොවුන් දෙදෙනාගේම ශක්තිය ජනතා බලවේගයකට ගාමක බලය සපයයි. 

ශ්‍රී ලංකාවේ ජනතා පීඩක දේශපාලකයන් කවුරුත් මඩේ ලගින තාරාවන්ය. (මේ පිලිබඳ මගේ අදහස මා ලිවිය හැකි කර්කෂම භාෂාවෙන් ලියා අවසානය). නමුත් මොවුන් ව සිය බදු මුදලින් නඩත්තු කරන ජනතාව එසේ නොවෙති. ඔවුන් සාධාරණ සමාජයක් පිළිබඳව සහ සිය අහිංසක දරුවන්ට ශිෂ්ට සමාජයක් බිහි කිරීමට තිබුණු අන්තිම අවස්ථාවද කෙලෙසු දේශපාලනය වෙනුවෙන් නැවතද වීදි බැස ඇත. 

ඊයේ ඔවුන් පැමිණියේ ඔවුන්ටද වඩා විශාල සංකල්පයක් වෙනුවෙනි. 

වේදිකාව මත මොර දුන් සියලු දේශපාලකයන් හරි නම් බිමට බැස ජනතාවගේ නිර්මල හදවතට පසඟ පිහිටුවා වැඳිය යුතුව තිබුණි. 

ඌරු දළ වල ගජමුතු නොසොයමු 

ඌරන්ට උන්ගේ දළ වලින් ගජ මුතු දෙන්නට බැරිය. රනිල්, මෛත්‍රිපාල, මහින්ද, අනුර කුමාර, සම්බන්දන්, හකීම් – මේ කිසිවකුට අපගේ රටට යහපාලනය දෙන්නට අපහසුය. ඒ මක් නිසාද යත් මේ රටේ ජනතාව පුරවැසිභාවය පිළිබඳ අඥාතය. පාර්ලිමේන්තුව ගැන විහිලුවට හෝ මිනිසුන් වැඩියෙන්ම කියන විහිලුව කුමක්ද? දියවන්නාව දෙගොඩතලා පාර්ලිමෙන්තුවේ සියල්ලන් සමග එය යට වූ දිනක පමණක් රට හැදෙන බව නොවේද? එය කොතරම් ශෝක ජනක “විහිලුවක්ද?” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස් වන දිනය කීයක ඊට සහභාගී වෙයි දැයි පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බලා ගත හැක. ඔවුන් පැමිණ කරන්නේ කුමක්ද? නිදා වැටෙති, මේස උඩ හිස ගසා නිදා වැටෙති. සිය වැටුප් වරප්‍රසාද වැඩි කර ගැනීමට අත ඔසවති. 

මේ අහිංසක පීඩිත ජනතාව නිදහස් අධ්‍යාපනය, බදු බර, අසාධාරණය වෙනුවෙන් වීදි බැස්සේ නම් ඔවුන්ට ජල ප්‍රහාර සහ ටයර් සෑයවල් හිමි වනු ඇත. නමුත් දේශපාලකයන් ට වැඩ වැරදුනු විට ඒ ජනතාවගේ වීදි බැසීම මතම ඔවුන්ගේ පැවැත්ම රඳා පවතී. 

නමුත් ඊට කම් නැත.

අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වීදි බැස ඇත්තෙමු. 

ප්‍රජාතන්ත්‍රවාදය අපගේ දේශපාලන දහමයි. එය රනිල්ට සහ මේ බොර දියේ මාළු බාන සජිත්-සිරස පූට්ටුට්වට වඩා විශාලය. එය වේදිකාව මතට නැගුනු බැඳුම්කර හොරුන්, නින්දිත, දූෂිත සුවපතිලා සහ ඔවුන්ගේ බූරු පුතුන්ට වඩා විශාලය. සමාජයේ සියයට 52% වන කාන්තාවන් වෙනුවෙන් එක කතාවක් කිරීමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලන්නට තරම් චරිත ශක්තියක් නැති, තමා වේදිකා වල මල් සැරසිලි යයි සිතා සිටින නිර්ලජ්ජී ගැහැණු දේශපාලිකාවන් දෙදෙනාට වඩා අපි ශිෂ්ට සම්පන්න වෙමු. 

අපේ ලෝකය සහ හදවත් ඔවුන්ට වඩා ඉතා විශාලය.

අපගේ ආලෝකය ඔවුන්ගේ අඳුරට වඩා ප්‍රභාශ්වරය. 

මේ සටන ඌරු  දළෙන් ගජ මුතු ගැනීමට නොවේය. මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපට ඇති ප්‍රඥප්තියයි. එය දේශපාලනය අතික්‍රමණය කරමින් තනි බලයක්ව බැබලෙයි. 

මදන ඇතුන් නෙලුම් හුයෙන් වලකන්නද මං?

ප්‍රවේණි දේශපාලනයේ අවජාතකයන් වන වසන්ත සේනානායක සහ දුනේෂ් ගන්කන්ද දැනටමත් පිල් මාරු කර අවසානය. එක්කෙනෙක් ඩී එස් ගේ මුණුපුරාලු. මොවුන් අපට  කියා දී ඇති පාඩම නම් ප්‍රවේණි දේශපාලනය පිටු දැකිය යුතු බවය. වහල්ලු ඉන්නේ මහින්දට පමණද? මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීචයන්ට චන්දය දෙන්නෝ වහල්ලු වෙති. වසන්ත සේනානායක ඩී එස් ගේ මුණුබුරා කියා අපට මොකද? ඔහු ඩී එස් ගේ මුණුබුරා කියා මතක හිටින දෙයකට කළේ කුමක්ද? දෙපාරක් පිල් මාරුව කිරීමය. දුනේෂ් ගන්කන්ද කවුද? හිටපු ඇමති චන්ද්‍රා ගන්කන්ද ගේ පුතාය. ඉස්කෝලේ යන ළමයින් ගේ භාෂාවෙන්ම කියනවා නම් ඉතින් අපිට පාන් ද? දුනේෂ් ගන්කන්ද මෙරට මතක හිටින දෙයකට කර ඇත්තේ කුමක්ද? තිත්ත කුණුහරුප යනු මොනවාදැයි අපට කියා දී ඇත. කලම්බු ටෙලිග්‍රාෆ් 2017 දී වාර්තා කළ ආකාරයට මොහුගේ භාෂා ඥානයෙහි අසිරිමත් බව ඔබට පහතින් ඇසිය හැක. 

ආශ්චර්යය නම් මේ ස්ත්‍රී පීඩක, ගැහැනුන්ට හිංසාකාරී කුණුහරුප කියන චන්ද්‍රා ගන්කන්දගේ පුතා සිය තක්කඩි පත්වීම ගන්න විට සුවච කීකරු භාර්යාවක් සිනාසෙමින් පසෙකින් හිට ගෙන සිටීමය. මොවුන්ගේ කුණු වුනු ජීවිත ගැන තවත් කුමක් කියන්නද? 

හමන සුළං මකුළු දැලෙන් වලකන්නද මං?

අනුර කුමාර දිසානායක කියූ පරිදි මේ යූඑන්පී මන්ත්‍රීලා කුණු බටු – කුණු මාළු විදිහට විකිණෙන කාලයයි. නමුත් සත්‍යය නම් ජන ඝාතක, පරපීඩක රාජපක්ෂ තක්කඩියන් විසින් අපගේ ජාතියේ ධනය සොරකම් කළ මුදලින් කෝටි ප්‍රකෝටි ගණන් වලට මොවුන් විකිණෙන බවයි. මහින්දගේ සල්ලි වල සුළඟ ඉතා බලවත්ය. එය පක්ෂයට ඇති පක්ෂපාතීත්වය, දුර පෙනෙන දේශපාලන අනාගතය වැනි වචන වලින් නැවතිය හැකි සුළඟක් නොවෙයි. රිදී හැන්ද කටේ ගහගෙන උපන් ගාමිණි දිසානායකගේ පුතා නවීන් දිසානායකද, මහින්දගේ දෙපා මුල 2005 දී පසඟ පිහිටුවා මහනුවරදී  වැඳ වැටුණු මයන්ත දිසානායකද, දේශපාලනයේ “මහත්මා” යයි අප සිතා සිටි කරු ජයසූරියද මහින්දගේ සල්ලි වල සුළඟට විසි වී ගිය දේශපාලන රොඩු ය. ඊයේ නවීන් දිසානායක ගිරිය පුප්පා ගෙන “මමයි මයන්තයි යන්නේ නැහැ, යන්නේ නැහැ,” කියා කෑ ගසන්නේ තවමත් මහින්දගේ සල්ලි දිරවා ගත නොහැකිව ඔවුන් දේශපාලන අජීර්ණයෙන් තවමත් ඇඹරෙන නිසාය.

අන්තර්ජාලයෙන් බලගැන්වුණු සමාජ ජාල යුගයේ , ප්‍රවේණි -අප්‍රවේණි කොයි දේශපාලකයාත්, රාජ්‍ය සේවකයාත්, පොදු ජනයාත් මුහුණ දිය යුතු යතාර්ථය නම් දූෂණයේ සුළඟ ට බඳින්නට මකුළු දලකට වඩා බලවත් ජන බලය නමැති පවුරක් ඇති බවය.  ඒ පවුර දෘශ්‍යමානව ඊයේ කොල්ලුපිටියට ආවේ බත් පැකට් එකට, අරක්කු බෝතලයට නොවෙයි. ඔවුන් ලයිට් කණු වලට නැග්ගේ නැත. සිඟිති ආතල් සැපයුවේ නැත. ඔවුන් ඔවුන්ගේ හදවතේ නැගුණු ධෛර්යයේ සහ ප්‍රජාතනත්‍රවාදයේ ගින්නෙන් උණුසුම්ව, කකියන ලෙයින් පැමිණියහ. දේශපාලකයන්ගේ නිස්සාර බව දැන දැනම පැමිණියහ. දෘශ්‍යමාන ජන පවුරට එපිටින්, විද්වතුන්, වෘත්තිකයන්, ප්‍රාඥයින්, චින්තකයන් සහ ප්‍රධාන දේශපාලන ධාරයේ සියලු පක්ෂ විසින් පහසුවෙන් අමතක කළ කාන්තාවන්ගෙන් බල ගැන්වුණු අදෘශ්‍යමාන දේශපාලන බලවේග රැසක් බිහි වන ලකුණු පෙනෙයි. රාජ්‍ය සේවකයන් තජුදීන් ලා මෙන් පිලිස්සී මිය යාමට නියමිතය. ඔවුහු එය දනිති. 

තව දුරටක් අපි අරාජිකත්වය පිලි නොගනිමු. ප්‍රජාත්නත්‍රවාද කෙලෙසීම පිලි නොගනිමු. මේ සුළඟට නම් මකුළු දැලකට වඩා ඉතා ශක්තිමත් පිළිතුරක් ජනතාව ලඟ ඇත. 

කොහොඹ ගසින් කොහොම හරි සඳුන් මලක් නෙලමු!

හෙට මේ දේශපාලන කුමන්ත්‍රණයට විරුද්ධව ජවිපෙ පාගමන කොළඹදී පැවැත්වෙයි. එම වේදිකාවේදී ජාතිය අමතා කෙරෙන එක කතාවක් කාන්තාවකට කිරීමට දී සමාජවාදයේ සහ සමාජ සාධාරණත්වයේ චායාවක් හෝ තමා තුළ තිබෙන බව පෙන්වන ලෙස අනුර කුමාරගෙන් ගෘෂා ඇන්ඩ්රූස් වන මම ජාතියේ කාන්තාවන් වෙනුවෙන් පළමුව ඉල්ලා සිටිමි. අනුර කුමාර ඇතුළු ජවිපෙ වෙත අග්‍රාමාත්‍යවරයා කවුද යන්න නිර්ණය කිරීමට කෙරෙන විමසීමකදී චන්දය දීමෙන් වැලකීමට එපිටින් ගිය මහා වගකීමක් ඇත. සිය ස්ථිතික ස්ථාවරයන් ගතික යතාර්තයන් හමුවේ වෙනස් නොකරන්නේ මෝඩයන් පමණි.  

ඒ කෙසේ වෙතද පක්ෂ සීමා අතික්‍රමණය කරමින් සම බිමකදී එජාප, ජවිපෙ භේදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හමුවීම තුළම ජාතියේ හර්ද සාක්ෂියේ ජයග්‍රහණය ලියවී ඇත. ජන බලය හමුවේ මහින්ද-මෛත්‍රී තිගැස්ම  අපට දැනෙයි. ඔවුන් දේශපාලන වීදියේ බුරන ජලභීතික සුනඛයන්ය. සත්‍යයේ සහ ජනතා පරමාධිපත්‍යයේ බලයට නැමති පවිත්‍ර ජලයට ජලභීතික දේශපාලන සුනඛරජා ද, ඔහුගේ නකුටා ද බිය වෙති. ඔවුහු  ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල වන පාර්ලිමේන්තුවට බිය වෙති. පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදයට අනුකූල වෙමින් පාර්ලිමේන්තුව කැඳවා එහිදී මහින්ද දිනුවද, රනිල් දිනුවද එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයකි. ඊට මෙපිටින් පිපෙන මල් වලට අපි සඳුන් මල් යයි නොකියමු. නමුත් දියවන්නාවේ පර්ර්ලිමේන්තුව නමැති කොහොඹ ගසෙන් සඳුන් මලක් පිපෙන බව නම් දැඩිව අදහමු. 

Print Friendly, PDF & Email

ඇසි පිල්ලමක් යට අනුර

$
0
0

ගෘෂා ඇන්ඩ්රූස්

හිතවත් අනුර,

මාව නොදන්නා ඔබට මා හිතවත් අනුර යයි අමතන්නේ වෙන දෙයකට නොව මෙම මජර දේශපාලන ගොහොරුවේ අපේ කකියන ලෙයට ගරු කොට දූෂණයට සහ වංචාවට එරෙහිව හඬක් නගන්නට සදාචාරාත්මක අයිතියක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීලා කිහිප දෙනෙක් ගෙන් එක අයෙක් ඔබ බැවිනි.

ඔබ සමග පරණ ඇරියස් නැත

අවස්ථා කිහිපයකදීම ජවිපෙට චන්දයක් දෙන්නට හිතා ගෙන ගෙදරින් පිටත් වුව චන්ද පොලේදී ඔබ ට වඩා ප්‍රතිගාමී අදහස් ඇත්තවුන්ට චන්දය ප්‍රකාශ කර පැමිණ ඇත්තෙමි. එයට හේතුව මගේ ජාතික හැඳුනුම්පතක් ජවිපෙ 88/89 උස්සන් ගියාය , බත් මුට්ටියක් අරන් ගියාය, මගේ ඉස්කොලේ වහලා තිබ්බාය, ට්‍රාන්ස්ෆොමරයකට ගිනි තිබ්බාය වැනි පරණ ඇරියස් නොවෙයි. මගේ කවුරුවත් ජවිපෙන් මරා නැත. යූඑන්පියෙන් හෝ එල්ටීටීයෙන් මරා ද නැත. නමුත් මගේ සහෝදර පුරවැසියෙක් කෲරත්වයෙන් මිය යන හැම අවස්ථාවක්ම මට මරණයකි.

අනුර, ඔබට මේ ලිපිය ලියන්නේ එහෙයිනි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම එක මිනිසකුගේ මළගම ටද වඩා ඉතා භයානක වන බැවිනි.

මා සිතන ආකාරයට නිදහස් මතධාරී අප බොහෝ දෙනෙකුගේ හර්ද සාක්ෂිය ජවිපෙ හද ගැස්ම තුළම තිබෙයි. නමුත් අපි ජවිපෙ වැනි දැඩි මතධාරී දේශපාලන පක්ෂයක සාමාජිකයෝ යතාර්ථය තුල ජීවත් නොවෙති. වසර 40කට වඩා පැරණි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජවිපෙ ඇමතිකම් දරා ඇත්තේ එක ආණ්ඩුවක පමණි. ඔවුන් සංකල්පයීය වශයෙන් ඉතා උසස් දහමක් ඇදහුවද යතාර්ථය තුළ නොපවතිති. ජවිපෙ විසින් අවදි වන හර්ද සාක්ෂියෙන් ආලෝලනය වන මිනිසුන් ඔවුන් හොඳ යයි රෙකමදාරු කරන පක්ෂ වලට චන්දය දෙති. චන්ද්‍රිකා එයට හොඳම උදාහරණයයි.

ඔබ රතු අලියෙක් නොවේ: අපි එය දනිමු

දැනට පවතින තට්ටු මාරු, ආත්මය විකුණන දේශපාලකයන් සියල්ලන් ගැන කලිකිරී හිතු මතයේ ඔවුන්ට අපහාස කිරීම නිදහස් අන්තර්ජාප ලෝකයේ ස්වභාවයයි. බුදු හාමුදුරුවන් වැඩ සිටියානම් අන්තර්ජාල ලෝකයේ අපවාද වලින්ද අකම්පිත වන ලෙස අපට දෙසනු ඇත. ජවිපෙ විසින් අන්තගාමී නොවන දේශපාලන තීරණ ගන්නා හැම අවස්ථාවකම අනුරට රතු අලියා කීමද,ජවිපෙ යූඑන්පී හි තෝල්ක කරුවන් කීමද ජාතික විනෝදාංශයක් වන තරමට ෆේස්බුක් මාෆියාව බලවත්ය. එවැනි ප්‍රපංචයක් පණ නැගෙන හැම විටම සිය අන්තගාමී කොන දෙසට විස්තාරණය වීම ජවිපෙහි ඇති විශාල දුර්වල කමකි.

අන්තවාදී, සන්නද්ධ, මිනීමරු අදහස් දරන පෙරටුගාමීන් අන්තරේද ද ඩහැ ගෙන ඔබෙන් වෙන් වීම විශාල දේශපාලන පසුබෑමක් යයි සිතනුයේ ජවිපෙය. මධ්‍යස්ත ස්වාධීන මතධාරී අපි ජවිපෙ යලි ආයුධ දැරීමට සිතීම හෝ පිළිකුල් කරමු. ඔබට චන්දය දුන්නද නොදුන්නද එය අපි පිළිකුල් කරමු. එම නිසා ඒ අහිමි වීමෙහි පරාජයෙහි හීනමානයෙන් ඔබ දුරස් විය යුතුය. ඔබට දේශපාලනිකව කෙතරම් අවාසි වුවද පෙරට්ටන් විසින් කෲර දේශපාලනයේ බල ඝනය ජවිපෙන් උදුරා ඇනීමෙන් ජවිපෙට කර ඇත්තේ ලොකු උදව්වකි. නැවත ආයුධ අතට ගන්නට හෝ මනුෂ්‍ය ඝාතන නොකරන්නට තරම් මිනිසත් බවක් සහ පරිනත බවක් ඇති මාවතට ජවිපෙ පැමිණීම ඇසට නොපෙනුනද මොලයට පෙනෙන ආයෝජනයකි.

රනිල් වික්‍රමසිංහගෙන් අකමැත්තෙන් හෝ ඉගෙන යුතු දේශපාලන පාඩම් කිහිපයෙන් එකක් නම්, මධ්‍යස්ත මත දරීමෙහි කුරුසය කර තබා ගෙන යාම අපහසු වුවද සමාජය වෙනුවෙන් එය කළ යුතු බවය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නීරස වුවද ඒ වෙනුවෙන් “බටහිර-කුමන්ත්‍රණ”, “NGO සල්ලි”, “අන්තර්ජාතික ප්‍රජාවෙහි ගැත්තා” වැනි අවලාද වින්ද ද එය දිගු කාලීනව සමාජයට යහපත් බවය. එසේ කිරීමේදී රතු අලියා කීවාට එවැනි අවලාද අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කිරීමට ජවිපෙහි ඇති නොහැකියාව අපව ඔබගෙන් ඈත් කරයි. ඒ මක් නිසාද යත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනසම්මතවාදය රනිල් ගේ පෞද්ගලික බූදලයක් නොවෙයි. එය ජවිපෙටද අයිතිය. දෙමල සන්ධානයට ද අයිතිය. විමල් වීරවංශ වැනි දේශපාලන විහිලුකරුවන් අවලාද නැගුවාට ඔබ ඔබේ අයිතිය අත හරිය යුතු නැත.
පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් නැගී සිටීම රනිල් වෙනුවෙන් නැගී සිටීමක් යයි ඔබ පටලවා ගත යුතු නැත. ඔබ එසේ කරුණු පටලවා ගන්නා විට ඔබට තුවෙනි බලයක්ව හෝ දේශපාලනයේ පැවතීමට තරම් මටසිලුටු විචක්ෂණයක් ඇති දැයි ප්‍රශනයක් පැන නැගෙයි.

අනුර, ඔබේ හදවතින් අසන්න

වත්මන් දේශපාලනයේ පැන නැගී ඇති තත්ත්වය පෙනෙන තරම් ව්‍යාකූල නැත. ඉතා සරල යතාර්ථය නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව ව්‍යවස්ථා විරෝධී ලෙස පහ කරන්නට උත්සාහ කළා මදිවාට 2015 දී ඔහු අගමැති ලෙස පත් කිරීමද ප්‍රශ්නයට නගමින් මෙම නින්දිත ජනමතය පාවා දීම සාධාරණීකරණය කිරීමය.

වඩාත්ම ශෝකයට කරුණ නම් ලොකු කුඩා සියලු දේ සියුම් සහ තාත්වික විච්චේදනයට ලක් කිරීමෙහි සමත් ජවිපෙ වීරවංශ, දිලුම් අමුණුගම වැනි දේශපාලන ඇමීබාවන්ගේ තත්ත්වයට වැටී ගිරවුන් සේ එයම පැවසීමය. ඉතින් අපි කවදාක සීනුව ඉදිරියේ හිනැහෙමුද?
2015 ජනාධිපතිවරනයෙදීත්, මහා මැතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය. රනිල් කුරුණෑගලින් මන්ත්‍රිකමට ඉල්ලා, කාගේවත් පුටුවට විද්දේ නැත. එජාපයට වඩා පාර්ලිමේන්තු බලයක් පොදු පෙරමුණට තිබුණි නම් පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදයට අනුව ඔවුන් විසින් කළ යුතුව තිබුනේ කුමක්ද? ඔබ විසින් කළ යුතුව තිබුනේ කුමක්ද? ව්‍යවස්තාවට අනුව විශ්වාස භංගයක් රනිල්ට විරුද්ධව ගෙන ඒමය. එසේ රනිල්ව පරාජය කර පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් හිමි පුද්ගලයා අගමැති ලෙස පත් කර ගැනීමය.

විරසක වුනු පුරුෂයකු සහ භාර්යාවක මෙන්”ඉස්සර කරේ මෙහෙමයි- දැන් කොහොමද- මම යහතින් ඉන්න දෙන්නේ නැහැ” වැනි ඉතා මුග්ධ, පහත්, නූගත් ප්‍රකාශ නිකුත් කිරීම පාර්ලිමේන්තුවේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෞරයවට හෝ පෞද්ගලිකව වැඩිහිටියකු ලෙස ඔබ කිසිවකුගේ පෞරුෂයට සුදුසු නොවෙයි. එදා ඔබ සියලු දෙනාටම නොතිබි ආත්ම ශක්තියක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසයක් රනිල් ට ඇත. ඔහු පුන පුනා පාර්ලිමේන්තුව කැඳවන ලෙසද, එහිදී ඔහු රටේ අගමැති කවුද යන්න විසඳා ගන්නා බවද පවසන්නේ පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය පිලිබ්නද ඔහුගේ ඇති විශ්වාසය නිසාය. අනුර ඔබේ හදවතින් මේ කරුණු සත්‍ය ද, නැද්ද යන්න අසන්න. පාර්ලිමේන්තුවේදී රනිල් දිනුවද, මහින්ද දිනුවද දිනන්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදයයි. එහි පරාජිතයන් නොමැත.

ඇසි පිය යට

“උනුත් එකයි- මුනුත් එකයි- අපි බලු පොර වලට නැහැ” යන්න ජවිපෙ මතය ලෙස ඔබ විසින් නොබෝදා ප්‍රකාශ කිරීඑම ඉතා භයානකය. මේ කතාවේ ජලභීතික සුනඛයයෝ දෙදෙනෙක් සිටිති. එක අයෙක් ජලභීතික සුනඛ රජා වන මහින්දය. අනෙකා ජලභීතික සුනඛ නකුටා සිරිසේනය. මොවුන් දෙදෙනාම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජන සම්මතවාදයේ පවිත්‍ර ජලය දුටු විට විකල් ව හැසිරෙති. තර්ජන කරති, අමානුෂික මැරයන් නිදහස් කරති. දික්කසාද වන්නට යෙදුනු කෙස් වලු පටලවා ගත් අඹු සැමියන් උසාවි වල කියන ආකාරයේ ආඩපාලි කියා ගනිමින් අපගේ ධීමත් බවට අපහාස කරති.

ඔබ හරිය. ජවිපෙ ඒ බලු පොරයේ නැත. කරුණාකර එය තේරුම් ගන්න. රනිල් වෙනුවෙන් ඔබ අතක් එසවිය යුතු නැත. ඔහුගේ තනතුර ඔහු විසින් රැකගනු හෝ අහිමි කර ගනු ඇත. ගතික යතාර්තයන් හමුවේ දැඩි මතධාරීව ස්ථිතික අදහස් වල එල්බෙන්නෝ සමාජය වෙනස් නොකරති. ඔබ බලු පොරයට සහභාගී විය යුතු නැත. නමුත් ඔබ ප්‍රජාත්නත්‍රවාදී ක්‍රමවේදයට සහභාගී විය යුතුමය. නිෂ්ක්‍රීය, නිෂ්පල ලෙස අත් බැඳ ගෙන මහින්ද ගේ හෝ රනිල් ගේ අලකලන්චියෙන් කාලකන්නි සතුටක් විඳිමින් විනෝද වීම ඔබට හෝ ජවිපෙට සුදුසු නොවේ. ඔබව ධීමත්, ස්වෛරී මනසක් ඇති , ලෝකයේ යතාර්තය අත් විඳින අප කෙරෙන් ඈත් කරන්නේ ඔබ තීරණාත්මක අවස්ථා වල දී ගන්න එවැනි තීරණ ය.
අද ඔබ ජවිපෙ සාමාජිකයින් සහ පොදු ජනතාව සමග ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් නැවතද වීදි බසියි. එය ඉතා වැදගත් ක්‍රියාවකි. එය අපේ කකියන හදට අස්වැසිල්ලක් ගෙන එයි. අපි කැපුවත් කොළ, නිල, රතු නොවෙමු.අපි කැපුවත් ජනසම්මතවාදය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නෝ වෙමු . අපි යූඑන්පී, පොදු පෙරමුණු, ජේවීපී, පොහොට්ටු වහල්ලු නොවෙමු. අපි අවසන් සුසුම තෙක් මනුෂ්‍යත්වයේ සහ සාධාරණත්වයේ වහලුන් පමණක් වෙමු.

අපි ඔබගෙන් ජනසම්මතවාදය වෙනුවෙන් වීදියේහිද, පාර්ලිමෙන්තුවෙහිද එසවුණු අතක් දකිනු කැමැත්තෝ වෙමු. අනුර, වීදියේදී ජනපීඩක ජන ඝාතකයන ට එරෙහිව අත ඔසවා , ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල තුළ අත් බැඳ නොසිටින්න. රනිල් වෙනුවෙන් නොව අපගේ අහිංසක දරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ -සිරිසේන ජලහීතික බලු පොරයට විරුද්ධව ජවිපෙ අත ඔසවන්න.

රටක අනාගතයද, ප්‍රජාතන්ත්‍රවාදයද, ඔබද, මමද , ජනතාවද ක්ෂණයකින් විනාශ විය හැකි මොහොතක ඇසි පිල්ලමක් යට සීරුවන් සිටිමු. අනුර ඔබ ඇසි පිය ගසද්දී මනුෂ්‍යත්වයේ නාමයෙන් , කිසිදු සැපක් නොවිඳම මිය යන පීඩිත ජනතාව ගැන වගකීමෙන් සිතන්න. ඇසි පිය යට මේ මොහොත ගැන තව වරක් සිතන්න.

ඔබේ හිතවත්

ගෘෂා ඇන්ඩ්රූස්

ප:ලි: මවු කුසින් බිහි වුනු සියලු ජනයාට කරන උපහාරයක් වශයෙන් හෝ ඔබ අද දින පවත්වන රැලියේදී කාන්තාවකට ජනතාව අමතන්නට අවස්තාවක් දෙන්න. එවැනි ශිෂ්ට කම් “මහත්මා”යයි කියන රනිල්ට නැත.

Print Friendly, PDF & Email

රාජපක්ෂවාදයේ දෙවෙනි යුගය සහ ‘පුරවැසි අපි හරක්’න්‍යාය

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

‘රාජපක්ෂ දෘෂ්ටිවාදයේ’ බරපතලකම ගැනත්, මැසිවිලි සහ අඳෝනා නැගීම පාදක හේතුවක් ලෙස ජනතාවට මවා පෙන්වමින් දේශපාලනික තීන්දු ගැනීමේ දේශපාලනික හානිය ගැනත් මින් පෙර මා විසින් ලියන ලද ‘මෛත්‍රීගේ මැසිවිලි ලිපිය හා බලු මැක්කන් සමග නැගිටීමේ දේශපාලනය’ යන ලිපියෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෙමි. මේ ‘මැසිවිලි ලිපි සහ ප්‍රකාශ’ නිකුත් කරමින් දේශපාලනික වශයෙන් රටට බලපාන තීරණ ගැනීමේ හෝ නොගැනීමේ පුරුද්ද වත්මන් ජනපතිවරයාගේ නරක භාවිතයක් වන්නේ කෙසේද යන්න ගැන මගේ කියවීම එහි ඇත.

ඇඬියාව සහ පුරවැසි අපි හරක්ද? යන්න

මේ මොහොතේ එය හදිසියේ සිහිපත් වූයේ ලංකාවේ පවතින දේශපාලනික අර්බුදයට පාදක වූ ‘කුමන්ත්‍රණකාරී අගමැති පත් කිරීම’ පසුපස ද කිසියම් ඝාතන ප්‍රයත්න මැසිවිල්ලක් ඇති බවට ඉඟි පළ වූ හෙයිනි. රනිල් වික්‍රමසිංහ ඉවත් කොට මහින්ද අගමැති ලෙස පත් කිරීමට තමා මෙහෙයවූ එක් හේතුවක් වූයේ තමන්ව ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් ඇති බවට කරුණු වාර්තා වීමත්, එම ඝාතනය පසුපස එජාපයේ කුමන්ත්‍රණයක් ඇති බවත් එතුමා කීවේය. එතුමා ඝාතනය කිරීමේ මෙම ‘කූඨ කුමන්ත්‍රණය’ ගැන සාරසුබාවටම දන්නා නිල නොවන ‘බුද්ධි වැඩකාරයෙකු’ ද දවසින් දවස, මොහොතින් මොහොත දිව නැමෙන නැමෙන පැත්තට ප්‍රකාශ නිකුත් කරමින් සිටිනු අපි තවමත් දනිමු. එය මේ දේශපාලනික කුමන්ත්‍රණයේ කපටි වරනැගීමක් ලෙස වර්ධනය වන ආකාරයද අපි අත්දකිමු. ආසන්නතම ‘හෙළිදරවුවට’ අනුව මෙම ඝාතනය පසුපස එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා යන අය ඇති බව අදාළ බුද්ධි වැඩකාරයා කියයි. මේ අතරම, මේ ගැන සාක්ෂි තමන් සතුව නැති බවත්, අවශ්‍ය නම් නාලක ද සිල්වා ගෙන් විමසිය යුතු බවත් ඔහු කියයි. මේ විගඩමේ රඟ අපට තේරෙන්නේ මෙතැනදී ය. මිනිසුන්ට තමන් කැමති දෙයක් කියන්නට හැකි වුවද, සාක්ෂි නොමැති බවද කිසිවෙකු කියන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ප්‍රකාශයක් පදනම් කරගෙන රාජ්‍ය පාලන යාන්ත්‍රණයක් උඩුයටිකුරු කිරීමේ නිවටකම ප්‍රශ්න නොකර සිටින්නට බැරි ය. විකල්පය ලෙස තමන්ව “අඩි හයක් වළලන්නට” නියමිතව සිටි අයෙකු පත් කිරීමෙන් අදහස් වන්නේ මේ කියන ඊනියා කුමන්ත්‍රණය ඊට වඩා බරපතල හා භයානක එකක් විය හැකි බව නොවේද? මේ ගැන දැනගැනීමට අයිතියක් ජනතාවට නැතිද? මෙය ඉතාම කූඨ කුමන්ත්‍රණයක් බව අප දන්නා නමුදු ‘මරනවෝ’ යන අඳෝනාව හේතුවක් ලෙස පෙන්නමින් රටක අගමැතිවරයෙකු පුටුවෙන් ඉවත් කිරීම අප තේරුම් ගත යුත්තේ පුරවැසියා යනු ‘අමු හරකෙකි’ යන තක්සේරුව මොවුනට ඇති බව නොවේද?

රාජපක්ෂ දෘෂ්ටිවාද විරෝධය මේ මොහොතේ ඇතැම් අය තේරුම් ගන්නට උත්සාහ කරන්නේ ‘රනිල්ට කඩේ යාමක්’ ලෙස වුවද එය අනවශ්‍ය පටලවා ගැනීමක් බවද කිව යුතුය. අප කඩේ යනවා නම් යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට වන අතර එය කරන්නේද ඉතාම කැමැත්තනෙි. රනිල් වික්‍රමසිංහ මේ රටේ පාලනයට කිසිසේත්ම සුදුසු අයෙකු බව අප කල්පනා කරන්නේ නැත. මේ වෙලේ මහින්දගේ කට්ටිය හම ගහණ ‘මහ බැංකු මුව හම’ හරි ය කියන්නේද නැත. එහෙත්, ඒ කිසිදු අපරාධයක් හෝ නුසුදුසුකමක්, මෙරට පුරවැසියාට අභිමානයෙන්, නිවහල්ව සහ ජාතිවාදී, ආගම්වාදී මුග්ධකම්වලින් තොරව ජීවත් වීමට ඇති ඉඩ අහෝසි කළ පාලකයෙකු, මිනී මැරුම් හා මිනිස් අතුරුදන් කරවීම් සම්බන්ධයෙන් බරපතල චෝදනා ලද පාලන යාන්ත්‍රණයක නිර්මාතෘ කෙනෙකු වෙත රට නැවත අත්කර දීමේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කරන්නට යොදා ගැනීමට හැකි බව විශ්වාස කරන්නේද නැත. අප මේ හඬ නගන්නේ මේ මොහොතේ මහින්ද උනෙන් ආතුර වී සිටින උන්මත්තක වහල් ජනතාවගේද හිතසුව පිණිස බව ඔවුන් දිනක වටහා ගනු ඇති(ද?)

මැරවාදය සහ මරාවාදයේ කසාදය? 

රාජපක්ෂ දෘෂ්ටිවාදයේ නෛසර්ගික ලක්ෂණ නොහොත් චරිත ස්වභාවය ලෙස මා දකින සමහර කාරණා මෙහි මුලදීම සඳහන් කෙරුණු ලිපියෙහි විස්තර කර ඇති නිසා මෙහ පුනරුච්ඡාරණය කිරීම අවශ්‍ය නැත. එහි මූලික ලක්ෂණය වන විකෘති කරගත් ආගමික පෙරටු කරගත් මැර කල්ලි අමුතු ප්‍රබෝධයකින් මේ මොහොතේ කටයුතු කිරීම අප පරිස්සමට තේරුම් ගත යුත්තකි. පසුගිය කාලයේ ජාතිවාදී කෝලාහල ඇති කරමින්, බහුවාර්ගික ශ්‍රී ලංකාවේ ලස්සන විනාශ කරමින් සහ ශිෂ්ට ලෝකය ඉදිරියේ අප අශිෂ්ට ම්ලේච්ඡ ජාතියක් ලෙස පින්තාරු කරමින් අපරාධවලට සම්බන්ධව සිටි එකා දෙන්නා දැන් දැන් ගුල්වලින් එළියට ඇදෙන්නේ ඇයි? හදිසියේම අමිත් වීරසිංහ නමැති ‘මහසෝන්’ නියෝජිතයාට ඇප ලැබීම විස්මිත ලෙස තේරුම් ගත යුත්තක්දැයි නොදනිමි. මේ අතරම, ජාතිවාදී ලේබලය ආඩම්බරයක් ලෙස භාරගෙන සිටි තවත් බොහො ‘කෙරුමන්’ දැන් පෙරට වඩා එළියට බහිමින් තිබේ. මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට පවා තර්ජනය කළ, රාජ්‍ය නිලධාරීන්ට කුණුහරපෙන් බනිමින් රාජකාරියට බාධා කළ, මරණ තර්ජන කළ, අන්තිම හානිකර විගඩම් නැටූ භික්ෂුව පවා දැන් මෛත්‍රී ජනපතිගේ ‘බුද්ධි වැඩකාරයා’ සමග මාධ්‍ය සාකච්ඡා පවත්වයි. ප්‍රශ්නයක් නැත. පොලිස්පතිද මහින්දගේ සාක්කුවේය!

මේ ටිකක් පමණි. තවත් මෙවැනි බොහෝ චණ්ඩි දැනටමත් සිය උන්මාදය ප්‍රකට කරන ආකාරය බලාගෙන ‘ආතල් එකක් ගැනීම’ හැර අන් දෙයක් දැන් කරන්නට නැත. අප යෝජනා කරන්නේ අඩුවකට ඇති ඥානසාරලා වැනි ඉතිරි තග්ස්ලාද එළියට බැස්සිය යුතු බව ය. මේ ලියන මොහොත වන විටත් හෙට දින (02) ගලගොඩඅත්තේ ඥානසාර නම් ශ්‍රමණ වේශධාරියා නිදහස් කර ගැනීම අරමුණු කරගත් උද්ඝෝෂණයක් වෙනුවෙන් සහභාගී වන මෙන් භික්ෂූන්ගෙන් ඉල්ලන සමාජ මාධ්‍ය සටහනක් ප්‍රසිද්ධ වෙමින් පවතී. මේ සමස්ථ සිදුවීම් නැවත නැවතත් පසක් කරන්නේ කුමක්ද? රාජපක්ෂ දෘෂ්ටිවාදය ආගමක් ලෙස අදහන අය පොදුවේ පිළිගන්නා ‘මැරකමේ වීරත්වය’ නොවේද? මේ තත්ත්වය තුළ මහින්ද යුගය දිගටම ක්‍රියාත්මක වුවහොත් අපට දකින්නට සිදු වන්නේ නැවතත් අර සාපරාධී යුගයම නොවන්නේ යැයි අනුමාන කළ හැකිද?

කොට කලිසම් ඇඳ තීරණාත්මක රාජ්‍ය ආයතනවලට ‘සවුත්තුවට’ මෙන් ගොඩ වැදී රස්නය පෙන්වන්නට යන රජ කුමාරවරුන් ඉන්නා විට එවැනි අනුමාන හුදු පුස්සක් බවට පත් නොවනු ඇති බවද කිව යුතුය.

බොරුව ආගම කිරීම සහ ආගම බොරුව කිරීම

රාජපක්ෂලා තරම් ආගමික ශාස්තෲවරුන්වත් ආගමෙන් වැඩ ගත්තාදැයි පුදුමයකි. අප මේ බව කියන්නේ ගත වූ රාජපක්ෂ රෙජීමය සිහිපත් කරමින් නොව ව්‍යාජ අගමැති ලෙස ඔහු දිවුරුම් දුන් මොහොතේ පටන් සිදු වන දේ නිරීක්ෂණය කරමිනි. කෙනෙකු සමග ඉතාම ඇඟෑළුම්කමින් හිටගන්නා අනිත් අය දෙස බැලීමෙන් කරුණු සිදු වන්නේ කවර දිශානතියට අනුවද යන්න අනුමාන කිරීම අසීරු කාර්යයක් නොවේ. මහින්ද සමග මේ මොහොතේ හිටගන්නේ බුදුන්වහන්සේ විකුණා කමින් බෞද්ධ විරෝධී අපරාධ රට පුරා ව්‍යාප්ත කළ සහ තවමත් කරන්නට අර අදින චණ්ඩි සාදුලාය. මුළු මහත් ලෝකයක්ම පොදුවේ පිළිගන්නා මානව හිමිකම් වැනි දේවල් මිනිස්සුන්ට අවශ්‍ය නැති බවට පාරම් බෑ කාදිනල්ලාය. ආගම සහ ව්‍යාජය අතර පහසුවෙන් ගොඩනැගිය හැකි සම්බන්ධය තුළින් මිනිසුන් ඇන්දවිය හැකි ගැන කප් ගැසූ අයය. එළැඹෙන්නට ඉඩ ඇති යුගය ඉතාම භයානක හා සමාජ හානිකර එකකැයි අපට හිතන්නට ඒ ටිකම ප්‍රමාණවත්ය. තවමත් පෙනෙන්නට නැති නමුදු හෙට අනිද්දාම ජ්‍යොතිශ මිථ්‍යාදෘෂ්ටික මුදලාලිලා ටිකද තමන්ගේ පැවැත්මට ඉතාම හිතකර මහින්දවාදය ප්‍රවර්ධනය කරනු නිසැකය. මිථයාවේත්, බොරුවේත්, බොරුව ඇත්ත ලෙස අකැමැත්තෙන් වුව භාරගන්නා සිදු වීමේ ඛේදවාචකයේත් ගිලී විනාශ වන්නට ශ්‍රී ලංකාව සූදානම් විය යුත්තේ බහුතර පොදු ජන මනසද පහසුවෙන්ම මේ ප්‍රෝඩාකාරයන්ට මුළා වීමට කැමැත්තෙන් සිටින බව පෙන්නුම් කරන නිසාය. සරලවම කියන්නේ නම් ලංකාව කිසිදා වෙනස් නොවන පසුගාමී කොදෙවුවකි!

මා නිතර කියන කතාවක් ඇත. කිසිවෙකු අපාය කියා දෙයක් නොමැති බව කියන්නේ නම් ලෝක සිතියමේ ලංකාව උඩ ඇඟිල්ල තියන්න. අපායක් ඇත. ඒ මෙය ය. එහි ඇති නරුම දඬුවම් ක්‍රමයක් තිබේ. ඒ දඬුවම නම් අපා දුක් විඳින පවුකාරයින් ඒ දුක් සියල්ලටම පණ මෙන් ආදරය කිරීමය. ඒවා දුක් ලෙස අසන්නට ලැබීම ‘අපා දුකක්’ බව සිතීමය. ඒ පවුකාරයන්ට කිසි දා ගැලවීමක් නැත. එය දිව්‍ය ලෝකයක් බවට පරිවර්තනය කරගැනීමට වෙහෙසෙනු වෙනුවට ඔවුහු ඒ අපායේම ‘යළි උපදින්නට හේතු වාසනා වේවා’ යි දිවි හිමියෙන් පතති! එවන් ජාතියක් අබසරණේ පිහිටුවන්නට අමුතුවෙන් ඥානසාරලා අවශ්‍ය නැත!

Print Friendly, PDF & Email

“හොඳ ලී පාට නැත- පාටලී හොඳ නැත”: හැබැයි ඔහු  බය නැත 

$
0
0

ගෘෂා ඇන්ඩ්රූස්

මීට කලකට ඉහත ෆේස්බුක් සමාජ ජාලයේ මගේ මිතුරෙක් විහිලුවට බෙදා ගත් හාස්‍යජනක පොස්ටුවක් මගේ මතකයේ ගලින් කෙටූ අකුරක් මෙන් පවතී. එහි කියවෙන්නේ “හොඳ ලී පාට නැත – පාටලී හොඳ නැත” යනුවෙනි. 

පාඨලී චම්පික රණවක එල්ල කරගෙන ලියවුනු එම අහිංසක විහිලුව මට අද මතකයට ආවේ ඔහු අද දින මා සතියක් ම කවුරුන් හෝ කරයි කියා බලා සිටි “වික්‍රමය” කිරීම හේතුවෙනි. නමුත් පොස්ටුවට ඌණ​ පූරණයක් කර “හොඳ ලී පාට නැත- පාටලී හොඳ නැත – හැබැයි ඔහු බය නැත” යනුවෙන් එය වෙනස් විය යුතු යයි මම සිතමි. 

2018 ඔක්තෝම්බර් 26 දින පක්ෂ, පාට, ජාති භේද දිය කරමින් දේශපාලන ලෝකයද, සාමාන්‍ය ජන ජීවිතයද කළඹවමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති විසින් සිදු කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයේ මහා පාවා දීම ගැන අලුතින් කරුණු නොකිවමනාය. තමා රටේ නීත්‍යානුකූල අගමැති බවට රනිල් වීක්‍රමසිංහ පුන පුනා කීවද, එම ප්‍රකාශයට හෝ යහපාලනයට අවම ගරුත්වයක් වත් නොදක්වමින් “තක්කඩි අගමැති” මහින්ද සහ සිරිසේන විසින් පහසු ගෙවීමේ ක්‍රමයට කෑලි කඩා කැබිනෙට්ටුවක්ද, අමාත්‍යංශ ලේකම්වරුන්ද පත් කරගන්නා ලදී. මෙවැනි සසල වීමකට ඇත්තෙන්ම සූදානම් නැති එජාප ඇමතිවරුන්, මන්ත්‍රී වරුන් දිනක් පමණ වික්ෂිප්තව සිට ඊළඟට මෙම නින්දිත පාවාදීමට එරෙහිව පෙළගැසීම ආරම්භ කළ අතර ඉන් සමහරක් පොදු ජනයා සිතූ ලෙසම රාජපක්ෂ වෙන්දේසි පොලේ විකිණේන්නට පටන් ගත්හ. 

රනිල් වික්‍රමසිංහ විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත්, තමා හට පාර්ලිමේන්තු බහුතරය ඇති බවත් ය. ජාතියේ මේ ඛේදජනක ඉරණමට වැඩියෙන්ම වගකිව යුතු පුද්ගලයකු  බව බොහෝ දෙනාට අමතකව ගොස් ඇති කරු ජයසුරිය සිය බෑණා වන නවීන් දිසානායක සහ ඔහුගේ සොහොයුරා මයන්ත දිසානායක සමග 2018 දෙවන මහා පාවා දීම ඔවුන් එක වරක් ද කෙරූ ලෙස කරත් යයි ඉතිහාසය අමතක නැත්තෝ සිතූහ. නමුත් තවමත් කරු ජයසුරිය පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය පාවා දී නැත. එජාප මන්ත්‍රී වරු 17 දෙනෙක් සමග එජාප ඉතිහාසයේ විශාලතම පාවාදීම සිදු කර මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය කරු ජයසුරිය ජනප්‍රවාදයේ කියවෙන පරිදි මහින්ද රාජපක්ෂගෙන් කුණුහරුපයෙන් බැනුම් අසා කම්මුල් පහරක් කෑමෙන් පසු පියවි දේශපාලන සිහියට පැමිණ මල්වට්ටියක් අතින් ගෙන සිරිකොතට බඩගාගෙන පැමිණියේය. අඩුම වශයෙන් ඒ එන විට තමාගේ බෑණාව වත් රැගෙන එන්නට ඔහු අසමත් විය. එම මල් වට්ටිය සිරිකොතේ බුදු පිළිමයට පූජා කළ ඔහු නැවත එජාපයට පැමිණි අතර සිරිසේනට පමණක් දෙවැනි වන නින්දිත පාවා දෙන්නෙකි. නවීන් – මයන්ත බෑණලා ද, කරු ජයසුරියද කොයි මොහොතේ වුවද එජාපය පාවා දිය හැක. සිහි එලවාගෙන යූඑන්පී දේශපාලනයේ යෙදෙන දේශපාලන කිරිසප්පයෙකවත්, කරුණු කාරණා විශ්ලේෂණය කිරීමට සිහි බුද්ධියක් ඇති නිදහස් මතධාරී යූඑන්පී කාරයෙක්වත් මේ තිදෙනා ව විශ්වාස කරන්නේ නැත. 

ඊයේ දින පාඨලී විසින් සිය අමාත්‍යංශයට ගොස් එහි නාමිකව හෝ සිටීමෙන් පෙන්වූ ධෛර්යය වැදගත් වන්නේ ඉහත සන්ධර්භය තුළය. ඓතිහාසික ව මුදලට විකිණේන්නන් සහ දශකයකට වඩා සිරස මාධ ජාලය හා එක්වී යූඑන්පිය උලා කන සජිත්, බුද්ධික පතිරණ වැන්නවූන් යූඑන්පියේ ජාතික පාක්ෂික ගහණය සෝදා පාලු කිරීමට දී ඇති දායකත්වය මෙතෙකැයි කිව නොහැක. රනිල්ට මුහුණට මුහුණ අභියෝග කර හෝ මහත්මා ලෙස පෞද්ගලිකව හෝ හමුවී ඊළඟ නායකත්වය සඳහා හෙට්ටු කිරීමට තරම් පෞරුෂයක් නැති දෙවන පෙළ දේශපාලකයන්ගේ නිවට බව හමුවේ එජාපයට පිටතින් ආගමනය වුනු පාඨලී එජාපයේ දෙවන පෙළ වෙනත් නායකයන්ට මෙවැනි විකෘත, සංකීර්ණ අවස්තාවක පෙන්විය නොහැකි වූ නායකත්වයක් සහ චරිත ශක්තියක් අද දින පෙන්වා ඇත. එය සංකේතාත්මක වුවද ඔහුව මේ ජරාජීරණ මඩ ගොහොරුවෙන් උඩට ඔසවා තබනු ඇත. 

හොඳ ලී පාට නැත

ඉතා වටිනා සළු පිලි දෑස් නිලංකාර කරමින් දිලිසෙන්නේ නැත. ඉතා වටිනා දියමන්ති, ප්ලැටිනම් කෘතීම වීදුරු ගල් මෙන් දිලිසෙන්නේ ද නැත. වටිනා දැව වලින් තනන ගෘහභාණ්ඩ පොලිෂ් කරනවා විනා එවායේ ලාභ, පාට-පාට තීන්ත ගාන්නේ නැත.  ඉතාම උගත්, ප්‍රභාශ්වර මනසින් යුතු සැබෑ විද්වතුන් අපිස් ජීවිත ගත කරන අතර කෑ මොර දෙන්නේ නැත. සජිත් ලන්ඩන් හි ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිලිබඳ ලෝක ප්‍රකට LSE විශ්ව විද්‍යාලයේ “ග්‍රීෂ්ම පාඨමාලාවක්” හදාරන්නට ගොස් එයද සම්පූර්ණ කර ගත නොහී නැවත පැමිණියේය. ඔහු ඉහත LSE හි උපාධිධරයෙක් ලෙස පෙනී සිටියදී සත්‍යය විකෘති කළ බව හෙළි වීමෙන් පසු ව්‍යාජ සුදුසුකම් ප්‍රකාශ කිරීම නවත්වා දැමුවේය. ඉතිරි එජාප දෙවන පෙළ නායකයන් ගැන මේ අවස්ථාවේ විශ්ලේෂණය නොකරන අතර මතු දිනකදී එය කිරීමට බලාපොරොත්තු වෙමි. කෙසේ වුවද පහල මධ්‍යම පන්තික පවුලක ඉපිද මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරුවකු ලෙස උපාධියක් ලත් පාටලී නිසග ධීමත් බවකින් යුක්තය. කරුණු විච්චේදනයෙහි සහ භාෂා කෞශල්‍යයෙන්  හෙබි ඔහු ජනතාව ආලෝලනයෙහි සමත් චතුර කථිකයෙකි. ඔහු දේශපාලන අන්තර්ගතයෙන් සහ භාෂාවෙන් පොහොසත්ය. ඔහු ජන විඥානයෙන්,සාහිතයෙන් ද පොහොසත්ය. ප්‍රවේණි දේශපාලනයෙන් නොපැමිණි නිසා තාත්තලා, අම්මලාගේ මළ ගිය දේශපාලනය විකුණන්නේ නැත.  සුමට ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය නොහැකි වුවද  සංකීර්ණ සිතුවිලි ඉංග්‍රීසි  භාෂාවෙන් තෙපලීමට ඔහු සමත්ය. සාමාන්‍ය පොදු ජනයා දැඩිව අප්‍රිය කරන “එජාපයේ කුල්ටුර් – කොළඹ සන්නිය” පාටලී ගෙන් විද්‍යාමාන නොවෙයි. 

පාඨලී සම්ප්‍රදායික යූඑන්පී ප්‍රවේණි දේශපාලනයෙන් මතු නොවුණු හෙයින් ඔහුට කෲරත්වය, පීඩනය, අහිමි වීම දරා ගැනීමට විශාල හැකියාවක් ඇත. ඔහු ගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිදු හේතුවක් නිසා මා අදහස් නොදක්වන නමුත් ඔහුගේ පෞද්ගලිකත්වය සහ ලිංගික ජීවිතය මාධ්‍ය විසින් අපයෝජනයට ලක්කරමින්, ඔහු දියණයන් දෙදෙනෙකුගේ පියකු බව පවා අමතක කළ දේශපාලන-මාධ්‍ය ගරිල්ලන් ඔහුගේ චරිත ඝාතනය කළ ආකාරය අපි සැවොම දනිමු. නමුත් පාඨලී ඒ කිසිදු පාටක් සිය දේශපාලනයේ ගාවා ගත් බවක් නොපෙන්වා අවසානයේ එම කෲරත්වය කෙරෙහි තාදී ගුණය පෙන්වීමට සමත් විය. (ඔහුගේ සැබෑ ප්‍රතික්‍රියාව කෙසේ වීදැයි නොදනිමි. දේශපාලන කියවීම පමණක් සටහන් කර තබමි)

පාටලී හොඳ නැත 

පාඨලීගේ ජාතිවාදී අතීතයේ හොල්මන් ඔහුගේ දේශපාලන ප්‍රතීකයන් තුළට නොදන්වා කඩා වදියි. ඔහු ගේ සිහල උරුමය, හෙළ උරුමය අතීතය, සිංහල වීර විදහන, ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයට ආදියට ඇති සම්බන්ධය වැනි ලිබරල් ප්‍රජාත්නත්‍රවාදයට පටහැනි හෝ ඉන් අපගමනය වන අතීතය ඔහුගේ දේශපාලනය තුළ හොල්මන් කරයි. 

ඔහුගෙන් ගම්‍ය වන දේශපාලන කර්කශභාවය ඔහු ව ප්‍රධාන ධාරාවේ මැදහත් පරිනත නායකයකු වීමට ඔහු තුළ ඇති ශක්‍යතාවය ප්‍රශ්නයට ලක් කරයි. පාඨලීගේ සාමාන්‍ය කතා විලාශය, මුහුණේ සෞම්‍ය පෙනුමක් අඩුවෙන් දක්නට ලැබීම, ඔහු කෙරෙහි තමාටම සැහැල්ලුවෙන් සිනාසීමට ඇති නොහැකියාව ඔහුව දේශපාලනය තුළ හුදකලා වීමට හේතු විය හැක. රනිල්ගේ අඳුරු පැයේදී ඔහුගේ හොඳ දැකීමට ඇතැමෙක් මැලි වුවද අඩ සියවසකට ආසන්න කාලයක් දේශපාලනයේ යෙදුනු ඔහුගෙන් පාඨලීට ඉගෙන ගත හැකි එක පාඩමක් ඇත. එනම් රනිල් පුද්ගලයකු වශයෙන් කෙතරම් සියුම් ගතිගුණ වගා කොට ගෙන ඇතිද යන්නයි. ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් වෙද්දී මුහුණෙන් හෝ වචනයෙන් තරහ නොපෙන්වා සවන් දෙන ඔහුගේ මටසිලුටු ගති ගුණය ඔහුගේ දේශපාලන කල් පැවැත්ම සහතික කරයි. රනිල් අන් මත ක්‍රියාත්මක කළ ද නොකළ ද, ඔහු ස්වාර්ථය දේශපාලනය කෙසේ වුවද දේශපාලනයේ නොනැසී සිටීමට නම් කෝපය, කෲරත්වය, දැඩි මතධාරීත්වය, අනුන්ට ඇහුම්කම් නොදීම, තමන්ට අභියෝගයක් වන්නාව විනාශ කිරීම හෝ කොන් කිරීම වැනි තමාවම දවා හළු කරවන විභවයන්ගෙන් ඈත්  විය යුතුය. රනිල් සර්වතෝභද්‍ර නොවෙයි. නමුත් සිය පෞද්ගලික ගෞරවය නොසිදවා දේශපාලන පීඩනයට ඔරොත්තු දීමේ කලාවෙහි කෙළ පැමිණියෙකි. 

සුළු ජාතින් පිලිබඳ සැබෑ දායර්ද බවක් නැති වීම, සුළු ජාතීන්ගේ ජන දුක සුළු ජාතික දේශපාලනය හා පටලවා ගැනීම, ඔවුන්ගේ මානව අයිතීන් පිළිගැනීමට මැලි වීම පාඨලීගේ දුර්වලතාය. උතුරේ ජනයාට ඔවුන්ගේ මිය ගිය දරුවන් වෙනුවෙන් හඬා වැලපීමට, මරණ සහතිකයක් ඉල්ලීමට අයිතියක් ඇති බව පිළිගැනීමට පාඨලී මුලින්ම සිය හදවත නම්මවා ගත යුතුය. 

ඒත් ඔහු බය නැත 

අද දින පාඨලී සංකේතාත්මකව හෝ පෙන්වා ඇත්තේ ඔහු තුළ ඇති අදීන බවේ සහ නිර්භයත්වයේ ශක්‍යතාවයි. ඔහු තීරණ ගැනීමට නොපසුබට බවයි. 2006 වසරේදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ සමුළුව අමතමින් එවක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යව සිටි ටෝනි බ්ලෙයාර්ගේ විශිෂ්ටතම කථනයක් ලෙස සැලකෙන 2006 කම්කරු පක්ෂ සම්මේලනයේ කළ කතාවේදී ඔහු මෙසේ කියයි. “විසි හතර පැයේ විකාශනය වන ප්‍රවෘත්ති වලට වඩා ඕපා දූප වලට ගරු කරන නුතන ලෝකයේ සියලු දෙනා සතුටු කරවන දේශපාලනය කළ නොහැක. ජනතාව අපට වැරදුන හොත් එයට සමාව දීමට සූදානම්ය, නමුත් තීරණ නොගෙන අත් බැඳ සිටීමට නම් ඔවුහු සමාව නොදෙති” ඒ ප්‍රකාශය පාඨලීට  “හැදෙන්නට” හොඳ අදහසකි. ඒ හැරුණු කොට ප්‍රජාතන්ත්‍රවාදයේ මරණය අභියස අපි සියලු දෙනා සීරුවෙන් සිටගෙන සිටින මොහොතක ටෝනි බ්ලෙයාර්ගේ වචන ජවිපෙ සහෝදරයන්ටද ඉතා වටිනා  අවවාදයකි. 

Print Friendly, PDF & Email

වෙන්නේ මොකද්ද ?

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයේ දස වන දිනයත් උදා වෙමින් තිබේ. ආර්ථිකය විශාල අවුලකට පත් වී තිබේ. රුපියලේ දැවැන්ත කඩා වැටීම නැවැත්වීමට රට අභ්‍යන්තරයේ ඩොලර් සැපයුම ඉහල දැමීමට විදේශ සංචිත වලින් ඩොලර් මිලියන පනහක් පසුගිය දිනක නිදහස් කළේය. එය අනාගතයේ දී බරපතල ප්‍රතිපල ගෙන දෙනු ඇත, එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය සතියේ නිකුත් කිරීමට තිබු ඩොලර් බිලියන 2 ක ණය මුදල වහාම නවතා දමා තිබේ, යහපාලන රජය බලු බැනුම් අසමින් රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරනු ලැබුවේ මෙම ණය මුදල ඉලක්ක කර ගනිමිනි. එය ලංකාවේ අනාගතය අවුලෙන් අවුලට පත් කරනු ඇත. සැබවින්ම කුමන්ත්‍රණකරුවන්ද එයින් අවුල් වී තිබේ. මන්ද ඔවුන් බලාපොරොත්තු වූයේ එම ඩොලර් බිලියන 2 න් මැජික් දැමීමටය. පැය කිහිපයක හදිසි වීමක් මත ඔවුන්ට එම අවස්ථාව මග හැරී ගියේය.

ජපානය ඔවුන්ගේ ආධාර නවතා දමා තිබේ. සියලුම සීලාචාර ජාතින් සංචාරක තහනමක් පනවා තිබේ. පාර්ලිමේන්තුව කැදවා හැකි ඉක්මනින් නිත්‍යානුකූල ආණ්ඩුවක් ගොඩනගන්නේ නැතිනම් යුරෝපා සංගමය සම්බාදක පැනවීමට සුදානමක් පවතී. පාර්ලිමේන්තුවේ මුදල් වර්ෂය අවසන් වී ඇති බැවින් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දේ අපනයනයට මුදල් වැය කල හැකි තත්ත්වයක් රට තුල නොමැති වේ. නිලධාරීන් තීන්දු තීරණ ගැනීමෙන් වැලකි සිටීම නිසා රාජ්‍ය යාන්ත්‍රණය ඇන හිට තිබේ.

රටේ සියලුම සම්ප්‍රදායික මාධ්‍ය පක්ෂග්‍රාහීව කුමන්ත්‍රණයට සම්බන්ද වී ඇත. දේශපාලකයින් අතර විශාල මුදල් හුවමාරුවක් සිදුවෙමින් පවතී. ජනතාව එක්තරා ප්‍රමාණයකට අවබෝධයෙන් යුතුව නිෂ්ශබ්දව එදිනෙදා කටයුතු වල නිරිත වේ. නමුත් මේ නිසල බව අර්බුදයේ ගැඹුර කියා පායි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙය වීමට තිර අදිටනක කටයුතු කරනු දැකිය හැකිය. එම පක්ෂයේ ඉතිහාසය තුළත් ලංකා ඉතිහාසය තුළත් මෙම අරගලය තරම් තීරණාත්මක සැබෑ දේශපාලන අරගලයක් ඇති වී නොමැත්තේය. අනිත් අතින් ලංකාව ඒකාධිපත්වයකට යට වීමේ අවදානමක්, මිනිස් අයිතිවාසිකම් අහිමි වීමේ අවදානමක්, නීතියේ ආධිපත්‍ය කැළැ වැදීමේ අවදානමක් උදා වී ඇත්තේය. මෙය ලංකාවේ අනාගතය පිළිබද බරපතල හා තීරණාත්මක අවස්ථාවකි.

කෙසේ වෙතත්, පසුගිය දින දෙක තුළ ජනධිපතිවරයා විසින් මහින්ද පාර්ශවයේ හෝ කතානායකතුමාගේ පාර්ශවයේ කිසිදු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වා නොමැත. ලැබෙන ආරංචි මාර්ග අනුව කතානායකතුමා ජනාධිපතිවරයාට දුරකතන ඇමතුම් අටක් ලබා දී තිබේ. ජනාධිපතිවරයාගේ පාර්ශවය ඉලක්කයක්, අරමුණක් හෝ සීලාචාර බවක් නොමැතිව ආණ්ඩුවක් ගොඩනැගීමට උත්සහ කරමින් සිටි. මහින්දගේ පාර්ශවය මුළු කාලයම යොදා ඇත්තේ,මුහුණ දී තිබෙන මෙම උභතෝකෝටික තත්ත්වයෙන් ගොඩ ඒමට උපාය උපක්‍රම සොයා ගැනීමටය. ඔවුන්ට එම පිල පාලනය කල නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර ලැබෙන ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයාගේ ක්‍රමවේදය තුළ මැතිවරණයක් කැදවා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ බවට පත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂය තම මුළු ශක්තියම යොදා ඇත්තේ 2015 ජනවරි 08 වැනිදා එකතු වූ බල මුළු නැවත සටනට කැදවා ගැනීමටය, ඔවුන්ට අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍ය අහිමි වී තිබේ. සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අවුල් වී තිබේ. එම නිසා රටේ සියලුම් පාර්ශවයන් එක කොඩියක් යටට ගෙන එමින් සටන ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ අරමුණයි. එමෙන්ම ඔවුන්ගේ පළමු තේරීම වන්නේ ප්‍රථමයෙන් මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් හෝ රාජපක්ෂවරුන්ගේ පාර්ශවයෙන් කැමැත්තක් නොදක්වන්නේනම් සටන මහා පාරට කැදවීමට ඔවුන් බල මුළු සුදානම් කරමින් තිබේ. එය ලේ සෙලවෙන ජීවිත අහිමි වන සටනක් බවට පත් වනු ඇති බව එම පාර්ශවයේ තක්සේරුව වේ. දැනටමත් ජාත්‍යන්තරය රට අභ්‍යන්තරයේ සිවිල් ප්‍රජා, සමාජ මාධ්‍ය හා දේශපාලන පක්ෂවල සහයෝගය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම සටන් පෙරමුණට ලැබී තිබේ.

කෙසේ වෙතත් රට මුහුණ දුන් මෙම අර්බුදකාරී හා බරපතල අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අරලියගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස භාවිතා කරමින් මේ රටේ පුරවැසියන්ට එය සටන් මරමස්ථානයක් ලෙස පවත්වා ගනිමින් රට තුළ නීතියේ ආධිපත්‍ය, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නායකත්ව දීම, මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට ගත හැකි හොදම හා එඩිතරම දේශපාලන තීන්දුවයි. පරිනත වගකීමක් සහිත දේශපාලන නායකයෙකු ලෙස අගමැතිතුමා සමග අතවැල් බැද ගැනීමට මේ රටේ සිවිල් ප්‍රජාව තීන්දු කරනු ලැබුවේ මෙම දේශපාලන හැසිරීම මතයි.

කෙසේ නමුත් අවසාන වශයෙන් කිව යුත්තේ මතුපිට පවතින නිසල බව මෙම අර්බුදයේ ගැඹුර පිළිබදව අපට අදහසක් ලබා දෙයි. මෙම නිසංසල බව යට ඇත්තේ ගිනියම් වූ ලෝදියයි. එය කොයියම් මොහොතක හෝ පුපුරා යනු ඇත. එම නිසා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවා මෙම අර්බුදයට විසදුමක් ලබා නොදුන්නහොත්, ලේ වැගිරීමකින් මෙය අවසන් වීමට තිබෙන ඉඩ කඩ ඉතා වැඩිය.

Print Friendly, PDF & Email

මෙහෙමත් රටක් හැබෑටම

$
0
0

සසංක පෙරේරා

Prof. Sasanka Perera

ආචාර්ය සසංක පෙරේරා

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික‍්‍රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී, ශ‍්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ ජගත් වෙළඳ ප‍්‍රචාරණ පාඨයක් වන ‘‘ලෝකෙන් එකම රට’’ යන්නට අලූත් අරුතක් එක් කෙළේය. ඇත්තෙන්ම, සති අන්තයක් එළැඹෙන එක් සිකුරාදා රාත්‍රීයක​, අගමැතිවරයාට කිසිත් නොදන්වා ඔහුව එම තනතුරින් අස් කොට ඒ පිළිබඳ ගැසට් නිවේදනයකුත් නිකුත් කරන වෙනත් රටක් තවත් කොහේ නම් තිබිය හැකි ද? ව්‍යවස්ථා විශේෂඥයෙකු නොවන මට, සිකුරාදා රාත්‍රී ජනාධිපතිවරයා පෙන්වූ ඒ දේශපාලනික සෙල්ලම පෙනෙන්නේ, නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් වශයෙනි.

2015 දී සිරිසේන සහ වික‍්‍රමසිංහ යන දෙදෙනාගේම ආශිර්වාදය යටතේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමේ අරමුණ වුණේ, අගමැතිවරයාව හිතුමතේ වෙනස් කිරීමට ජනාධිපතිවරයාට තිබූ අත්තනෝමතකික විධායක බලය කප්පාදු කිරීමයි. මේ සංශෝධනය යටතේ අගමැතිවරයාගේ ධුරය අහිමි වනු ඇත්තේ, ඔහුගේ මරණයේදී, ඔහුගේ ඉල්ලා අස්වීමේදී හෝ ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහිමි වීමේදී හෝ පමණි. එසේ නැතහොත්, පාර්ලිමේන්තුවේ විශ්වාසය ආණ්ඩුවට නැති වුණොත් ය. ආණ්ඩුව කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති වීම සිදුවන්නේ, ආණ්ඩුවේ අයවැය පරාජය වීමේදී හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් සම්මත වීමේදී ය. (46.2 සහ 48). එහෙත් ඒ කිසිවක් දැන් සිදුවී නැත.

අලූත් අගමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇතත්, එම බලය ඔහුට පාවිච්චි කළ හැක්කේ දැනට බලයේ සිටින අගමැතිවරයාගේ ධුරය ඉහත කී යම් ක‍්‍රමයකින් හිස්ව ඇති අවස්ථාවකදී පමණි. ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වශයෙන් පත්කරනු ලැබිය යුත්තේය’’ යන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42.4 වගන්තිය යමෙකු ජනාධිපතිවරයාට වැරදියට අර්ථ ගන්වා ඇති බවක් පෙනේ. මේ වගන්තියේ නිවැරදි අරුත වන්නේ ඉලක්කම් පිළිබඳ කාරණයක් බව පැහැදිළි ය. එනම්, පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් සිටින්නේ කාට ද යන්නයි. ඔළුවක් නැති ලංකාවේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අතුරින් අඩු වශයෙන් 113 දෙනෙකුගේ සහාය ඔහුට තිබිය යුතුය. එහෙත් වික‍්‍රමසිංහව ඉවත් කිරීමේදී සහ රාජපක්ෂව පත්කිරීමේදී මේ මූලික අංකගණිතමය කාරණය ජනාධිපතිවරයා පැත්තකට දමා ඇති බවක් පෙනේ. වික‍්‍රමසිංහට පාර්ලිමේන්තුවේ විශ්වාසය නැතැයි සිතන ඔහු, රාජපක්ෂට එම විශ්වාසය ඇතැයි සිතයි.

එහෙත් එම කාරණයේ නෛතික භාවය පිළිබඳ විනිශ්චය කිරීම ව්‍යවස්ථා විශේෂඥයන්ටත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් (ප‍්‍රශ්නය එතැනට යොමු කළොත්), මම භාර කරමි. මට වඩාත් වැදගත් වන්නේ, මේ දිග හැරුණු සිද්ධියේ සදාචාරය සහ ශිෂ්ටත්වය පිළිබඳ කාරණාව ය. මේ මොහොතේ ලංකාවට අගමැතිවරු දෙදෙනෙකි. ඇමති මණ්ඩල දෙකකි. ඒ අනුව, එක පැත්තකින් රටේ සංවර්ධනය දෙගුණයකින් වැඩි කර ගැනීමටත්, අනිත් පැත්තෙන් දූෂණය සහ දේශපාලනික අල්ලස දෙගුණයකින් වැඩි වීමටත් ඉඩ තිබේ. ඒ සියල්ල අස්සේ, කඩාකප්පල් කිරීමට ලක්ව තිබෙන අපේ දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දීර්ඝ කාලීන පැවැත්ම පිළිබඳ දැඩි අනියත භාවයක් හොල්මන් කරයි. ඇත්ත, මෙහෙම රටක් නම් ලෝකයේ වෙන කොහේවත් නැහැ තමයි. සාමාන්‍ය බුද්ධියක් ඇති දේශපාලඥයන් සිටින, ශිෂ්ටත්වය සහ සදාචාරය පිළිබඳ අල්ප මාත‍්‍ර හැඟීමක් ඇති නායකයන් සිටින වෙන කිසි රටක් මේ විදිහට එක් සිකුරාදා හැන්දෑවක, කතානායකවරයාට පවා නොදන්වා, මුළු රටටම හොරෙන්, රටේ අගමැතිවරයාව ඉවත් කොට වෙනත් අගමැතිවරයෙකුව පත්කරයි ද? එපමණක් ද? චන්ඩි කමින් රජයේ රූපවාහිනී ආයතන අත්පත් කරගෙන අලූත් පාලකයාට කඬේ යාවි ද?

සිරිසේන ඔහුගේ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ මොරදුන්නේ රාජපක්ෂලාගේ ඥාති සංග‍්‍රහය, ආර්ථිකයේ අවපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව ය. ඒ චෝදනාවලට එදා ලක්වූ පුද්ගලයාම අද රටේ අගමැතිවරයා වශයෙන් පත්කරන්නේ මොන තර්කයක් මත ද? ඒ සඳහා ජනාධිපතිවරයා යොදාගෙන ඇති තර්ක, මකියාවෙල්ලි සහ කෞටිල්‍යවත් පරාද කරන තරම් ය. එසේම එය, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කළ සෑම පුද්ගලයෙකුටම නින්දනීය ලෙස ද්‍රෝහී වීමකි. ඒත්, අනිත් පැත්තෙන් බැලූ විට, වර්තමාන ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් මිනිසුන්ගෙන් මේ වෙලාවේ සදාචාරයක් හෝ ශිෂ්ටත්වයක් අප අපේක්ෂා කිරීමත් මෝල් වැඩක් තමයි.

වික‍්‍රමසිංහගේ පැත්තෙන් ගත් විට, පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සහ සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්බන්ධතාව තර කර ගැනීමට ඔහු වැඩිමනත් දෙයක් කෙළේ ද නැත. සිරිසේන සහ වික‍්‍රමසිංහ අතර පවතින දේශපාලනික වෙනස්කම් හුදෙක් දෘෂ්ටිවාදී ඒවාම නොවේ. ඒවා සංස්කෘතිකමය කාරණා ද වන්නේය. පංතිමය කාරණා ද වන්නේය. එය, ලෝකය දෙස බලන ආකාරයේ වෙනසක් සනිටුහන් කරන්නකි. පසුගිය දා වික‍්‍රමසිංහ සිය ඉන්දියානු සංචාරයෙන් පසුව නිකුත් කරන ලද ප‍්‍රකාශනය හරහා මෙරටේ ඉන්දීය ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සිරිසේන අකුල් හෙලීම පිළිබඳව කළ ප‍්‍රකාශය යහපත් දෙයක් නොවේ. ඔහු කී කාරණය සත්‍ය බව ඇත්ත. එහෙත් එය ලංකාවේ දේශපාලනයට ගැලපෙන දෙයක් නොවේ. විශේෂයෙන්ම, ඉන්දීය අගමැතිවරයා හමු වූ වහාම එවැනි ප‍්‍රකාශයක් කිරීම ප‍්‍රඥාගෝචර නැත. සිරිසේන ජාතිය අමතා කළ ආතක්පාතක් නැති කතාව තුළ ඔහු අවධාරණය කෙළේ ඒ කාරණා ය. වික‍්‍රමසිංහ සහ ඔහුගේ සමීපතම කණ්ඩායම රටේ වරප‍්‍රසාදිත පංතියකට අයත් වන බවත්, සාමාන්‍ය මිනිසාගේ හද ගැස්ම නොවැටහෙන පිරිසක් වන බවත් සිරිසේන කීවේය. ඒ කතාව වැරදි නැත. එසේම රජයේ දූෂණ ක‍්‍රියා ගැන ද සිරිසේන කතා කෙළේය. ඒ අතරින්, මහබැංකු බැඳුම්කර වංචාව ප‍්‍රධාන විය. ඒ සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ ආණ්ඩුව ප‍්‍රමාණවත් පරිද්දෙන් කටයුතු නොකළ බව ඔහුගේ චෝදනාවකි. එය ද සත්‍යයකි.

එහෙත් අපේ හිත් පටලවන සහ අන්දමන්ද කරවන කාරණය වන්නේ මෙවැනිම දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් මීට සුළු කාලයකට පෙරාතුව සිරිසේනම කී පුද්ගලයාව ඔහු විසින්ම දැන් අගමැති තනතුරේ පිහිටුවීමයි. ඊළඟට, එවැනිම දූෂිත ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ගෙන් දැන් අලූත් ඇමති මණ්ඩලයක් ස්ථාපනය කිරීමයි. ඒ කිසිවෙකුගේ එකී දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් සිරිසේනවත්, වික‍්‍රමසිංහවත් ගත වූ කාලය තුළ ක‍්‍රියාත්මක වුණේ නැති බව අපි දනිමු.

සිරිසේන කරන ලද මේ ක‍්‍රියාවේ ව්‍යවස්ථානුකූලත්වය සහ නෛතිකත්වය පාර්ලිමේන්තුව වහා කැඳවා පරීක්ෂාවට ලක් කෙළේ නම්, ඔහුගේ අධම ක‍්‍රියාව යම් ආකාරයකින් යුක්ති සහගත කරලීමට ඉඩ තිබුණි. එපමණක් ද නොව. වික‍්‍රමසිංහ ආණ්ඩුව මේ මස 5 වැනි දා සිය අයවැය යෝජනා ඉදිරිපත් කිරීමටත් නියමිතව සිටියේය. එය, වික‍්‍රමසිංහ කෙරෙහි වන විශ්වාස-භංගයත්, රාජපක්ෂ කෙරෙහි වන විශ්වාසයත් පළ කිරීමට අවස්ථාවක් කර ගත හැකිව තිබුණි. වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත හැකිව තිබූ ශිෂ්ට සම්පන්න සහ නෛතික ක‍්‍රමය එයයි. ඒ කිසිවක් නොකොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් සිරිසේන කෙළේ රාජපක්ෂලාට මන්ත‍්‍රීවරුන්ව මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමයි. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම මේ වන විට අත්දැකීමෙන් දන්නා පරිදි, ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, වැඩිම ඉල්ලූමට මන්ත‍්‍රීවරුන්ව වෙන්දේසි කෙරෙන මාරකැට්ටුවකි. ඔවුන්ව තෝරා පත්කර යැවූ අසරණ ජනතාවගේ අපේක්ෂා සහ ප‍්‍රාර්ථනා එහිදි වැදගත් නොවේ.

මේ නාටකය දිග හැරෙන විට රටේ සාමාන්‍ය මනෝ භාවය වී ඇත්තේ එක්තරා උදාසීනත්වයකි. ඊට බොහෝ කොට හේතු වන්නේ, වික‍්‍රමසිංහ පාලනය තුළ තිබූ අකාර්යක්ෂම ස්වභාවයයි. නායකත්වයේ තිබූ අකර්මණ්‍යත්වයයි. එක්තරා ආකාරයකින් රටට බෙහෙවින් අවශ්‍ය කොට තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය විවර වීම හැරුණු කොට, සිරිසේන-වික‍්‍රමසිංහ සභාගයේ වාර්තාව අසතුටුදායක ය. කිසි වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක් නැති, රාජපක්ෂ යුගයේ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව කිසි ක‍්‍රියා මාර්ගයක් නොගත්, ජීවන වියදම පාලනය කිරීමට කිසි පියවරක් නොගත්, දිවා රෑ තිස්සේ කතා කළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන කිසිවක් නොකළ සහ ආණ්ඩුවේම දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් කිසි පියවරක් නොගත් ඉතිහාසයක් ඊට තිබේ. එහෙත් ඒ තත්වය වික‍්‍රමසිංහට පමණක් බැර කළ හැකි නොවේ. සිරිසේනත් ඊට එක හා සමානව වගකිව යුතුය.

දැන් සිරිසේනගේ නවතම නාටකය නිසා ශ්‍රී ලංකාව පාහර රාජ්‍යයක තත්වයට වැටී ඇත. එරට පාර්ලිමේන්තුව, බල කොල්ලයේ සහ අශිෂ්ටත්වයේ තෝතැන්නක් බවට පත්ව ඇත. රටේ ආර්ථිකය, විදේශ සබඳතා සහ ජනතා පරමාධිපත්‍යයත් බල්ලාට ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය ගැන නාට්‍යයක් රචනා කිරීමට විලියම් ෂේක්ස්පියර්ට කීවොත්, ඔහුගේ එම කෘතිය තුළ එන, අප වැනි සාමාන්‍ය මිනිසුන්ගේ මතකයේ රැඳී සිටිය හැකි එක් වාක්‍යයක් මෙසේ වනු ඇතැයි මට සිතේ: ‘‘ලංකාව රඟමඬලකි. එහි සිටින ගැහැනු පිරිමි කවුරුත් රඟපාති. ඔවුහූ වේදිකාවට පිවිසෙති. පිටව යති. එක් අයෙක් තමාගේ නෘත්‍ය කාලය තුළ භූමිකා කිහිපයක් රඟ දක්වයි.’’

*2018 නොවැම්බර් 1 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “A Land Like No Other” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

මෛත්‍රී ගොඩ ආ යුත්තේ ළිං කටින්මය

$
0
0

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වසර 2015 දී තමුන් ලැබූ ජනවරම පසුගිය 26 වැනි දා සිකුරාදා හැන්දෑවෙ අශ්ලීල ලෙස මංකොල්ල කෑවේ ය. යුක්ති ධර්මයේ මූලික පදනමටත් නිගා දෙමින් නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයකු නිලයේ සිටිය දී වෙනත් අයකුගෙන් දිවුරුම් ලබා ගත්තේ ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණයක් කරමිනි.  ඒ කුමන්ත්‍රණයේ පදනම වූයේ ජාතික ආණ්ඩුවේ එක් පාර්ශ්වීය පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ජාතික ආණ්ඩුව ද අමාත්‍ය මණ්ඩය ද විසිර යන අතර ඒ අනුව පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ පත් කළ බව පැවසීම ය.

එහෙත් ඉබේ පුරප්පාඩු වූවා යැයි කියන අග්‍රාමාත්‍ය තනතුරින් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට  ජනාධිපතිවරයා පසුව ලිපියක් යැවීම ඔහුගේ තර්ක ඔහු විසින්ම බොරු කිරීමකි. අනෙක් අතින් පාර්ශ්වීය පක්ෂයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ආණ්ඩුව විසිරෙන බවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් සදහන් නොවීම ද විශේෂ කරුණකි. ඒ අනුව ජනාධිපතිවරයා සද්භාවයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති අතර එය බරපතල වරදකි. එම් නිසා ඔහුව දෝෂාභියෝගී චෝදනාවකට ද යටත් කළ හැකිය. 

ජාතික ආණ්ඩුවක පාර්ශ්වීය පක්ෂ එකට එක්වූයේ ගිවිසුමක් අත්සන් කරමිනි. එය නීත්‍යානුකූල බැදීමකි. එම ගිවිසුමෙන් එක් පාර්ශ්වයකට ඉවත්වීමට අවශ්‍ය වූවා නම් කළ යුත්තේ පළමුව නීත්‍යානුකූල ගිවිසුමෙන් ඉවත්වීම ය. දෙවැනිව ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ලිපි භාරදීමට තිබූ හදිසිය දෙපාර්ශ්වය විසින් අත්සන කළ ගිවිසුමෙන් ඉවත්වීමට නොතිබුණි. එය අවම සදාචාරය හෝ නොතකා හැරීමකි. 

ලංකාවේ අශ්ලීල, අසංස්කෘතික නීතිවේදීහු මේ දිනවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උරච්චි ගලක් කරගෙන තිබේ. ඒ අනුව තමන්ගේ පක්ෂපාතීත්වයට, වහල්කමට හා නිවටකමට ගැලපෙන ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උරච්චි කරති. අනතුරුව ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාවට එකග බව පවසති. මහජන ඡන්දයෙන් තේරී පත්වූවකු තම පදවියේ බලය පාවිච්චි කළ යුත්තේ තමන් ලැබූ ජනවරමට අනුව ඒ ජනවරම තුළ පිහිටමිනි. 2015 දී මෛත්‍රීපාල සිරිසේනට ජනවරමක් ලැබුනේ රනිල් වික්‍රමසිංහ අගමැතිවන ආණ්ඩුවක යහපාලන න්‍යාය පත්‍රය ඉටු කිරීමට ය.ඒ ඔහු ලැබූ ජනවරමේ සීමාවයි. එය ඉක්මවා ගොස් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයේ පිහිටුවා මැතිවරණයෙන් පරාජය වූවන්ට අමාත්‍ය තනතුරු පුද කර ආණ්ඩු හදන්නට මෛත්‍රීපාල සිරිසේනට ජනවරමක් නැත. ඒ අනුව ඔහු තමන්ට ලැබෙන බලයේ මූලාශ්‍රය ඉක්මවා ගොස් ඇත. එයම යුක්තිය උල්ලංඝනය කිරීමක් බව මේ නීවේදීන්ට නොපෙනීම අවාසනාවකි.

ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා නීතිය ද පනත් වල සදහන් නීතිය ද අවශ්‍ය පරිදි නිර්වචනය කළ හැකිය. ඒ නිර්වචනයන් තමන් සිටින සංදර්භයට අදාළව යථාර්තය වේ. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හෝ පනතක නීතියක් හෝ නිර් වචනය කළ යුත්තේ ඒ ඒ පාලකයා ලබා ඇති ජනවරමේ සංදර්භය තුළ ය. ඒ අනුව සලකා බැලූ විට මෛත්‍රීපාල සිරිසේන කර ඇත්තේ බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයකි. ඊටත් වඩා බරපතල ආචාර ධාර්මික හා සදාචාරවාදී සමාජ වටිනාකම් උල්ලංඝනයකි. යම් කිසිවකු 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා තේරුම්ගෙන චන්දය දුන්නා නම් අද වන විට ජනාධිපතිවරයා විසින් කර ඇත්තේ ඒ ලබාදුන් ඡන්දයේ ජනවරම අපයෝජනය කිරීමකි.  ඊට හේතුව වන්නේ 2015 දී ඔහුට ඡන්දය දුන් කිසිවකු මහින්ද රාජපක්ෂගේ අගමැති තනතුරේ නායකත්වයෙන් ආණ්ඩුවක් නිර්මාණය වේ යැයි සිහිනෙන්වත් නොසිතූ  බැවිනි.

මහජනතාවගෙන් යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ ඡන්දය ලබා ගන්නෙකුට තමා ජයග්‍රහණය කළ පසුව තමන්ට අවශ්‍ය පරිදි අත්තනෝමතිකව ක්‍රියා කළ හැකි යැයි කල්පනා කරන්නේ නම් එය බරපතල වැරදි ආකල්පයකි. මහජනතාව බලය දෙන්නේ යම්කිසි අරමුණකින් නම් බලය ලබන්නා ඒ අරමුණේ වපසරිය තුළ කටයුතු කිරීම අනිවාර්ය වේ. නමුත් ජනාධිපතිවරයා 2015 තමන් ලැබූ ජන වරමට පයින් ගසමින් මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන විට ඒ වරද පැමිණිලි කරන්නට ආයතනයක් නොමැත. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල දුර්වලතාවකි. එනිසා අසාධාරණයට හා මූලික් අයිතීන් උදුරා ගැනීමට ලක්වන්නේ ඡන්දදායකයා ය.

සමහර අවස්ථාවල මහජනතාවගෙන් ජනවරමක් ලබන පාලකයාට ලැබූ ජනවරමට පරස්පරව යන්නට විය හැකි අවස්ථා උදාවිය හැකිය. වර්තමානයේ දී වුවද ජනාධිපතිවරයාට තවදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කරන්නට අපහසු තත්ත්වයක් උදා වී තිබුණා විය හැකිය. එහෙත් එවැනි අවස්ථාවක දී ඔහුගේ අත්තනෝමතික අභිමතයට අනුව කටයුතු කරන්නට ඉඩදීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සපුරා පටහැනි ය. එනිසා කළ යුත්තේ ඒ සදහා සංවරණ හා සංතුලන ක්‍රමයක් () හදුන්වාදීම ය. එවිට ජනාධිපතිවරයාගේ ක්‍රියාව තවත් ආයතනයක් මගින් නියාමනයට ලක් වේ. එම ආයතනය බොහෝවිට ව්‍යවස්ථාදායකය විය හැකි ය. එවිට ජනාධිපතිවරයාගේ අදහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර පාර්ලිමේන්තුවේ නියාමනය මත එය ඉටු කිරීම හෝ නොකිරීම හෝ සිදුකළ හැකිය. අවාසනාවට එවැනි ප්‍රතිපාදනයක් ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවේ නොමැත. 

නමුත් ජනාධිපතිවරයා 2015 යහපාලන ප්‍රතිපත්ති වලින් සංස්කෘතිකව බැදී තිබුණා නම් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොමැතිව වුවද උපදෙස් පතා පාර්ලිමේන්තුවට යන්නට හැකියාව තිබුණි.  ඒ අනුව ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාස භංග යෝජනාවක් ගෙනවිත් උක්ත කරුණු සාකච්ඡා කරන්නට අවස්ථාව තිබුණි. ඊට ලැබෙන පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය මත නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කරන්නට හෝ නො එසේනම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම සිදු කළ යුතුව තිබුණි. එසේවූවා නම් ජනාධිපතිවරයාට ඇති සමාජ ගෞරවය ශක්තිමත්ව තහවුරු වන්නටත් ක්‍රියාදාමයට විශාල සුජාතභාවයක් ලැබෙන්නටත් ඉඩ තිබුණි.  

නමුත් එවැනි ප්‍රාජතන්ත්‍රවාදී ක්‍රමයක් අනුගමනය කරන්නට ජනාධිපතිවරයාට නොහැකිවූයේ මෙය බල දේශපාලන ක්‍රීඩාවක් වූ බැවිනි. ජනාධිපතිවරයාට මූලිකවම අවශ්‍ය වූයේ 2015 ජනවරමට අනුව යහපාලන ප්‍රතිපත්ති ඉෂ්ඨ කිරීමට නොවේ. ඔහුට බලයට ආ පසු අවශ්‍ය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමයි. අවසානය වනවිට ඔහුගේ හිස ගිනි ගන්නා ප්‍රශ්නය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී තමන්ට අත්වන ඉරණමයි. ඒ නිසා ඔහුගේ අඥාණ උපදේශක බමුණන් සමග ගන්නට තිබූ නරකම තීන්දුව ගත්හ.  එය හොදින්ම පැහැදිලි කළේ වාසුදේව නානායක්කාර ය. ජනාධිපතිවරයාගේ අවලස්සන ක්‍රියාවෙන් පසුව පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතු ඔහු කීවේ “මෙය ව්‍යවස්ථාවක් එක්ක කියවන්න යන්න එපා. මේක දේශපාලන ගේමක්. අපි ගේමක් දුන්නා. යූඑන්පී එකටත් කියන්න ප්‍රති ගේමක් දෙන්න කියල” යන්නයි. වාසුදේව කියන පරිදි මෙහි ඇත්තටම කතාව එයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට දුන්නේ ගේමකි.

එහෙත් ඒ ගේමෙන් බරපතල පහර වැදුනේ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මයන්ට ය. ඔහු අමු අමුවේ උල්ලංඝනය කළේ අගය කළ යුතු සංස්කෘතික වටිනාකම් ය. 1978 වෙළෙද පළ ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමග සමාජය ද ක්‍රමයෙන් පාදඩ වූ අතර ඒ පාදඩ දේශපාලන සමාජයට මෙවැනි හැසිරීම් නිසා බලවත් උත්තේජනයක් ලැබුනත් සංස්කෘතික වටිනාකම් විනාශවීම දිගු කාලීන ව්‍යසනයකි. ලෝකයේ නන්දෙසින් අපවාද ගලා එන්නේ එබැවිනි. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයකු මහින්ද රාජපක්ෂගේ පත්වීම පිළිනොගන්නේ එබැවිනි. විශාල ආර්ථික සම්බාධකයන්ට මුහුණ දෙන්නට රටට සිදුවන්නේ එබැවිනි.

මේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයෙන් ආතතියට පත්වූයේ එක්සත්ජාතික පක්ෂය පමණක් නොවේ. මේ වනවිට ජනාධිපතිවරයා ද රාජපක්ෂ කණ්ඩායම ද විශාල ආතතියකට පත්ව සිටී. ඊට හේතුව තමන් විසින් අටවන ලද උගුලේ තමන්ම හිරවීම ය. පෙනෙන්නට තිබෙන චිත්‍රයට අනුව කිසිවකුට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැත. බහුතරය ලබා ගැනීම සදහා ද ජනාධිපතිවරයා කරමින් ඉන්නේ ආචාරධාර්මික නොවන පරිදි මන්ත්‍රීවරුන් බා ගැනීම ය. කෙසෙල් කැනක් හොරට කැපුව එකා එතැන සිට සියල්ල කරන්නේ හොරට ය. ජනාධිපතිවරයාටත් සිදුව ඇත්තේ එය බව ලැජ්ජාවෙන් වුවද පැවසිය යුතු ය. 

මේ අතර මහින්ද රාජපක්ෂ සමග දුරගමන් යෑම ශරීර සෞඛ්‍යයට නුසුදුසු බව ජනාධිපතිවරයාත් නොදන්නවා නොවේ. මේ වනවිටත් ජනාධිපතිවරයාට මදි පුංචිකම් සිදුවෙමින් තිබේ. යම්හෙයකින් මහින්ද රාජපක්ෂගේ තනතුරට සුජාතභාවයක් ලැබුනහොත් ජනාධිපතිවරයා ක්ෂුද්‍ර ජීවියකු බවට පත්වන බව රහසක් නොවේ. ඒ නිසා ජනාධිපතිවරයා ප්ලෑන් බී ද සලකා බලමින් සිටින බව වාර්තා වේ. ඇත්ත්ටම ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තිබෙන්නට ඇත්තේ සංස්කෘතික නොගැලපීමක්ය යන්න ජනාධිපතිවරයා පැවසූ ලෙසින්ම සත්‍ය විය හැකිය. එහෙත් ඒ නොගැලපීම සමනය කර ගන්නට ඔහු භාවිතා කළේ ආචාරධාර්මික නොවන ප්‍රවේශාත්මක උපක්‍රමයකි.  ඒ නිසා මේ වනවිට ඔහු 2015 සමාජ බලවේගයන්ගේ වෛරයට ලක්ව තිබේ. කොහොමටත් ජනාධිපතිවරයා රාජපක්ෂ බලවේගයේ හතුරෙකි. එනිසා අවම වශයෙන් එක් කෝටියක ජනතාවගේ නොරිස්සුමට ජනාධිපතිවරයා මේ වනවිට ලක්ව තිබේ.

දැන් අතරමැදි විසදුම් නොමැත. මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ නොමැති එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයකු සමග ආණ්ඩු කරන්නට ජනාධිපතිවරයාට සුජාතභාවයක් නොමැත. එනිසා කළ යුත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවීමයි. පාර්ලිමේන්තුව කැදවා මේ අව නඩුව විසදා ගන්නට පාර්ලිමේන්තුවට ඉඩදීම හැර ජනාධිපතිවරයාට වෙනත් විකල්පයක් නැත. එහෙත් එය ජනාධිපතිවරයාට තවත් අර්බූද රාශියක ප්‍රවේශයක් වන බව නොකියාම බැරිය. නමුත් ළිදේ වැටුන එකා ගොඩ ආ යුත්තේ ළිං කටින්ම බව අපේ ජනසමාජයේ කතාවක් පවතී.

Print Friendly, PDF & Email
Viewing all 2981 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>